Monday, June 17, 2019

සළු

සලුපට අහසට
ම්හිබට සුරපුරයට
අකුණු හරහට
වැටුණි එළියට

වැලේ වැල් නැත
හිතේ සිහි නැත
බැලුව හැම අත
වැලේ සළු නැත

එහා ගෙදරින්
කව්ලු අතරින්
තිබුණු රෙද්දෙන්
වැසුනි තිසරුන්

හිමිදිරි පාන්දර
පාර අද්දර
කොළුවා දඩබ්බර
නෙළා පින්තූර

දුටුව ඒ සළෙලා
වස කපටි කැනහිලා
කල යල් බලා
ලීය කවිය සදලා

No comments:

Post a Comment