අල්ලට වැඩි
පොඩ්ඩක් පොඩි
කොටුවෙ කඩේ
පිලට අගින් එළිපත්තේ
කෑමජාති එල්ලෙනවා
කහට වතුර විසිවෙනවා
ව්‍යංජනත් පොඩ්ඩ පොඩ්ඩ
තම්බපු හාලේ
බත් පිගාන
පිගානට වැඩි
පොඩ්ඩක් පොඩි
ලෑලි මේසෙ
පස්සට වැඩ්
පොඩ්ඩක් පොඩි
පුටු පොඩ්ඩක්
කඩේ ඉදන්
කෑව කෑම
රහක් නෑ මෙලෝ
නූල වගේ වතුර පාර
අත සෝදා ඉදුල් පාර
වතුර නොබී මහපාරට
No comments:
Post a Comment