කලකට ඉහත
සොඳුරු දිනයක
මම ඔබවිය.
ඇය මා විය,
ඔබ මා සෙනෙහස
තුරුළු කළ සේ
මා ඇය
තුරුලේ හොවා
අට වසක් ගෙවුණු
සොඳුරු දිනයට
මට ඔබම වන්නට
නොහැකි විය!
කලකට ඉහත
සොඳුරු දිනයක
මම ඔබවිය.
ඇය මා විය,
ඔබ මා සෙනෙහස
තුරුළු කළ සේ
මා ඇය
තුරුලේ හොවා
අට වසක් ගෙවුණු
සොඳුරු දිනයට
මට ඔබම වන්නට
නොහැකි විය!
වන උයන්මැද
සිරි අසිරියෙන්
අමන්දානන්දයට
සපැමිණි
මනමේ කුමාරී
වේදිකා මැද
මිහිරි ගී ගායනා
සවන් තුටින්
පිනා යන්නා
මනමේ කුමාරී
සීත මද නළ
වා කව්ළුවෙන්
විඩානිවනට
වැතිර සිටිනා
පොඩි කුමාරී
ඇසීගායන
නොතේරෙන
බස් වහරකින්
සුසුම් ලෑවා
පොඩි කුමාරී
සිගිති දියණිය ///
වේදිකා වේ මස්තකයේ
රගනවා ඔබෙ සොයුරියන්
සිගිති දීයණිය //
ඒ නුවන් තුල
ඔබ දකිනට
අප දැරූ තැත්
සිගිති දියණිය
සිගිති දියණිය///
වේදිකාවේ...
දෑස් අබියස
දිවි ගිලිහී ගිය
සිගිති දියණියේ
ගුරු හදවත් කම්පන කල
සිගිති දියණියේ /////
හාහා හා ////
වේදිකාවේ...
වේදිකාව අද ගයන්නට
ඔබ සිටියානම්
සිගිති දියණියේ //
අනේක වර
පැතුම් පැතුවා
සිගිති දියනියේ ////
වේදිකාවේ ...
ඉඩෝරයේ අතරමැද
ගිනියම් අව්වේ
වියැලීයන ගොයම,
සිසිලසක් කියාහුන්
හමා ආ වියලි සුළඟ
නුඹ,
කිසිදු තෙතමනයෙක්
නොමැතිව
ඉතිරිවී තිබූ දියබිඳු
උකහා ගියෙන්;
ඉපනැලි අහසට විහිදා
ගොළු ගොයම
නුඹේ සැඩ ගමනින් ඇඹරී
නගනා අදෝනාව
නෑසුකන්ව සාරය රැගෙන
ඈතට ඈතටම යන
නුඹ,
සුළඟ!!!
හීන් හිරිකඩ
මල් තුහින
පෙතිතෙමෙන
පොදවැස්ස
වහංවන්නට
පාළු අම්බලමට
ගොඩ වුනා
හනි හනිකට
තනිබංකුවේ
තට්ටතනියම
තට්ටමතබා
තපින්නට උනා
අම්බලම දැන් නැත
නැවතුම්පොළකි
ගමන් යන එන
රථ හැම පසුකරන
රථය එන තෙක්
හදේවූ තනිකමත්
සමගින් හාදවී
උන්නා පාළුවේ !!!
අදුරු කළුවර
සීත සුදුමුදු
සැප සනීප
වියත් සභාගර්භයේ
උස්පහත් ස්වර සංයෝගයේ
කට හඩින් මන්මත් කල
සොඳුරු ලාලිත්‍යයේ
සංගීත සුසංයෝගය
තේරෙන නොතේරෙන
අමුතු බස් වහර
එකහුස්මට නොනවත්වා
වාතලයට මුසුකල අපූරුව
සියළු මානයක් සිසාරා
ශෘංගාර උපද්දා
නිශාන්තය එකළුකල
සොඳුරු ඔපෙරාව
පින්වන්ත කුමාරයෙක්
අගුපිලක ඉදුල් වලන්
සෝදති හරි පරිස්සමෙන්
ශෝභමාන රොඩී කෙල්ලක්
පිල් පඩියේ මත හිදගෙන
මුකුළු පාති ආදරයෙන්
කිරුළු පලන් කුමාරයා
රාජ සුවය අත්හැර දා
පැල්පතකට මාරු උනා
කැලේ උපන් සොඳුරු මලක්
නුරාබැලුම් එක් පහරින්
වහවැටුනා කුමාරයෙක්
කුමාරයෙක් නොම දන්නේ
සොඳුරු තරුණයෙක් දුටුවේ
රොඩී කෙල්ල පෙම් බැදුනේ
සෙනෙහස පා මේ දෙදෙනා
කුලයන් හැම නොම දන්නා
කුඩා පැල්පතේ උන්නා
සොඳුරු කටහඬ
නුපුරුදු නැතිමුත්
දුන් පණිවිඩ
අකමැති සැමවිට
තරහ අවුස්සා
විසිකර දැමුවත්
හඬට නොදෙවනි
කෝල බැල්මෙන්
හද කිතිකවා
හඬ උපද්දා
ශෘංගාර ජනිත කර
හඬ, රුව, කෝල කම්
එකට කැටිකොට
නව මානයක්
පෙන්වා වදාරා
නැවත නැවතත්
ඇස් කන් පිනවූ
ඒ
මානවිකාවිය,
දිනගනන්
සමහරවිට
සතියක් ඉක්මවා
අහස් කළු කර
මුහුණ එල්ලාගෙන
අනෝරා වැසි පරයා
නොනැවතී වැටෙන
මල් තුහින!
නිල් අහස පාදා
හිරිකඩ නවතා
වලාකුළු පළුදු
අතරින්
අදුරු සිත් සනහා
මහ පොළොව
පතිතවන
හිරුකිරණ!
ගුරුපාර දිගේ ඇවිද ගිය මම තිගැස්සී බැලුවේ ශබ්ද නගා මා පසු කර වේගයෙන් ගිය ස්කූටර් දෙකක තරගය නිසාවෙනි. කාලාන්තරයක් පසුවී ගම පැමිණි මට එහි වූ වෙනස පෙනුනත් මහා විශ්මයක් ඉන් ජනිත නොවීය. ඒ වෙනස මාවිසින් බලාපොරොත්තු වූවා වියහැක. ඈත වෙල් යාය සිඹගෙන පැමිණි මද නල මා සිරුර සනහාලූයේ ගම පැමිණි කාරණය සර්වසම්පූර්ණ කරමිනි.
ඈත යන ස්කූටර් දුටු මට සිහිපත් වුනේ පෙර දිනයක මා සොයුරු හා සම මිතුරන් හා සමගින් කෙළිදෙලෙන් ගතකල සුන්දරතම කාල වකවානුවේ අසිරියයි.
පයින් ඇවිද තුරුසෙවනේ උන් සමගින් ගිය මම අද තනිව ඉබාගාතේ ඇවිද යමි.
ගම අතහැර ගියේ රට රාජ්‍ය අත්පත් කිරිමට නොවුවද තිබූ බලාපොරොත්තු බිදී මෙලෙස නිච්චාභංගත්වයට පත්වේයැයි, කිසිදා නොසිතුවෙමි. ගමත් එක්ක අත්හැරුනේ මිත්‍රත්වයට එහා ගිය සහොදර කමින් වෙලුනාවූ කොළු කෙලි ගොන්නකි.
ගමින් ඔබ්බට තැනින් තැන මිතුරන් හමුවුවද සැබෑ මිතුරන් වූයේ ඉන් එකෙක් හෝ දෙදෙනකි. එක්ව යාහැකි දුර කෙටිවිනි, ගමනේ අදියර පසුකරනවිට උන් උන්ගේ මගේ ගියහ. තාවකාලික තොටුපොළ මෙන් වූ බොහෝ මිතුරු ඇසුර වැස්සකට ඉහළූ කුඩ මෙන්, වැස්ස අවසන අකුලා තැබුනු තැන් සෙවීම් අපහසු වූ.
දියුණුව හැරදා පශ්චාත්තාප වීමට මූලික හේතුව හුදකලාවමැයි එකහෙලා නිශ්චය කල නොහැක. නමුත් යමක් වැරදී කොටසක අඩුවක් දැඩිලෙස දැනේ.
සියල්ල අත්හැර නැවත ගම ආමි. එහි හේතු සෙවීමට උත්සුක නොවූයේ කිසිවක් හරිහැටි පසක් කිරීමට නොහැකි නිසාවෙනි.
ගම එසේම විය, ගමේ බයියෝද සිටියහ. කලක් එකට සිටිඋන් අතින් කටින් එල්ලාගෙන කරකියා ගත නොහී හිටිවනම සිටියහ. දුටු සැනකින් නැගුණු සිනහවත් අව්‍යාජ සතුටු කදුළුත් ඉපැරණි සෙනෙහස විදහා පෑය.
ඔවුන්ද තිබූ මගේ ගොසිනි, ගුරු පාර දිගේ තවත් ඉදිරියට ඇදෙන විට නැවත සිසිල් සුලං රැලි මාගත සැනහෙන ලෙස හමාගියද එය කිසිදා පෙර හමාගිය සුලං රැල්ලම නොවන්නේය.
වචනනැති කතා!
සිසිල් සුලං රැලි
මල් මදහස පානා
මල වටේම දැවටීලා
සොඳුරු සෙනෙහෙ පාලා
මෘදු සුවෙන් සනහාලා
මලේ සුවඳ පමණක් ගෙන
දුර ඈතට නැවත නොඑන
සුළඟ ගියා මලෙන් එපිට
මලේ සුවඳ හදේ රැගෙන
හදේ රැඳුණු මල් සුවඳත්
මලට අයිති නැතිවීදෝ
සුළඟ අයිති කරගෙනදෝ
මලට අහිමි මලේ සුවඳ මඳ සුළඟේ පාවෙන්නේ
ඒ සුවදින් පරිසරයම
සුවඳ දියෙන් නැහැවෙන්නේ
දිදුළන පුරහද අහසේ
ඝනදුර මැකෙනා රාත්‍රියේ
ඔබ නොමැති කාන්සියේ
සද එලිය දිගේ
ගියා සොයා මහාරැයේ
තුංමන්හන්දියේ පාර දිගේ
සද නොයනා මාර්ගයේ
සද එලියට පිටුපාලා
පිටත් වුනා මද අදුරේ
අත් පටලා ගිය පාරේ
අප හිමිනැති මාර්ගයේ
ඔබව සොයා රාත්‍රියේ
දුරකට ගියා පාර දිගේ
සද නුඹගැබ එලෙසින්නේ
නුඹ ගැටුණද පාර කොනේ
අප දෙදෙනා එකගමනේ
යන්නට බෑ පෙරලෙසිනේ
දිදුළන පුරහද අහසේ
ඝනදුර මැකෙනා රාත්‍රියේ
ඔබ නොමැති කාන්සියේ
සද එලිය දිගේ
ගියා සොයා මහාරැයේ
තුංමන්හන්දියේ පාර දිගේ
සද නොයනා මාර්ගයේ
සද එලියට පිටුපාලා
පිටත් වුනා මද අදුරේ
අත් පටලා ගිය පාරේ
අප හිමිනැති මාර්ගයේ
ඔබව සොයා රාත්‍රියේ
දුරකට ගියා පාර දිගේ
සද නුඹගැබ එලෙසින්නේ
නුඹ ගැටුණද පාර කොනේ
අප දෙදෙනා එකගමනේ
යන්නට බෑ පෙරලෙසිනේ
පෙර දිනයක
මා අතගෙන
උයන් අතර ඇවිද ගිය
දැන් ඈ අතගෙන
වෙරළේ ඇවිදින
මන රග
ඔබ උරතලයේ
මාහට නැත ඉඩ
අත්පත් කර ඈ
උණුසුම් පපුගැබ
ආදර වදන් ඔබෙ
මාවෙනුවෙන් නැත
ඒ හැම වචනම
ඈ වෙනුවෙන් ඇත
මාගේ හදතුල
ඔබගේ ගුණයෙන්
මෝරා වැඩුණු
ආදර බීජය
අප අතරට විත්
සිනා කවට කෙලි
සිත් මන බන්දා
මට ඔබ
අහිමියි.
ආදරය පිළිබඳව කතා කරන බොහෝවිට විවිධ පැතිකඩ ඔස්සේ විශ්ලේෂණය කලද අවසන සලකුණු දෙකකට උක්ත මාතෘකාව නාභිගත වේ.
එනම්
සැබෑ ආදරය හා
විරහව වේ
සැබෑම ආදරය ගැන කියන විට උද්දීපනය කරනුයේ එකිනෙකා ගැන ඇතිවන අන්‍යොන්‍ය බැදීම හෝ අවබෝධය නොවේ, කල කැපකිරීම් ගොන්නකි.
එනම් සැබෑ ආදරය යනු කැපකිරීම් ද?
එවන් කැපකිරීම් මගින් ලැබුනුයේ විරහව පමණකි. එසේනම් සැබෑ ආදරය ලෙස විරහවේ එක් පරිච්ඡේදයක් ගනහැර දැක්වීම මුලාවේ දැමීමකි.
සැබෑ ආදරය එක් අයුරකින් නිදහසේ අත්හැරිමකි. ලැබිය නොහැකි දෙයකට ආසාකිරීම මෝහය ලෙසත්, අත්හල දෙයට ආදරය කිරීම ලෝභය ලෙසත් පුරෝකතනය කලහැකිය.
ආදරය හිමිකර ගත්ත උන් ද ඒ ගැන මැසිවිලි මිස අන් දෙයක් දොඩනුයේ මුල් කාලයේ හෝ ඉතා අහම්බයකිනි.
ආදරය යන්න අනුන්ගේ ජීවිත කතා හා රචකයින් ගේ පරිකල්පනයෙන් සුපෝෂිත වූ කතා සාරයේන් ජනිත කල මයා ලොවක සිරි අප හිත් තුල කිදා බැස ඇත.
සැබෑම ආදරයත් හිතේ ඇති පුහු ආටෝපී ආදරයත් අතර ඇති වෙනස නිසා ආදරය කියා විරහව බදා වැලපෙමින් සිටිමු.
ආදරය, ආදරය ලෙසම නිවැරැදිව දකින්නට හා හරිහැටි විදින්නට හේතු වාසනා!
කටුසටහන.
I loved you
Not any more
I love
The bundle of joy
You nurtured
I love
the smile
You cherished
I love
The cry
You hold
I loved you
now I
Love you
More
කොටුපවුරු තුල හිදිනා
කව්ළු තුලින් එන සුළඟේ
සිසිල් සරින් ගත සැනුනා
පියසි අතර වියසිදුරෙන්
එන පොඩි හිරු රැස්වැටියෙන්
නුඹකුසවූ හිරු දුටුවා
පතුල නොපෙනෙන අදුරු ළිඳේ
බොර වතුරෙන් ඇඟ තෙමුනා
ඇලේ දොලේ සිහි නැගුනා
සීතසමේ හදවත් ඇති
පාලකයන් මුණගැසුනා
සිතුවිලි ටික ගල් ගැසුණා
පණ්හිඳ ටික ටික
මොට කර
දැන් එය අත නැති
අත පමණක් ගෙන
වැල්ලේ ලියූ
රැල්ලේ ගසාගියා
වචනයකට සීමාවූ
හීන් කෙඳිරිලි
මුක වාඩම් බැඳ
හදේ ජනිතව
කැකෑරෙන පීඩා
තැම්බූ හදවත
රටේ හැම තැනකම හා හැම ස්ථරයකම කදු ගනන් කුනු ගොඩ ගැසී ඇත.
පිරිසිදු කිරීම හරිහැටි සිදුනොවනවා සේම කුණු බැහැර කිරීමද නොහොඹිනා අයුරින් සිදුවෙ. එසේ ගත් කල පාලකයන් පාලිතයන් හා මහජනතාව යන් සියල්ලෝ වැරදි කරුවෝය.
මූලිකම වරද ඇත්තේ නොහොඹිනා ලෙස කුණු බැහැර කරන මහජනතාවයි. ඊලඟට පවිත්‍රතා කරුවන් වේ.
ඔවුන් අතින් ඒ කාර්යය නොකෙරෙන තැන දැන් මහජනතාව සුද්ද කිරීම අරඹා ඇත්.
බොහෝ ආයත මගින්ද මෙය සිදුකෙරේ.
මේ පිරිසිදු කිරීම් අතර කුණු වලට අමතර තව දේවල් ඉවත් කිරීම සිදුවේ. ඒ හිතුමතේට හැදුනු ගස් අතු හා තෘණ වර්ග වේ. මේවා කුණු ගනයට අයත් නොවේ. එසේනම් ඉන් ගම්‍ය වන්නේ නාගරික පරිසරය පිරිසිදුකර පවත්වාගෙන යන ආයත්නයන් හි ඇති අකාර්යක්ෂම හෝ අකර්මණ්‍ය ස්වභාවයයි.
මහජනයා එක්ව පිරිසිදු කිරීම ඉතා හොඳ ප්‍රවනතාවක් එසේම නිසි ආයතන හා ප්‍රධානීන් තම කාර්යය නොපිරිහෙලා ඉටු කිරීම මැනවි.
ප.වි.
ලාංකික ආයතනයක සේවකයින් floating market අවට පිරිසිදු කරන අවස්ථාව හා සම්භන්දයි
නිදියාගෙන
වසුරු දැමීමට
පමණි
අද ඇති
නිවෙස්
ගොඩ ගැසී
වැඩ ගොඩ
ඇත තැනින් තැන
බාගයට නිමවී
රෑට රෑවී
වැඩ නිමවී
තවත් රෑවන
පාරේ ජරමර
උදේ පාන්දර
උයාගන්නා
නැවත පාරට
අපේ ජීවිත
පොඩි පැලවලට
සෙවන දුන්
මහ රූස්ස
ගසක් වීනම්
පොඩි පැලවලට
නියන් කල
ජල බිදක් දුන්
වැස්ස වීනම්
පොඩි පැලවලට
රෑ තනියට
එළිය දුන්
සදක් වීනම්
පොඩි පැලවලට
රදන්නට හැකි
බුරුල් පස වූ
පොළොව වීනම්
පොඩි පැලවලට
ආලොකය වී
ජීවදුන්
හිරු වීනම්
පොඩි පැලවලට
හැඩිදැඩි ව වැඩෙන්නට
දිය දහර දුන්
ගගක් වීනම්
මේ සියල්ලට
එපිට
යමෙක්
වීනම්
ඒ
තාත්තා
නම් විය
උයන් මග
රූස්ස ගස්
සෙවන යට
යට ගිය
දවසක
උරෙනුර නොගැටී
ගොළුබෙලි ගමනින්
සිනාසිසී
ඇවිද ගිය
ප්‍රේමනීය
හැන්දෑව.
ඔබ මගේම
අපි අපේම
වූ පසු
සෑමදා එන සැදෑව
ඒ හැන්දෑව ම
නොවනන වග
සිහිකල
කාලයේ වැල්ලේ
සැගව ගිය
සොඳුරු මතක !
වත්තන් කරන්
දරු පැටවුන්
කඩ පිලේ කොනක
රවටමින් උන්
කඩ චෝරු හංගමින්
ඇකයේ එකෙක්
කිරිබොත්
අතේ එල්ලී
අනෙකා
කොළුපැටවා
පැන පැන
එහෙමෙහෙ
දිව්වත්
පොඩි පොඩි
රණ්ඩු සරුවල්
කඩ පිලේ
සැම තැනම
සිනා මල්
හිස් කොලයක
හිස් ඉඩ අතරින්
අඩුව පුරවන්නට
අකුරු සතරක්
නැති හැඩයි.
හිතම හිස් වී
කිසිම පදයක්
අකුරු වන්නට
වාසනාවක්
නැති හැඩයි.
හිස්ම හිස් කොල
දුසිම් ගනනක්
එකට කැටිකොට
"නිමි" ලියූවා
හරි හැඩයි.
දොර වැසුනා පමණි, දූවිල අවුස්සාගෙන් රථය වේගයෙන් ඉදිරියට ඇදීගියා.
මොහොතකින් වංගුව පසුකර නොපෙනී ගියේ ගුරු පාරේ ඇය තනිකර දමමිනි.
වෙනදා මෙන් යන්නම් හෝ වෙනත් සුභ පැතුමක් නොමැතිවම පිටත් වීම ගැන සිතී ඇය සුසුම්ලෑවාය.
මුලසිටම ගමනාගමනය දක්වා රථය තුල පැවතියේ දැඩි නිහඬතාවයකි. එය පරයා වචනයක් පිටකලද විවිධ මාදිලියේ නලාශබ්දයන් ගෙන් පිරුණ මාර්ගය විසින් කාබාසිනියා කර කතාවකට ඉඩක් නැතිම කර දැමිණි.
මුළු ගමනම ගිනිකබලේ ඉන්නා සේ දැනුණු නිසා බසින්නේ කොයි වේලේදෝ කියා නොඉවසිල්ලෙන් ඇය සිටියාය. තමා අතින් සිදුවූ සුළු වැරැද්ද මෙතරම් පීඩනයකට ඇය පත්කරතියි කියා කිසිවිටෙකත් නොසිතූ නිසා වාහනයට ගොඩවීමේ වැරැද්ද ගැන මහත්සේ පසුතැවුනාය.
මෙලෙස බුම්මාගත් විලාසයෙන් තරහින් පුපුර පුපුරා යනවාට වඩා බැන්නානම් හෝ ගැසුවානම් හොඳ යැයි සිතුවාය.
රිය කව්ලු අතරින් අනන්තය සෙවූ ඇය දැන් ඉන් බැසගති.
බුම්මාගත් රබර් ගස් වැටිය අතරින් වැටුණු අඩිපාර දිගේ බඩවැටිය දෙසට ඕ ගමන් කලාය.
රූස්ස පොල් ගස් ඇති පොල් වත්ත මැදින් හවස් කොරේ හෙමින් ගිය නයිදේ, මදක් නැවතුනේ හැමදාම දකින පොල් රුප්පාවේ අමුත්තක් දැකීම නිසාම නොවේ.
මද පවන විඩාබර ගතට සුවයක් ගෙනදුන් නිසා ලද සිත් සැහැල්ලුව නිසාවෙනි. සුළග පොල් අතු එහෙ මෙහෙ අත පද්දයි, එයට ලොල්වූ අතු තව තවත් හැකිතරම් ඒ මේ අත සැරිසරනු දුටු විට කට කොනින් සිනහවක් නැගුනේ එහි ඇති හාස්‍යයක් නිසාය.
ඔය අතු කෙතරම් දැගලිලි දැම්මත් එය අත්තේ දිගට සීමා වී ඇත. ඉන් එපිටට යතොත් යන්නේ අත්ත බිදගෙනයි. එවිට ජීවයරහිතව ගස පාමුලටම ඇදවැටෙයි. සැඩ සුළඟ ට හසුවූවා අතුඉති බිදී තැනින් තැන ඈතට විසිවනු ඇත. තිඹිරි ගෙයි වැලලීමට ද ඉන් ඉඩ ඇහිරෙන හැඩකි.
තමන්ව පිළිඹිබු වන අතු අතර කෙටි කලක් කල්පනාවේ නිමග්නව සිට යන්නට විය.
රූස්ස පොල්ගස් දැන් වයසට ගොස්, වැඩි ඵලදාව දෙන පොඩි පොල් පැල පෙලින් පෙලට එක දිගටම පැලකරලා. පොඩි ගස් ටික ටික ලොකුවන විට මහගස් එකිනෙක මහ පොළොවට වැටෙන බැව් සිතමින් හේ වත්තෙ මායිමෙන් ඕවිට අද්දරින් පැන නොපෙනේ ගියේය.
නාන කාමරයේ කරාමය කිරි කිරි ගා වැසෙන හඩින් පසුව දිය බිදිති වැටෙන අතරේ ඉන් එළියට පැමිණි ඔහු,
මදක් නැවතී ඔළුව උස්සා බැලුවා!
කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන සිටින පුද්ගලයා හදුනා ගැනීම ඔහුට අපහසු විය.
ඉදිරියේ පෙනෙන කවන්ධ සිරුර තමාගේම ශරීර කූඩුව යන්න පසක් කරගැනීමට ඔහු නිතැතින්ම බඩ අත ගෑවේය.
සිහි එළැඹි පසු, විපරමින් බැලූයෙන් මුලින්ම පෙනෙන්නේ ඉදිරියට නෙරා ආ අලි බඩගෙඩියයි. පෘශ්ටිමත් වුවත් එය පෝෂණ ඌනතාවයක් නිසා රෝගයකින් හටගත් මන්පෝෂණ තත්වයක් විදහා පෑවේය. වකුටු වූ උරහිස්, වලගැසුණු ඉලඇට ඒ පෙනුම තවත් තීව්‍රර කෙරිණි.
යට කොටසට බැල්ම දැම්මා පමණි, එහෙ ඊට හපන්. කොස් ගෙඩියකට පොල් කොට සවිකලාක් මෙන් බඩත් දෙපාත් දිස්වුනා ඇරෙන්නට වෙන වැදගත්කමක් නොවීය.
මෙම විපරියාස කවදා කෙසේ සිදුවූවක් දැයි සිතා ගැනීම අපහසුවූ ඔහු අවසාන නිගමනයකට එළැඹිණි! ඒ තමා කාලාන්තරයකට කණ්නාඩිය ඉදිරියට පැමිණ නැතිබවත් හා නැවත කාලාන්තරයකට එය ඉදිරියට නොපැමිණෙන බවත් යන්නයි.
කණ්නාඩියෙන් ඉවත් වූ ඔහු සුපුරුදු පරිදි රෙදි වැරලි ඇගලාගෙන කාරිය කෙරුමට පිටවිණි.
....................
නාන කාමරයේ කරාමය කිරි කිරි ගා වැසෙන හඩින් පසුව දිය බිදිති වැටෙන අතරේ ඉන් එළියට පැමිණි ඔහු,
මදක් නැවතී ඔළුව උස්සා බැලුවා.
කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන සිටින පුද්ගලයා හදුනා ගැනීම ඔහුට අපහසු විය ,,,,,,,,
ඩොං ගෑව
විදුලි බලය
බිදව්ටුනා!
හතරවටේ
මහඝෝශා
නතරවුනා.
නිස්කලංක
පරිසරයම
නිහඬ බවින්
මුදාහරින
කුරුළු නාද
කොල සෙලවෙන
මිහිරිනාද
පිරීගියා
සතර අතේ.
සිත් සුවපත්
කරමින්නේ
නිහඬ බවක්
රජයන්නේ
නිහඬ බවට
අයිති හඬත්
කෙසේ නමුදු
රැකගන්නේ
හීන්සැරේ
කනට කොදුරා
සිත කිතිකවන
ඔබේ කටහඩ
අනන්තයට එහාමුත්
අත පොවන
මානයේමෙන්
හිත ලගට විත්
මියැදුණු සිත් සත
නැවතත් වාරයක්
අවදි කර
සිනහවෙන්
ලගට නෑවිත්
කිසිදිනෙක
හඩ පමණි
මගෙ ලග
තිඹිරිගෙයි
ගරාවැටුණු බිත්ති
එකිනෙක බිදවැටී
අවසන් මුල්ගලද
ගිලිහී වැටී
ඉගිල ගිය කුරුල්ලෝ
නැවත ගෙට එන්නට
අහේතුක සිද්දියක්
අනාගතේ දවසක
නොවෙනා හැඩක්
කෙලිපොඩ්ඩ
දැන් ටික ටික
ලොකුවනවා
තනියම ඉන්නට
ආසා වීලා
තනිපංගලමේ
කතා ගොඩයි
වැඩ ටික ඔක්කොම
කරගෙන යනවා
උදව් පදව් හෙම
අමතක වෙනවා
අතහැරී යන්නට මත්තෙන්
හනිකට හනිකට
තුරුලට අරගෙන
කතා කරනවා
Eminem, pitbull ඉතා අපහසුවෙන් අනුකරණය කරන ගොඩේ ගොං ( godebull) විසින් අවුරුදු වාරම් රබන් පද රැප් කරමින් රොක් කරමින් මහා සලාදයක් සාදමින් වමාරමින් කෑ ගසන ඝෝෂාව, අවට පරිසරයම කලබලයට පත්කරමින් පැතිරයයි.
මරලතෝනිදී කෑමොර දෙන කොහාගේ හඩ විටින් විට ඇසෙන්නේ තාලයට නව ජීවයක් ලබාදෙමිනි.
මේ තාලය කොයිබටද කියා සිතා ගැනීම අපහසුය. රටේ ඇති ජනගී ජනගායනා දැනට ආරක්ෂාව පවතින්නේ සිංහල අවුරුදු උලෙළේ අංගයක් ලෙසයි. රබන් තාල, ගායනා තාල, ගීත නිර්මාණ සදහා භාවිතා විය යුතුමයි එහෙත් එය Rock, metal යන සංගීත ආරයනට අනුගත කරගැනීම කෙතරම් ගැලපේද යන්න නුවණින් විමසා බැලීම වටී.
අයෙක් එය නිර්මාණාත්මකයැයි තර්ක කරනු ඇත. නමුත් ඉන් සිදුවන්නේ හානියක් නම් නිර්මාණාත්මකත්වයෙන් වැඩක් නැත. මට හිතෙන හැටියට සිදුවන්නේ විනාශයකි.
පුත්‍රයා විසින් තම මව විනාශ කරනවිට පවුලේ අය තප්පුලමින් විනෝද වන අතර නෑයෝ නිහඬව සිටින හැටියක් පෙනෙන්නට ඇත.
මේ පියගැටපෙළ
පඩියෙන් පඩියට
උඩටම නැග ගිය
හිනිපෙත්තේදී
එක් පිය ගැටයක්
ලෙසවත් මා දෙස
නොබලා පිටමං
නැවත නොඑන්නට
පඩියෙන් පඩියට
මුළු පියගැටපෙළ
මා පමණක් විය
කිසිදා නුදුටු
නාඩගම අවසන්
තිරය වසා
වේදිකාව අදුරේ ගිලී
නාටිකාංගනාවෝ
වෙස් තට්ටුව අතහැර
නිදිලොවේ
සිරියහනේ
නිශ්පාදක
නිදැල්ලේ
ඊලග දර්ශනය
සැලසුමේ
ප්‍රේක්ෂකයෝ
පහන් කනුව යට
තවමත්
හාමතේ
ඔවුනොවුන් පරයා
නාට්‍ය විමසුමේ !
මහ මෙරක් වන්
හිස බරින් ඇති
නිමක් නැති
වැඩ ගොඩක්
ඒ වැඩත් අතරින්
විටක්
ඒ හෙළූ
ඔබේ සෙනෙහස
මදිවුනා නොවේ.
කඩිගුලක් වන් උදේ
කෑමක් උයා
මුලකුත් තබා
හනි හනිකට
දිවගියාට
ඔබෙ සෙනෙහස
නොදැනුනා නොවේ
රැයත් රෑ වී
වැඩත් නිමවී
දෙපා වාරුත් විටින්
නැතිවම
ගෙයට බට විට
ඔබේ සෙනෙහස
නොලැබුනා නොවේ
එදා වාගේ
අදත් හෙටටත්
ලෝබ කමටම
මටම විතරක්
ඔබේ සෙනෙහස
දරුපැටව්
තුරුලට ගෙන
ඔබ නිදි ගෙයි යහනේ
පිලේ පැදුර
මට පිහිටයි
මහරෑ යාමේ
තුරුලට වන්නට
හිත ඇතිමුත්
ඇතුලට විත්
අවදිවේවි
පැංචන් සුවසේ නිදන
නිදියහනෙන්
හද පායා
අදුර මකා
මහරෑ යාමේ
එනවද එලියට
මගෙ මැණිකේ
සුව විදින්න මධුඑළියේ!!
තුරු සෙවනේ පාරදිගේ
අත් අල්ලා නැලවිල්ලේ
මුමුණ මුමුණා කොල කතා
නොගියත් යලට මහට
වෙල් එළියේ නියර දිගේ
ඔබ පිටුපස දැවටි දැවටී
මඩ ගෑවුනු මල්ගව්මේ
වතුර දමා නොසේදුවට
නිල්දිය රැලි වැව් ඉවුරේ
මදනල විත් සිපගන්නා
නුඹෙ කෙහෙරැලි පිරිමදින්න
මට විවේක නැතිවුනාට
මල් වැට අද්දර හවසට හවසට
විහිළු කතාවක් කිය කිය ඉන්නට
වැටෙන් මලක් ගෙන හිසසරසන්නට
වැට නැත අද මා එන වේලට
ඔබෙ ලගට විත්
සෙනෙහෙ පා
උණුසුමේ වෙලෙන්නට
ගව් ගනන් දුරවගේ
එදා වගේ ඉන්නට
නොහැකි උනත් හැම විටෙක
ආදරෙයි මං ආදරෙයි
එදා මෙන් හැමදාම!
දැන් ජනප්‍රියම මාතෘකාව සංශෝධිත බදු ක්‍රමයයි. සරදියෙල් තියරිය දමා ලැබෙන් බදුටික හොරාගේ සේප්පුව ට දැමීම හෝ වක්කඩේ හකුරු හැංගුවා මෙන් රාජ්‍ය සේවය පෝෂණය කිරීමට යොදයි.
කෙනෙක් ගේ පඩිපතෙන් හතරෙන් එකක් බදු ලෙස අය කර ගත්විට දැනෙන සන්තෝෂය අප්‍රමාණ වේ. ඊට විසදුමක් ලෙස දේවාලයක පොල් ගසනවා හැරෙන්න වෙන කිසිම දෙයක් නැත.
ඔය බදු සමීකරණය හදාපු උන් කියන්නේ ඒතරම් පඩිගන්නා අයට එවන් බදු ප්‍රමාණයක් සාදාරණ හා දැරියහැකි බවත් ය.
උන්ට ඒ වැටුප් ගෙවන්නේ කරන රාජකාරිය හා පලපුරුද්ද පදනම් කරගෙන වේ. ඒකට බදු පටවන්නෝ අමු කුහක පෙරේත හැත්තකි. පෙන්ශන් නැති පුද්ගලික සේවකයෝ බදුත් ගෙවාගෙන තම ජීවිතය සරිකර ගත යුතුය.
බදු ගෙවිය යුතුය එහි කිසිදු විරුද්දත්වයක් නැත. ප්‍රශ්නය ඇත්තේ මෙතරම් බදු ප්‍රමාණයත් ගෙවීමත් හා අකාර්යක්ෂම පාලන තන්ත්‍රයක් හා පාලකයි වසන රටක ගෙවන් බද්දෙන් හර්හැටි වැඩක් නොකිරීමයි.
මේ නව බදු ක්‍රමය ගැන කිසිසේත්ම නිහඬ ව නොසිටින අතර මවර කළුගලේ උවද ඔලුව ගසා ගැනීමට සූදානම් ශරීරයෙන් සන්නද්ධ වෙමි.
ගෙවන බදු බලුකපුටු දානයක් ලෙස සලකමි.
ලැබෙන සැනිනි විස්තර ඉදිරියට