නාන කාමරයේ කරාමය කිරි කිරි ගා වැසෙන හඩින් පසුව දිය බිදිති වැටෙන අතරේ ඉන් එළියට පැමිණි ඔහු,
මදක් නැවතී ඔළුව උස්සා බැලුවා!
කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන සිටින පුද්ගලයා හදුනා ගැනීම ඔහුට අපහසු විය.
ඉදිරියේ පෙනෙන කවන්ධ සිරුර තමාගේම ශරීර කූඩුව යන්න පසක් කරගැනීමට ඔහු නිතැතින්ම බඩ අත ගෑවේය.
සිහි එළැඹි පසු, විපරමින් බැලූයෙන් මුලින්ම පෙනෙන්නේ ඉදිරියට නෙරා ආ අලි බඩගෙඩියයි. පෘශ්ටිමත් වුවත් එය පෝෂණ ඌනතාවයක් නිසා රෝගයකින් හටගත් මන්පෝෂණ තත්වයක් විදහා පෑවේය. වකුටු වූ උරහිස්, වලගැසුණු ඉලඇට ඒ පෙනුම තවත් තීව්‍රර කෙරිණි.
යට කොටසට බැල්ම දැම්මා පමණි, එහෙ ඊට හපන්. කොස් ගෙඩියකට පොල් කොට සවිකලාක් මෙන් බඩත් දෙපාත් දිස්වුනා ඇරෙන්නට වෙන වැදගත්කමක් නොවීය.
මෙම විපරියාස කවදා කෙසේ සිදුවූවක් දැයි සිතා ගැනීම අපහසුවූ ඔහු අවසාන නිගමනයකට එළැඹිණි! ඒ තමා කාලාන්තරයකට කණ්නාඩිය ඉදිරියට පැමිණ නැතිබවත් හා නැවත කාලාන්තරයකට එය ඉදිරියට නොපැමිණෙන බවත් යන්නයි.
කණ්නාඩියෙන් ඉවත් වූ ඔහු සුපුරුදු පරිදි රෙදි වැරලි ඇගලාගෙන කාරිය කෙරුමට පිටවිණි.
....................
නාන කාමරයේ කරාමය කිරි කිරි ගා වැසෙන හඩින් පසුව දිය බිදිති වැටෙන අතරේ ඉන් එළියට පැමිණි ඔහු,
මදක් නැවතී ඔළුව උස්සා බැලුවා.
කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන සිටින පුද්ගලයා හදුනා ගැනීම ඔහුට අපහසු විය ,,,,,,,,
No comments:
Post a Comment