මට තරහවිය,
ඔබ රතුවිය,
අපි හමුවිය,
මට වැඩ විය, සිහි නොවිය,
ඔබ ඉගෙනුමට උනන්දු විය,
ඉගෙනුම අතර අප මිතුරුවිය,
කල් ගෙවිය,
මිතුදම වැඩිවිය,
ආදරය මතුවිය.
මට ඕනෑවිය,
ඔබට එපාවිය,
මම ඔබේ විය,
ඔබ මගේ නොවීය.
මිතුදම වෙනස්විය,
ඔබ මගේ විය,
මම ඔබේම විය,
බොහෝ සොදුරු විය,
කුඩා ගැටුම්විය,
අප දුරස් විය,
හදින් තවත් ලංවිය.
විටින් විට හමුවිය,
හමුවීම උතුම් විය,
වෙන්වීම එපාවිය,
අවසන පිළිතුරු නොවිය,
කාලය ගෙවිය,
අප එක්විය,
අප අපේ විය,
මාද ඔබම විය,
ඔබද මා විය,
කැදල්ල එක්විය,
දෙක තුන විය,
නිදි නැතිවිය,
හැඩුම අනර්ගවිය,
තුන හතර විය,
දිවිය සොදුරු විය,
අප තවත් ලං විය!
No comments:
Post a Comment