Sunday, June 11, 2017

කෑම

සුපිරි බොජුන් හලකි,
ගමේ පරසිද්දය,
රටේ කෑම සපිරිය,
සේවාව නම් අප්පිරියය.

ඉල්ලපුවා එකම රසය,
වෙනසකට ඇත්තේ එහි නමය.
හොද්දෙත් සුප් එකෙත් පාට එකය,
ආවේ මක්කදැයි හිතෙන්නේ එවිටය.

කාලා අහවරය,
දැන් පැය බාගෙත් අවසන්ය,
බිල ලියන්නට මෙතරම් ප්‍රමාදය,
ගාන දුටුවිට ඇස් උඩබ්මය.

ආයෙත් නොකරමි මෙතරම් මෝඩ වැඩ,
ඇති උනත් කෙතරම් බඩෙහි ඉඩ,
මේ ඇති ටික දොහක් කරන්න ඩයට් බඩ,
යමි ගෙදරම උයාගෙන කා පිරෙන බඩ.

No comments:

Post a Comment