ඉතිරි කිරීම පොඩි අවදියේ සිටම ප්‍රගුණ කරවීමට ඒ කාලයේ සිටම දෙමව්පියෝ පියවර ගත්හ.
ඉතිරි කිරීම් කීසැනින් සිහිවන්නේ මුදල් ඉතිරි කිරීමයි,
අප වරද්දා ගත්තේ එතැනවේ.
ඉතිරිකිරීමෙහි ඇති ගුණාත්මක බව මුලින්ම උගත්තේ මව් ගෙනි.
ඒ ඈට ලැබුණු උපදෙසකිනි,
වෙන කාගෙන්වත් නොව මගේ ආච්චි අම්මා ගෙනි.
මුල් කාලයේ මුදල් අඩුවක් වූ අවස්තාවකදි මුදල් දී පවසා ඇත්තේ
පුතේ, ඊලග මාසයේදි වියදමට මේ මුදල නොමැති බවයි,
එ නම් ණය බේරූ පසු ඉතිරිවන්නේ සොච්චමකි.
ආච්චී නොකියා කීවේ සකසුරුවම් කමේ අගයයි, එය ඉතිරි කිරීමෙන් ඔබ්බට ගිය ක්‍රියාවලියකි.
අම්මා ඉතිරි කලේ මුදල් පමණක් නොවේ, හාල් මිටමිට මුට්ටියක්ට දැම්මේ පමණට හාල් තිබී නොවේ.
පියා ඉතා වෙහෙස මහන්සිවී මුදල් හම්බ කිරීමේ නියැළුණද, ඔහුගේ සැබෑම ධනය ඉගෙනුම ලැබූ සිසු පරපුරයි.
එසේ ගත් කල් අප උපයන්නේ මොනවාදැයි සිතේ.
පමණ ඉක්මවා වියදමත්,
නොගැලපෙන ජීවන රටාවත්,
නුහුල්ලන ණය ප්‍රමාණයත්,
අද සමාජය හොල්ලන රුදුරු ත්‍රස්තයින් ය.
මිල මුදල ඉස්සර කරගත් බොහෝ දෙනා
මිලමුදල්ම පසුපස හඹා යයි.
ඉතිරිකිරීමේ සැබෑ අරුත,
සකසුරුවමේ අගය,
නැවත නැවතත් ප්‍රචලිත කිරමට කාලයයි මේ!!!
No comments:
Post a Comment