යාන්තමින් හිරු කිරණ දිස් වූවා පමණි,
මදකින් අහස එල්ලා වැටිනි,
වැහිකළුවකින හාත්පසම වෙලා ගැනිණි,
වැඩිත් නැති අඩුත් නැති හීන් පොදයක් දසත විසිරිණි,
වැස්ස,
හිතුමතේ වහීවි,
හිමිදිරියේ කිමද මේ හිරිකඩ?
පොඩිඑකා තෙමේවි,
පින්නට එය වගක් නැත.
ඔහෙ හිටු!
පොඩිඑකා පන්තියට යනතුරු.
No comments:
Post a Comment