Saturday, June 24, 2017

ජාතිය

සිංහල ජාතිය මුල සිටම අභාවයට ගියේ වෙන කිසිකෙනෙක්ගේ බලපෑමකින් නොවේ, ජාතියම ඊට කෙලවීය.

පෙර කාලයේ සිටම විවිධ ඉන්දීය ආක්‍රමණය පැවතුනත්, සංස්කෘතික හා ජාතික වශයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ආක්‍රමණයවූයේ පෘතුගීසින් විසිනි.
බලයට හා මතට ලොල් වූ අපේ මුතුන් මිත්තෝ ටිකටික පැත්ත මාරුකලහ, කෙසේ කීවත් එය මුල්ම පාවාදීමකි,
එහිදී වූ ත්‍රස්තවාදී හා මානවහිමිකම් කවවීම් අමතක කල නොහේ.
ආක්‍රමණයට විරුද්ධව නෑගීසිටි දේශමාමකයින් රාජ්‍යවිරෝධීන් විය.

විජයබා කොල්ලයෙන් කෙලවාගත් සිංහලයා ඉන්පසු ඉගුරු දී මිරිස් ගත්තේය.
ලන්දේසියා ඊට එහාවිය, උගෙන් ගැලවීමට කොක්ක ගැසුවේ රටේම මළගමටයි, ඒ ඉංග්‍රීසීන් සමගයි.
කාගේහෝ පැවැත්ම වෙනුවෙන් කල ඔලමොල තීරණ ටිකෙන් ටික රට ජාතිය විනාසයටම ගෙනගියේය.

ජාතියේම උන් උන්ටම විනකෙටීය,
කැප්පෙටිපොළ නිළමෙ කැරැල්ලට සූදානම් වනවිට මොල්ලිගොඩ නිළමෙ තම බලප්‍රදේශයේන් ඉංග්‍රීසීන්ට මග සාදාදුනි, ඒ ඉංග්‍රීසීන් හා තිබූ හිතවත්කමට නොව කැප්පෙටිපොළ නිළමෙ හා තිබූ නෝක්කඩුව නිසාය.
මෙය අදටත් පෙරට වඩා දරුණුම අයුරිනි සිදුවේ,

මට හිතෙන විදිහට මේ ජාතියට තව අවුරුදු 50 කට වඩා ආයුකාලය නොමැත,
එහි අවසන් පුරුක දැන් ගැලවී ඇත.

කටුසටහන අවසන්!!!

No comments:

Post a Comment