Tuesday, June 13, 2017

අතීතය

අතීතාවර්ජනය,
නැතිතැන ඇතිලෙස,
හිත හිරකල,
පසුගිය මතකය.

ගෙවුනු අතීතය,
නැවත නොඑනලෙස,
ඈතින් ඈතට නැවත නොපෙනෙන ලෙස,
වැසී ගොස් ය කාලයේ වැලිතලාවෙන්.

කාන්සියට,
මහන්සියට,
යටගියාව,
හිත ඇතුලට.

සිතින් පමණක්,
මතකයේ පිහිනමින්,
කාලය කාදමා,
අතක විය අද දිනය.

පෙර දිනයක,
සිදුවූ ඒ අහඹු සිදුවීම,
දුක් දෙයක්ද
සතුටු හැගීමක් ද,
දැන් සිතට දැනී දැනෙන්නේ
සොදුරු මතකයක් පමණි.

සිතට වහල් වී,
මතකයට යටවී,
මේ සොදුරු මොහොත,
අමිල බව් අමතකය.

අතීතය අවසන්විය,
අනාගතය තවම පැමිණ නැත,
අතීතයෙන් ඉගෙනගෙන,
අනාගතයට පියමැණීමට,
අද දිනයේ ජීවත් වන්න.

No comments:

Post a Comment