ගොරහැඩි ශබ්ද නගන අත් සලඹක් ඉතා අඩු පිරිවැයක් යොදා සාදා ගැනුනේ බෝතල් මූඩි තලා කම්බියක ආදාරයෙන් වලල්ලක් සෑදීමෙනි.
කනට මිහිරි ආකර්ෂණීය අධිසංක්යාත ශබ්ද මාදුර්ය්ය ඉන් නොනැගේ. එකම දෙය කෙටිරචනයෙ දෙවරක් ලීවේ උද්දීපනය සොඳහාය.
ඔහු කරේ එල්ලාගත් තට්ටුවේ ඉතා පරිස්සමට පාට පාට ගොටු අසුරා තිබුනේ අලංකාර ගෙත්තමක් විලසිනි. කිසිදු පිළිවෙළක් නොතිබූ හැසිරීම් විලාශය නිසා ගොටු පටිපාටියකට තැබීම හුදෙක් අහම්බයක් වන ලෙසටම දුටු නෙතට පසක් කෙරිනි.
දුහුවිලි නැගෙන කාශ්ටක මාර්ගය දිගේ ඔහු සලඹ සොලවමින් සාර විට වෙළදාමේ යයි. පිටින් වැටෙන දුහුවිලි හැරුණු විට විටේ අන්තර්ගත අනෙක් දේ පිළිබඳව මෙලෝ අදහසක් නොමැති දෙනෙත, සාර විට කෙතරම් සාර ද යන දෙගෙඩියාවෙන් පසුකර යන සාරවිට වෙළෙන්දා දෙස වරක් බලා ඉවත බලාගති.
Friday, January 4, 2019
විට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment