Thursday, June 22, 2017

යටගියාව

අතීතය,
අවසන්ය; මතකයක් පමණි.
අනාගතය,
එළැඹ නැත; සිහිනයක් පමණි.
වර්තමානය,
අතමානයේය; මොහොතක් පමණි.

කාලාත්‍රයේ කිසිදු මොහොතක
පියවි සිහියකින් සිට නොමැත,
වර්තමානයේ නූන් අපි,
මතකයේ හෝ සිහිනයේ සැරිසරා ඇත.

මතකයන් අමතකව,
සිහිනයන් බොදව,
එළැඹි සිහි නොමැති නම්,
අන්දමන්දවනු ඇත.

මොහොතක වරුණ,
නොම දැනුණ,
මෝහයෙන් වැසීගත්,
සිත් සතන්,
කාගේනම් පිළිසරණද,
නොතේරුණු ඒ දැනුම,
ලැබේවා!!! සැම දනන් හට.

කටුසටහන!

No comments:

Post a Comment