Saturday, June 17, 2017

සින්ඩරෙල්ලා

නැටුමට අත්වැලක් පමණක් වූ,
සින්ඩරෙල්ලාගේ කුමරා,
සද්ද නැතිව සාම්ප්‍රදායික පන්නයට,
කුමරියක තෝරයි.

අහෝ! කේදයකි,
මධ්‍යම රාතියේ,
දොලහේ කනිසමට,
මිරිවැඩි අතහැර,
කුමරිය ඝණාදුරේ සැගවීයයි.

කුමරියක නොවී,
මෙහෙකාරියක වූ ඇය,
නර්තනයන් කුමරියක සිරි ගත්‍තාය,
නැවත හිටතැන උන්නාය.

සිහින රැයේ කුමරියක වී,
සොදුරු රැයේ කුමරියක හමුවී,
ක්ශණයකින් වෙන්වී,
දෙතැනකට වී හිදී,
තම ඉරණම එසේ වන්නට දී.

සින්ඩරෙල්ලාගේ දිවිය වටා ගෙතුනු,
දිගහැරුමේ,
කුමරාට ඉඩ ඇතිනම් ඒ,
අත්වැලක් වීමට පමණි.
ඔහු ඇයට අත්වැලක් වීද?
ඈ ඔහුට අත්වැලක් වීද?
කතාව ඉදිරියට යායුතුය.

No comments:

Post a Comment