Wednesday, October 9, 2019

අහස

තැඹ්ලි පාට අහස
කෙමෙන් බැසයන හැන්දෑව
ඒත් වියපත්  නොවූ හිරු රැස්
දිනය පුරා දහඩිය හෙළූ ගත
එනමුදු දිලිසෙන ඇස්
බලා ක්ශිතිජ ඉම
නිලංකාරව හිරු රැසින්
නොපෙනෙන ලෝකයක අතරමං වී
අත් ගැටෙන වාරු සොයන 
තැඹිලි පැහැ නොව රක්ත වර්ණවු
ඇවිදින රූකඩ 
තැඹ්ලි පාට අහස යට. 

No comments:

Post a Comment