දෑස් අඩවන්ව නිද්‍රවක
හදවත නොසැලෙන කල
දගලන ගැස්සෙන අසුන
වේගයෙන් ඇදෙන රතයක විලස
දැනුනේද?
ගිමන් හල පොළොව මත
දෑස් පියන් පත් නැමිලා
සිසිල් අන්දකාරේ ගිලිලා
නිසසල මහීකතගේ
අධිවේගී පරිබ්‍රමණය
නොදැනුනේද?
හිත් විඩා මගහැර
සිත්සතන් විහිදාහැර
එක් සිත්ව එක්සත්ව
ත්‍රීරෝද රතයත්, මිහිමඩළත්
වේගයෙන් යන සැටිත්
අත්දුටිවේද?
අනෙකුන් පරයා
නොසෙල්වෙන සද
නිසල සිතේ චායාව
නිරපේක්ෂ ක්ශිතිජයේ
නොසැලී ඇති සැටි
කවදා දකිම්ද?
No comments:
Post a Comment