Friday, September 21, 2018

හද

දිදුළන පුරහද අහසේ
ඝනදුර මැකෙනා රාත්‍රියේ
ඔබ නොමැති කාන්සියේ
සද එලිය දිගේ
ගියා සොයා මහාරැයේ

තුංමන්හන්දියේ පාර දිගේ
සද නොයනා මාර්ගයේ
සද එලියට පිටුපාලා
පිටත් වුනා මද අදුරේ

අත් පටලා ගිය පාරේ
අප හිමිනැති මාර්ගයේ
ඔබව සොයා රාත්‍රියේ
දුරකට ගියා පාර දිගේ

සද නුඹගැබ එලෙසින්නේ
නුඹ ගැටුණද පාර කොනේ
අප දෙදෙනා එකගමනේ
යන්නට බෑ පෙරලෙසිනේ

No comments:

Post a Comment