Saturday, December 21, 2019
වදුරු පැටියා
Thursday, December 12, 2019
සෙංකොට්ටං
Wednesday, November 27, 2019
යාළු
Wednesday, November 20, 2019
දිශා
Friday, November 15, 2019
ආදරේ
Wednesday, November 13, 2019
නිරපේක්ෂ
Wednesday, November 6, 2019
මල්
Thursday, October 31, 2019
නොමිලේ
Wednesday, October 9, 2019
අහස
ගොං කරත්තය
කරත්කය කිහිදු හැසිරවීමකට ලක් නොවිනි, හැසිරවීමක නොමැතිව වුව්ද ලඳු කැලෑ අතරින වැටුණු ගුරු පාර දිගේ කරත්තය දිගටම ගමන් ගති ගොනා ද සුපුරුදු පරිදි ගාල දෙසට ගමන් ගති,
Monday, October 7, 2019
කටුඅකුල
Friday, October 4, 2019
20-20
Monday, September 30, 2019
ඉතිහාසය 1
විස්තරයේ යම් අඩුපාඩු ඇතත් නුවණැත්තෝ විමසත්වා
දුප්පත්කම ත් අසීමිත දරිද්‍රතාවය ත් ඒ මත වූ ශ්‍රම සූරාකෑම ත් අභිබවමින් ගිය හොරමැරකම් ද දේශපාලන අසාධාරණයකම් ඇති තිප්පොලක් වූ තැනක් විනි.
අද එතැන සිංගප්පූරුව ලෙස හදුන්වයි,
එකල මේ පවිටු පුරය ට සේන්දුවන්නේ ලී ක්වාන් නම් කොළුගැටයෙකි.
කතාවේ දක්ශයෙක් වූ ඔහු දේශපාලන කරලියට පිවිසෙන්නේ මේ මඩ ගොඩෙන් දුක් විදින ජනතාව බේරාගන්න සිතාය.
මේ ගමනට ඔහු හා එක්වන්නේ රටේ නම ගිය හොර නායකයින්, මංකොල්ලකරුවන්, මත්ව්යාපාර කරුවන් ය. කෙසේ හෝ ලී ක්වාන් ගේ පක්ෂය ජය ගන්නේ කාලයාගේ ඇවෑමනි.
බලයට පත් ලී ගේ ප්‍රථම රාජකාරිය වන්නේ ඔහුගේ දෝලාව කඩා දැමීමයි, ඒ ඔහුට උදව් කල පාදඩයින් අල්ලා හිරේ දැමීමයි,
සිස්ටම් එකේ උඩට ඒ සිස්ටම් එකේ ආම්පන්න භාවිතා කර පැමිණි ලී රට දියුණු කිරීම ඒ සුද්ද කිරීමෙන් ආරම්භ කලේය.
ලී නිකන් සිටියේ නැත, ඔහුගේ අවසාන කාලය වනවිට රටේ ප්‍රධාන ව්‍යාපාර හා සේවාවන් හි හිමිකාරිත්වය තම පවුලට අයත් කර තිබිණි.
ලී ක්වාන් යුගපුරුෂයෙක් ලෙස මියගියාසේම, සිංගප්පූරුව දියුණු රාජ්‍යයක් ලෙස වැජඹේ,
වටේ උන් දෙස බලා ලී ක්වාන් ට පයින් ගැසුවානම්, සිංගප්පූරුව අදටත් මැලේසියාව කොනේ ඇති මුඩුක්කුවකි.
Tuesday, September 24, 2019
Wednesday, September 18, 2019
මැණික
දිය පතුලේ මහානර්ඝ නිල් මැණික
දිය සින්දා සෙව්වත් රජ නිල් මැණික
දිය දින්නා සිත් ඇත්තා සිළුමිණක
දිය ඔබ්බේ රුක් මත්තේ ඇති මැණික
දිය විනිවිද එය දුටුවා මිනි මැණික
උණ
වෙර සමග පැමිණි චණ්ඩමාරුතය
වෙර යොදූ ඉන්ද්‍රඛීලයක්
සටනින් ජය ලබත්
වැර යොදා සවිකර උන් මිහිමඩළ
වැර හැලී ගියා
ඉපණැලි වූ ඉන්ද්‍රඛීලය
උස් රූස්ස ගස් වනස්පතී
උස් හඩින් සුළගේ වැදී
බිම පතිතවෙත්
දළ රැහන් නැති උණ පදුරු
දළ බම ඇන නොවැටී සිටී
එනමුත් කෙලින් ඉන්නට බැරි
Saturday, September 14, 2019
හිතුවක්කාරී
හිතුවක්කාර කමට
ඈතින් ඈතට
තට්ට තනියම
ඉස්සරහට ගිහින්
ආපසු හැරුණු දාට
උණුසුම තිබුනත්
තුරුළේ ඉඩ
නැතිව තියෙන්න
පුළුවන් !!
Monday, September 9, 2019
කොමළි
පයක් තැබුවොත් ඇහේ කොනකින් ඇදක් ඇත්තේ
යමක් ලීවොත් කටේ දත්ටික හිරිවැටී යන්නේ
කටක් ඇරියොත් ඉගේ සළු බිම ඇද වැටෙන්නේ
වැඩක් කරතොත් හූනියම් දී නැතිව යන්නේ
කදු සිසාරා සිනා මුසුවී වාතලේ
දුර අතීතෙක වාගෙ ලස්සන මාතලේ
හිටුව පස් ගා අකුරු කරනට ගියා එකවිට පාසලේ
මුරණ්ඩුයී හරි දඩබ්බර ඈ වාසදේසේ හපුතලේ
Sunday, July 28, 2019
අනෙක් පැත්ත
මෙරට ජනසමාජයේ ව්‍යුහය දෙස යථාර්ථවාදී කෝණයකින් බලන විට පහත කාරණය ඉබේම මතුවිය.
එය ඇත්තෙන්ම ඇති ගැටළුවක් ද
එය වෙනත් ගැටළුවක කොටසක්ද
එය කිසිසේත්ම ගැටළුවක් නොවන්නේද
යන කාරණා මින් විග්රහ නොවේ.
යම් තැනක කලකට පෙර දුටු දත්තයක් වූයේ, ලංකාවේ විවාහ වන වයස අවුරුදු 30න් ඔබ්බට සේන්දුවී ඇති බවයි.
මෙය ඔවුන්ගේ ඊලඟ පරම්පරාවට ඒ ලෙසම යෙදූවිට පෙනීයන්නේ
ඔවුන්ගේ මව්පියන් සාමාන්‍ය විශ්‍රාමික වයස වන අවුරුදු 55 වන විට ඔවුන් විවාහ වී නොමැතිබවයි.
ඊලඟ කාරණය එසේනම් විශ්‍රාම නොයා පවුල් නඩත්තුවට ඔවුන් තව අවමය අවුරුදු 5ත් 10ත් අතර කාලයක් රැකිවන්හි නිරත විය යුතුය.
ඒ මතය ඔස්සේ ගමන් කලවිට අවුරුදු 55 යනු විශ්‍රාම යන වයස නොවේ.
සැබෑ විශ්‍රාමික වයස අවුරුදු 65 විය යුතුය.
මෙතැන් සිට මෙහි තවත් කාරණා 2ක් මතුවේ.
1. විශ්‍රාම යන අයවලුන් යෙදී සිටින්නේ තරුණ අයට ඒ කාලය වනවිට ලැබිය යුතු රැකිවන් වලයි. රැකියා වියුක්තිය මෙහි එක්ප්රතිඵලයක් වේ.
2. සාමාන්‍ය ආයුකාලය දැන් වැඩි වී ඇත. අඩුම තරමේ යපෙන්නන් ගේ ආයුශ වැඩිය. ඉහත කියූ අවුරුදු 65 න් පසුව ජීවත් වන්නේ කෙසේද ?
විශ්‍රාමික සැලැස්මක් හෝ විශ්‍රාම වැටුප් නැතිනම් මැරිලා යනවා.
එතනින් තේරුම් යන්නේ 65න් පසුවත් වැඩකල යුතුයි යන්නෙ නොවේද ?
ජීවිතයම ජීවත් වීමට මුදල් හම්බකර නිකන්ම නිකමෙක් ලෙස මැරිලා යන්න සිද්දවෙනව
Monday, June 17, 2019
සළු
සලුපට අහසට
ම්හිබට සුරපුරයට
අකුණු හරහට
වැටුණි එළියට
වැලේ වැල් නැත
හිතේ සිහි නැත
බැලුව හැම අත
වැලේ සළු නැත
එහා ගෙදරින්
කව්ලු අතරින්
තිබුණු රෙද්දෙන්
වැසුනි තිසරුන්
හිමිදිරි පාන්දර
පාර අද්දර
කොළුවා දඩබ්බර
නෙළා පින්තූර
දුටුව ඒ සළෙලා
වස කපටි කැනහිලා
කල යල් බලා
ලීය කවිය සදලා
Wednesday, June 12, 2019
Wednesday, June 5, 2019
අතීත
අතීත සැමරුම්
මතකාවර්ජන
සෝචනීය ඒ
මතකය
මිහිරි හැගුම්
ජනිත කරයි.
ඇති නැති
වැදගත්කම්
ඒ මොහොතට
පමණක් මැයි
අතීතය
හැමදාමත්
හරි සොඳුරුයි.
පතල
කීප විටක්ම පතලට බහින්න සිදුවූ නිසා
මා සිටියේ අමනාපයෙණි. ඉල්ලම් කැබැල්ලක් සොයා ගියද එය පාදා ගැනීමට ඊට උඩින් වූ ගල් හා පස්ද ඉවත් කිරීමට සිදුවීම දෙවෝපගත සිදුවීමකි.
පරණ අද්දැකීම් නිසා එදින පතලට බැස්සේ හුළුඅත්තද අතැතිවයි. වාසනාවකට හුළුඅත්ත දැල්වීමටත් පත්ලේ උන් මකුණන් පිළිස්සීමටත් සිදුනොකරන්නට අවස්ථාව උදාවිණි. ඒ පතලේ බාස්කෙනෙක් සිට අන්තිම ඉල්ලම පාදාදුන් නිසාවෙනි.
දවසින් වැඩි වේලාවක් ගතකර ඉල්ලම් කැටය බලා පතලෙන් ගොඩ වූයේ නැවතත් දවසක පතලට ගොඩවීමට සිදුවීම පිළිබඳව කනස්සල්ලෙනි.
වෙන කිසිදු විකල්පයක් නැත, නැවත හෙට දිනයේ පතලට බැසිය යුතුය. ඉල්ලම හාරා ගැනීමට බාස්කෙනෙක් හමුවේයැයි පතමි.
ප්‍රාදේශීය සභාවේ මුල් කොටස අවසන්!
Friday, April 26, 2019
බ්රහ්මදණ්ඩන
හොරුන්
පාදඩයින්
වංචනිකයන්
දාමරිකයන්
මිනීමරුවන්
හට ඇති
විසදුම
බ්රහ්මදණ්ඩනයදී
අතහැර දැමීමයි
කාලය හා කර්මය
ඉතිරිය වගබලාගනු
ඇත
Thursday, April 11, 2019
සන්දර්ශණය
විදුලි ආලෝක
නානාවිද පාට
සැරසිලි
වේදිකා සරසා
දිව්යමාලිගා
විලසට
සංදර්ශනයට
වේදිකා සැරසී.
ඇදුම් උනාදමා
උඩුබැලිව උන්
එකෙක් සායම්
තෙවෙකෙක් පුයර
අනෙකෙක් ආභරණ
සීසීකඩ දුවත්
නිරුවත් මෘග රැලක්
සැරසෙති
සොඳුරු පෙළහරකට
Wednesday, April 3, 2019
රට
රටට කෙලවෙලා! අරුන් රට කාල!!
පාර්ලිමන්ට් ජෝක්ස් දානගමන් ඔහේ ජීවත් වෙන එක ලේසියි.
රට හදන්න/ හරි පාඅරට ගන්න පතන් ගත්තම ඉතා අමාරු කාලයකට අපි හැමෝම මූණ දෙන්න වෙනව
මළ කෑ යකඩයක් කඩුවක් කරන්න යකඩය සුද්දකරල රත්කරල තලන්න ඕනෙ, ඊටත් පස්සෙ පන්නරය තියන්න ඕනෙ
ඒ කට ලෑස්තිද?
Tuesday, April 2, 2019
හුදී ජන බත්වේල
අල්ලට වැඩි
පොඩ්ඩක් පොඩි
කොටුවෙ කඩේ
පිලට අගින් එළිපත්තේ
කෑමජාති එල්ලෙනවා
කහට වතුර විසිවෙනවා
ව්‍යංජනත් පොඩ්ඩ පොඩ්ඩ
තම්බපු හාලේ
බත් පිගාන
පිගානට වැඩි
පොඩ්ඩක් පොඩි
ලෑලි මේසෙ
පස්සට වැඩ්
පොඩ්ඩක් පොඩි
පුටු පොඩ්ඩක්
කඩේ ඉදන්
කෑව කෑම
රහක් නෑ මෙලෝ
නූල වගේ වතුර පාර
අත සෝදා ඉදුල් පාර
වතුර නොබී මහපාරට
Monday, March 25, 2019
අන්
පිටස්තර එකෙක්ගේ
සපත්තුවක්
මයෙ පයේලාගෙන
සපත්තුවේ බර
මට දැනෙනලෙස
රසබර විග්රහ
ලුණු ඇඹුලැතුව
සටහන් කලේ
මයෙ සපත්තුව
නැතිවෙලාදෝ
Wednesday, February 27, 2019
උද්ගෝෂණ
මම මේ පැත්තේ
ඔබ ඒ පැත්තේ
ඔබ මා වෙන්කල
මාර්ග බාධකය
ඔබ මා ඇස්
යාවුනා නොදැනීම.
සැඩපහර !!!
Friday, February 1, 2019
පරණ
පරණ ගැට්ටෙ
යාළුකෙල්ල
පාර ගැට්ටෙ
මුණගැහුණා
පුරුදු ලෙසට
පරණ තාලෙ
සිනා ලපට
දෝරගලා
සොඳුරු කාලෙ
සිහින මැවී
ඒකාලෙම
පරව ගියා
ඔබේ ගමන
ඔබ යනවා
මගේ ගමන
මම යනවා
යාළු දෙපල
මුණගැහුණා
පරණ දෙබල
දිගඇරියා
සොඳුරු මොහොත
අවසන් වී
අදුරු මොහොත
අප අද්දර
ඔබ යනවා
ඔබේ ගමන
මම යනවා
මගේ ගමන
Saturday, January 19, 2019
life
Your saw me at the distance
Eyes shined like stars
Did u see me dying
I'm dying deep inside
I'm dying//
My Dearest
I'm dying
Why are you leaving now
I know there are no choose
But i m dying
I'm dying
Did u see me suffering
I'm dying //
My Dearest
I'm dying
Death awaiting outside
For all of us
Why do you leave me now
I"m dying//
My dearest
I'm dying
Me and myself with go though
The death
May....be....
I'm not alone
I'm dying//
My dearest
I'm dying
I want to say good bye
Fairwell to you
But i cant
I'm dying//
My dearest
I'm dying
War between friend of past
Now we are enemy
You have to go
I'm dying//
My dearest
I'm dying
When we would see us
No one knows
Yet i need to learn from you
I'm dying//
My dearest
I'm dying
You saw me from far distance
You were not crying
Stay strong//
Oh....! Please....!
But
I'm dying //
My dearest
I'm dying
Friday, January 4, 2019
විට
ගොරහැඩි ශබ්ද නගන අත් සලඹක් ඉතා අඩු පිරිවැයක් යොදා සාදා ගැනුනේ බෝතල් මූඩි තලා කම්බියක ආදාරයෙන් වලල්ලක් සෑදීමෙනි.
කනට මිහිරි ආකර්ෂණීය අධිසංක්යාත ශබ්ද මාදුර්ය්ය ඉන් නොනැගේ. එකම දෙය කෙටිරචනයෙ දෙවරක් ලීවේ උද්දීපනය සොඳහාය.
ඔහු කරේ එල්ලාගත් තට්ටුවේ ඉතා පරිස්සමට පාට පාට ගොටු අසුරා තිබුනේ අලංකාර ගෙත්තමක් විලසිනි. කිසිදු පිළිවෙළක් නොතිබූ හැසිරීම් විලාශය නිසා ගොටු පටිපාටියකට තැබීම හුදෙක් අහම්බයක් වන ලෙසටම දුටු නෙතට පසක් කෙරිනි.
දුහුවිලි නැගෙන කාශ්ටක මාර්ගය දිගේ ඔහු සලඹ සොලවමින් සාර විට වෙළදාමේ යයි. පිටින් වැටෙන දුහුවිලි හැරුණු විට විටේ අන්තර්ගත අනෙක් දේ පිළිබඳව මෙලෝ අදහසක් නොමැති දෙනෙත, සාර විට කෙතරම් සාර ද යන දෙගෙඩියාවෙන් පසුකර යන සාරවිට වෙළෙන්දා දෙස වරක් බලා ඉවත බලාගති.