Monday, June 26, 2017

වැස්ස #3

වැසි දිය කඩිති පැන යන පොඩිඑකා දුටුවිට,
සිහිවුනේ කෙරූ රග පොඩි කාලයේ මට,

ඇදවැටිණි වැසි පෙර පාසල නිමවන්නට
නෙල්ලි ගෙඩි තරම් වූ වැසිකැට,
පොළොව හාරා දුඹුරු පැහැයට
මිදුල්, පාර පුරා දෝරෙගලා ගියේ පහලට

කුඩ සිහිනොවිණි
වැස්සද අඩුවන ළකුණු නොමවිණි
පාසලද නිමවිණි
පැනෙනෙ මම මිටින්හල කුරුල්ලකු මෙනි.

පාර පුරා
වීදි සිසාරා
සිසුන් පීරා
මම උනෙමි මඩ ඌරා

කදු පල්ලම් පසුකරමින්
යහළුවන් හා අගරදගර කරමින්
වතුර ගලනා කානු ඇතුලින්
ගෙදර ඇදුනා හරක් රැලමෙන්

පියා උගන්වන පාසලට
බට හැටියෙ ගොඩනැගිලි අසලට
වහ වහා සොයා වතුර කරාමයට,
සේදුවා දුඹුරු කමිසය සුදුමවන්නට

වේලෙන්නට දමා කමිසය පිටු පස්සේ
හතිඇරියා පන්ති දොරකඩ බිස්සේ
වටේ උන් සිසුන්ගෙ කසුකුසු  අස්සේ
පියා ආවයි දුටුවමා තරහගැස්සේ

මා කල දෙය අසා ඒ සොදුරු හිතේ
ආදරය කරුණාවමයි හටගත්තේ
සෝදා වේලා තිබූ කමිසය ගහේඅත්තේ
අන්දවා සිනහවෙන් මා උණුහුමට ගත්තේ

No comments:

Post a Comment