Tuesday, June 5, 2018

පොඩි දුවේ

අැස් පියාගෙන
සොඳුරැ නින්දක
නිදාසිටිනා
මගෙ දුවේ,

මගෙ ලයේ
උණුසුමට වී
සුවට සිටින්
සුදු දුවේ,

මටම ලෝබයි
බිම තියන්නට
සුව පහසු
නුඹ සයනයේ,

හීන අතරින්
විටින් විටකට
සිනාසෙනවා
අසිරියේ,

ලඟට වීලා
ටිකක් හිටියා
කල්පයක් මදි
මේ ලෙසේ !!!

No comments:

Post a Comment