බසයක දුමිරියක
කොනක මුල්ලක
සැඟව
අත් පටලා නොපෙනෙන්නට
සීරුවෙන් සීරුවට
මිමිණූ වදන්
ජනෙල් කවිළුවෙන
විහිදෙන සැඩසුළඟට
ගසාගෙන ගියා
නෑසෙන්නට,
අන අයට
නොදැනෙන්නට
අැස් වලින කතා කලා
බිමි ගෙයක්
සිසාරා උණුසුමක්
දැනුනා සිනිඳු
දෙකොපුල් අතගා
විදුලි පහනින්
දැලවූ වෙන් වුනා
තිගැස්සී.
No comments:
Post a Comment