Saturday, September 22, 2018

සුළඟ

සිසිල් සුලං රැලි
මල් මදහස පානා
මල වටේම දැවටීලා

සොඳුරු සෙනෙහෙ පාලා
මෘදු සුවෙන් සනහාලා
මලේ සුවඳ පමණක් ගෙන

දුර ඈතට නැවත නොඑන
සුළඟ ගියා මලෙන් එපිට
මලේ සුවඳ හදේ රැගෙන

හදේ රැඳුණු මල් සුවඳත්
මලට අයිති නැතිවීදෝ
සුළඟ අයිති කරගෙනදෝ

මලට අහිමි මලේ සුවඳ මඳ සුළඟේ පාවෙන්නේ
ඒ සුවදින් පරිසරයම
සුවඳ දියෙන් නැහැවෙන්නේ

No comments:

Post a Comment