Thursday, April 12, 2018

අවුරුදු වාරම්

Eminem, pitbull ඉතා අපහසුවෙන් අනුකරණය කරන ගොඩේ ගොං ( godebull) විසින් අවුරුදු වාරම් රබන් පද රැප් කරමින් රොක් කරමින් මහා සලාදයක් සාදමින් වමාරමින් කෑ ගසන ඝෝෂාව, අවට පරිසරයම කලබලයට පත්කරමින් පැතිරයයි.
මරලතෝනිදී කෑමොර දෙන කොහාගේ හඩ විටින් විට ඇසෙන්නේ තාලයට නව ජීවයක් ලබාදෙමිනි.
මේ තාලය කොයිබටද කියා සිතා ගැනීම අපහසුය. රටේ ඇති ජනගී ජනගායනා දැනට ආරක්ෂාව පවතින්නේ සිංහල අවුරුදු උලෙළේ අංගයක් ලෙසයි. රබන් තාල, ගායනා තාල, ගීත නිර්මාණ සදහා භාවිතා විය යුතුමයි එහෙත් එය Rock, metal යන සංගීත ආරයනට අනුගත කරගැනීම කෙතරම් ගැලපේද යන්න නුවණින් විමසා බැලීම වටී.
අයෙක් එය නිර්මාණාත්මකයැයි තර්ක කරනු ඇත. නමුත් ඉන් සිදුවන්නේ හානියක් නම් නිර්මාණාත්මකත්වයෙන් වැඩක් නැත. මට හිතෙන හැටියට සිදුවන්නේ විනාශයකි.
පුත්‍රයා විසින් තම මව විනාශ කරනවිට පවුලේ අය තප්පුලමින් විනෝද වන අතර  නෑයෝ නිහඬව සිටින හැටියක් පෙනෙන්නට ඇත.

No comments:

Post a Comment