Thursday, April 11, 2019

සන්දර්ශණය

නෙක වර්ණ
විදුලි ආලෝක
නානාවිද පාට
සැරසිලි
වේදිකා සරසා
දිව්‍යමාලිගා
විලසට
සංදර්ශනයට
වේදිකා සැරසී.
තිරය පිටුපස
ඇදුම් උනාදමා
උඩුබැලිව උන්
එකෙක් සායම්
තෙවෙකෙක් පුයර
අනෙකෙක් ආභරණ
සීසීකඩ දුවත්
නිරුවත් මෘග රැලක්
සැරසෙති
සොඳුරු පෙළහරකට


photo credit 
El Encanto Oculto De La Vida (Arte)

No comments:

Post a Comment