Thursday, August 16, 2018

කුණු

රටේ හැම තැනකම හා හැම ස්ථරයකම කදු ගනන් කුනු ගොඩ ගැසී ඇත.
පිරිසිදු කිරීම හරිහැටි සිදුනොවනවා සේම කුණු බැහැර කිරීමද නොහොඹිනා අයුරින් සිදුවෙ. එසේ ගත් කල පාලකයන් පාලිතයන් හා මහජනතාව යන් සියල්ලෝ වැරදි කරුවෝය.
මූලිකම වරද ඇත්තේ නොහොඹිනා ලෙස කුණු බැහැර කරන මහජනතාවයි. ඊලඟට පවිත්‍රතා කරුවන් වේ.
ඔවුන් අතින් ඒ කාර්යය නොකෙරෙන තැන දැන් මහජනතාව සුද්ද කිරීම අරඹා ඇත්.
බොහෝ ආයත මගින්ද මෙය සිදුකෙරේ.
මේ පිරිසිදු කිරීම් අතර කුණු වලට අමතර තව දේවල් ඉවත් කිරීම සිදුවේ. ඒ හිතුමතේට හැදුනු ගස් අතු හා තෘණ වර්ග වේ. මේවා කුණු ගනයට අයත් නොවේ. එසේනම් ඉන් ගම්‍ය වන්නේ නාගරික පරිසරය පිරිසිදුකර පවත්වාගෙන යන ආයත්නයන් හි ඇති අකාර්යක්ෂම හෝ අකර්මණ්‍ය ස්වභාවයයි.
මහජනයා එක්ව පිරිසිදු කිරීම  ඉතා හොඳ ප්‍රවනතාවක් එසේම නිසි ආයතන හා ප්‍රධානීන් තම කාර්යය නොපිරිහෙලා ඉටු කිරීම මැනවි.

ප.වි.
ලාංකික ආයතනයක සේවකයින් floating market අවට පිරිසිදු කරන අවස්ථාව හා සම්භන්දයි

No comments:

Post a Comment