ඉන් මද කලකට පසු මාගේ ප්‍රථම ගුරුතුමියට කීවේ අපේ ගෙදරට පුංච් වදුරු පැටියෙක් ගෙනාවා කියාය, මා කියූ විස්තරය අනුව එය සත්‍යයක් බැව් ඇයට වැටහුණද වදුරු පැටියෙක් ගෙදරක ඇතිකිරීම එකල යම්තාක් දුරට අසාමාන්‍ය මෙන්ම භයානක දෙයක් නිසා ඇය මේ ගැන මා පියා ගෙන් අසා ඇතිවිට වදුරු පැටියා කව්දැයි හරිහැටි නිශ්චය කර ගෙනෙ ඇත.
ඒ වෙන කවුරුත් නෙවෙයි මාගේ නැගනියයි.
කුඩා කල ගිණි පෙල්ලක් වූ ඈ ඒ ලක්ෂණය දිගටම පවත්වා ගෙන ඇති බවට බොහෝ සාක්ශිකරුවෝ සිටිත්.
සණ්ඩුසරුවල්, බෙදාගැනීම්, සෙල්ලම් අතරේ කුඩා කාලය ගෙවී ගියත් එහි සුන්දර මතක සටහන් තවමත් ඉතිරිව ඇත.
ගම ගෙදර අතෑරල පිටමං වෙලා කාලාන්තරයක් ගත්වෙලා තියන වෙලාවෙ ආපසු හැරී බලන කල වැඩිමහල් සහෝදරයෙක් ගෙන් ඉටුවිය යුතු වගකීම හරිහැටි සිදුනොවුනුබව ස්වයං අධ්‍යනයකින ඉතා පැහැදිලිව මට අවභෝධ විය. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකිය,
නමුත් එකක් ස්ථිරව ඇත, විවාහ වී දරුමල්ලන් ලැබ ලොකුමහත් වුවත් මට හැමදාම පුංච්කාලෙ අතින් අල්ලගෙන ඉස්කෝලේට එක්කරගෙන ගිය ඒ පොඩි කෙල්ලට වඩා වෙනස් විදිහට දකින්න බෑ
ඒ හැටි!!!
සුභ උපන්දිනයක් !!!!!
No comments:
Post a Comment