පොඩි කාලයේසිට සැමන් කෑමට මගේ දැඩි පෙරේතකමක් තිබේ.
සුදු බත් සමග සැමන් රජ බොජුනකි.
සැමන් ලෙස හදුන්වන්නේ ටින් භාජනයක ඇසුරුම් කල මාළුවේ.
මේ සැමන් හා සබැදුනු අතුරු කතා බොහොමයකි.
පොඩි කාලේ ගෙදර සැමන් පරිභෝජනය ඉතා දුර්ලභවිය. එය එසේ වීමට එහිවූ නුගුණ හේතු විය, පියාගේ අදහස වූයේ ටින් කිරීමේදී එක් කරන රසායනිකයන් ශරීරයට ඉතා අහිතකර බවයි. එයට උදාහරණය මාළු ඇතුලේ විය, මාළු අස්ථි මොලොක් වී ඇති අයුරු දැකීමෙන් ඒවා කන අපේ අස්ති අස්තාන ගතවීම මොනවට පැහැදිලිවේ.
මගේ සැමන් කෑම සන්සිදෙන්නේ ආච්ච් අම්මා බලන්න ගියවිටය. ගිය විගස ඇගේ ප්‍රධාන කාර්යය වන්නේ විස්තර අසා ඊලගට මා කඩේ යැවීමයි.
ඒ සැමන් ටින් එකක් ගෙනඒමටය.
දහවලට ලැබෙන්නේ අපේ කුඹුරෙ වී පෙලා ගත් බත් සමග සැමන් මාලුවයි, කටට දැනුත් කෙල උනනවා.
සැමන් කොහොමත් විශේෂ අවස්තා සදහා ඉදිරියෙන්ම ඇති තේරීමකි. මුහුදෙන් ඈත කදුකරයේ ගම්මානයේ අමුත්ත්න් සදහා පිළියෙළ කලහැකි, පහසුවෙන් ලබා ගැනීමට ඇති නිසා මාංශ ආහාරයක් ලෙස පිලිගැන්වීමට බොහෝ ගෘහණියෝ පෙළඹෙත්.
ඈත ගමනක් යනවිට පිළියෙළ කරන ව්‍යැන්ජන අතර සැමන් ව්‍යැන්ජනය පෙරමුණ ගනී, අනෙක්වා වන්නේ වේලුමට සෑදූ පරිප්ප හා කොල මැල්ලුමකි. කෙසෙල් කොල වල එතූ ඒ බත්මුල අමෘත රසය.
සැමන් කෑමේ පෙරේතකම නිසා අකරතැබ්බයන්ට මුහුණ දීමටද සිදුවිය.
විශ්වවිද්‍යාලයේ විභාග කාලයක උදේ හවස සැමන් ව්‍යැන්ජන කෑවෙමි.
ඉන් පසු ආවේ නොනවත්වා සිදුවූ බඩඑළිය යාමයි.
දහවලට කෑ විගස වැසිකිළියට දිව ගියමි.
තත්පරයෙන් කොටස් වලින් බේරුණ අවස්ථා බොහෝවිය,
ඖෂධ මගින් ද ගුණයක් නොවූ එය සනීප වූයේ ගෙදර ගිය පසුය.
සැමන් ටින් එක්ක ඇත්තටම සැමන් මාළු නැත, ඇතොත් ඇත්තේ මැකරල් වර්ගයේ උන්ය.
දැන් දැන් අලවියට තබා ඇති ටින් හි ඇති වර්ගය හිතාගැනමත් අපහසුය.
පෙර චිලී රටෙන් ගෙනා සැමන් ටින් දැන් ලංකාවේදී ද නිපදවේ. එය හොද ප්‍රවනතාවයකි,
රස, ගුණ හා උසස් තත්වය තිබේදයි සැක සහිතය,
බඩේ රුදාව නිර්දේශිතය!
Thursday, June 15, 2017
සැමන්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment