තුරු සෙවනේ පාරදිගේ
අත් අල්ලා නැලවිල්ලේ
මුමුණ මුමුණා කොල කතා
නොගියත් යලට මහට
වෙල් එළියේ නියර දිගේ
ඔබ පිටුපස දැවටි දැවටී
මඩ ගෑවුනු මල්ගව්මේ
වතුර දමා නොසේදුවට
නිල්දිය රැලි වැව් ඉවුරේ
මදනල විත් සිපගන්නා
නුඹෙ කෙහෙරැලි පිරිමදින්න
මට විවේක නැතිවුනාට
මල් වැට අද්දර හවසට හවසට
විහිළු කතාවක් කිය කිය ඉන්නට
වැටෙන් මලක් ගෙන හිසසරසන්නට
වැට නැත අද මා එන වේලට
ඔබෙ ලගට විත්
සෙනෙහෙ පා
උණුසුමේ වෙලෙන්නට
ගව් ගනන් දුරවගේ
එදා වගේ ඉන්නට
නොහැකි උනත් හැම විටෙක
ආදරෙයි මං ආදරෙයි
එදා මෙන් හැමදාම!
No comments:
Post a Comment