මෙය නොලියාම බැරිය,
හොදදෙය හොදය,
නරක දෙය නරකය.
හොදදෙය කරන විට නොගැලපෙන දේ
එක්කිරීම කිරිකලයට ගොම දැමීමකි.
නිමිත්ත:-
කොල්ලො කට්ටියක් කල බීම දන්සැලකි,
ඔවුහු එකාමන් එකතුවී සැරසිලිකරති,
හවස් කොරේ දන්සැල සැලසුම් ය
දන්සැලේ පීකර් දමා ඇත.
මහා ඝෝෂාවක් සමග එමිනෙම් කෑමොර දෙනු ඇසිණි.
නයිට් ක්ලබ් සංස්කෘතියට නෑකම් කියන ඒවා ප්‍රසිද්ධියේ ඇසියහැකිදැයි ප්‍රශ්නයකි.
කෙනෙක් මෙය අතිශෝක්තියකින් ඉද්දීපනය කරනවා යැයි කීමට හැකිය.
තවෙකෙක් ඒක කොළුකම යැයි කියනුඇත.
දන්සැල් හොදය,
දෙන්නන්වාලේ දන්සල් දීම ඵල රහිතය.
ඒ අතරේ මේ අයුරින් නොගැලපෙන
ඔල්මොරොංදං වැඩද කරති.
එය වැරැද්දකට වඩා නොදැනුවත්කමක් ලෙස මම දකිමි.
ප්‍රසිද්ධ හා පෙනෙන පින්කම් කිරීමට
මෙකල ලොකු කුඩා බොහෝ උදවිය වැඩි උනන්දුවක් දක්වති.
දන්සලේ හෝ දානයේ නියමිත අරුත බැහැරකරමින් හෝ නොතකමින් කෙරෙන්නා වූ මේ දන්සල්
ගුණයනට වඩා අගුණ වැඩිදෝ යැයි හැගේ
No comments:
Post a Comment