සිතට එන මුල්ම හිතළුව මුල්කර
රචනය පටන් ගෙන
ඒ වස්තු බීජය මත නිර්මාණය විකාශනය වේ.
විකාශනයේදී සමහර විට බලාපොරොත්තු නොවූ හැරවුම් ලක්ෂ මුණගැසේ.
රචනය හරබර කර ගැනීමට එහෙන් මෙහෙන් වචන දැමීමෙන් මූලික අර්ථයට හානියක් විය හැක.
එබැවින් සරල සුගම ලෙස ලිවීම සාක්ෂාත් කීරීමට පෙළැඹෙමි.
මාගේ මූලිකම අරමුණ වන්නේ
හිතේ ඇති අදහස වැමෑරිමයි.
ගගක් අලංකෘත වන්නේ ගල් කදු අතරින්
හැපෙමින් කිරිපැහැ පෙන විසිරුවමින් ගලනවිටයි.
එය වෙනස් කර අමුණක් බැදිවිට එහි අරුතක් නැත. එය ගගේ ස්වභාවික
රසය සොයන පාඨකයාට කරන අසාධාරණයකි.
අමුණ බැදීමෙන් වෙනත් ඉසව්වක් දෙසට හා ගැඹුරු, නිශ්චල ලීලාවකින් එය සැරසිය හැකිය.
එහෙත් මාගේ රචන එසේ නොවේ, ඒවා නිකැලැල්ව අමුවෙන්ම එලියට විසිකරමි.
වැදගත් යමක් ඇත්නම්, අවැයි ඇත්තෝ අහුලා ගනිත්වා!
Tuesday, June 6, 2017
අ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment