දරුපැටව් තුරුලට ගෙන ඔබ නිදි ගෙයි යහනේ
පිලේ පැදුර මට පිහිටයි මහරෑ යාමේ
තුරුලට වන්නට හිත ඇතිමුත් ඇතුලට විත්
අවදිවේවි පැංචන් සුවසේ නිදන නිදියහනෙන්
හද පායා අදුර මකා මහරෑ යාමේ
එනවද එලියට මගෙ මැණිකේ සුව විදින්න මධුඑළියේ!!
No comments:
Post a Comment