Sunday, April 1, 2018

බදු

දැන් ජනප්‍රියම මාතෘකාව සංශෝධිත බදු ක්‍රමයයි. සරදියෙල් තියරිය දමා ලැබෙන් බදුටික හොරාගේ සේප්පුව ට දැමීම හෝ වක්කඩේ හකුරු හැංගුවා මෙන් රාජ්‍ය සේවය පෝෂණය කිරීමට යොදයි.
කෙනෙක් ගේ පඩිපතෙන් හතරෙන් එකක් බදු ලෙස අය කර ගත්විට දැනෙන සන්තෝෂය අප්‍රමාණ වේ. ඊට විසදුමක් ලෙස දේවාලයක පොල් ගසනවා හැරෙන්න වෙන කිසිම දෙයක් නැත.
ඔය බදු සමීකරණය හදාපු උන් කියන්නේ ඒතරම් පඩිගන්නා අයට එවන් බදු ප්‍රමාණයක් සාදාරණ හා දැරියහැකි බවත් ය.
උන්ට ඒ වැටුප් ගෙවන්නේ කරන රාජකාරිය හා පලපුරුද්ද පදනම් කරගෙන වේ. ඒකට බදු පටවන්නෝ අමු කුහක පෙරේත හැත්තකි.  පෙන්ශන් නැති පුද්ගලික සේවකයෝ බදුත් ගෙවාගෙන තම ජීවිතය සරිකර ගත යුතුය.

බදු ගෙවිය යුතුය එහි කිසිදු විරුද්දත්වයක් නැත. ප්‍රශ්නය ඇත්තේ මෙතරම් බදු ප්‍රමාණයත් ගෙවීමත් හා අකාර්යක්ෂම පාලන තන්ත්‍රයක් හා පාලකයි වසන රටක ගෙවන් බද්දෙන් හර්හැටි වැඩක් නොකිරීමයි.

මේ නව බදු ක්‍රමය ගැන කිසිසේත්ම නිහඬ ව නොසිටින අතර මවර කළුගලේ උවද ඔලුව ගසා ගැනීමට සූදානම් ශරීරයෙන් සන්නද්ධ වෙමි.
ගෙවන බදු බලුකපුටු දානයක් ලෙස සලකමි.
ලැබෙන සැනිනි විස්තර ඉදිරියට

No comments:

Post a Comment