ඔන්න පොඩි කතාවක් මතක් උනා
නව නිර්මාණ තරගයකට පිස්සන් කොටුවෙන් නවීන මීකතුරක් ඉදිරිපත් කර තිබුනා.
එහි විශේෂත්වය වන්නේ මීයා ඇල්ලීමට කිසිම යානත්‍රනයක් නොතිබීමයි.
ලීයකට ඇණ දෙකක් ගසා ඒ ඇණ අතර සිහින් තන්තුවක් හොදින් ඇද ඇත.
තන්තුවෙන් එක් පසක කුඩා දීසි දෙකක් තබා එකක මස්ද අනෙකේ මාළු ද තිබිණ.
ක්‍රියාකාරීත්වය:
කෑම සොයා එන මීයා තන්තුව අසල නැවතී මස් ද මාළුද කන්නේ කියා දෙපස බලනුඇත.
මස්ද, මාළුද; මස්ද, මාළුද
කීපවරක් මෙසේ තෝරන විට මුවහත් තන්තුවට බෙල්ල කැපී මීයා මියයයි.
හුරේ කොහොමද වැඩේ!!!
ඊට එපිටින් තවත් ඒ වර්ගයේම මීකතුරක් විය,
එහි විශේෂත්වය වූයේ කුඩා දීසි දෙකේ කිසිවක් නිවීමයි.
ක්‍රියාකාරීත්වය:
කෑම සොයා එන මීයා තන්තුව අසල නැවතී මස් ද මාළුද තියෙන්නේ කියා දෙපස බලනුඇත.
මස්ද නැත, මාළුද නැත; මස්ද නැත, මාළුද නැත
කීපවරක් මෙසේ විමතියෙන් බලන විට මුවහත් තන්තුවට බෙල්ල කැපී මීයා මියයයි.
හුරේ! හුරේ!! හුරේ!!!
දෙවරම මීයා අසුවීඇත
අටවන්නා තවතවත් ලෝබකමකින් කුම්මැහිවී ඇත.
Cooperate story
No comments:
Post a Comment