රූස්ස පොල් ගස් ඇති පොල් වත්ත මැදින් හවස් කොරේ හෙමින් ගිය නයිදේ, මදක් නැවතුනේ හැමදාම දකින පොල් රුප්පාවේ අමුත්තක් දැකීම නිසාම නොවේ.
මද පවන විඩාබර ගතට සුවයක් ගෙනදුන් නිසා ලද සිත් සැහැල්ලුව නිසාවෙනි. සුළග පොල් අතු එහෙ මෙහෙ අත පද්දයි, එයට ලොල්වූ අතු තව තවත් හැකිතරම් ඒ මේ අත සැරිසරනු දුටු විට කට කොනින් සිනහවක් නැගුනේ එහි ඇති හාස්‍යයක් නිසාය.
ඔය අතු කෙතරම් දැගලිලි දැම්මත් එය අත්තේ දිගට සීමා වී ඇත. ඉන් එපිටට යතොත් යන්නේ අත්ත බිදගෙනයි. එවිට ජීවයරහිතව ගස පාමුලටම ඇදවැටෙයි. සැඩ සුළඟ ට හසුවූවා අතුඉති බිදී තැනින් තැන ඈතට විසිවනු ඇත. තිඹිරි ගෙයි වැලලීමට ද ඉන් ඉඩ ඇහිරෙන හැඩකි.
තමන්ව පිළිඹිබු වන අතු අතර කෙටි කලක් කල්පනාවේ නිමග්නව සිට යන්නට විය.
රූස්ස පොල්ගස් දැන් වයසට ගොස්, වැඩි ඵලදාව දෙන පොඩි පොල් පැල පෙලින් පෙලට එක දිගටම පැලකරලා. පොඩි ගස් ටික ටික ලොකුවන විට මහගස් එකිනෙක මහ පොළොවට වැටෙන බැව් සිතමින් හේ වත්තෙ මායිමෙන් ඕවිට අද්දරින් පැන නොපෙනේ ගියේය.
No comments:
Post a Comment