Wednesday, June 7, 2017

කච්චිය

රෙදි කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන්,
මේක මට ඇහෙන්නෙ 2011 හෝ 2012  වසරේදී, දුර ඈත වැඩබිමකදීය.
අවස්තාසම්භන්ධය අමතකය, පිරුළ දිගහැරීමද මින් නොකෙරේ,
කතාව කියූ කෙනා පමණක් මතකයට නැගිනි.
ඔහු ප්‍රනාන්දු මහතාය,
ආදරයට අපි කීවේ  ‍මෑඩ් "MAD" කියාය,
හෙතුව නම M. A. D. ප්‍රනාන්දු වීමයි.
මාගේ සීයා කෙනෙක් ගේ වයසේ වූ ඔහු අප සමග ඉතා කුළුපගව කටයුතු කලේය.
කතා කියන්නට ඔහු රුසියෙකි.
විවිධ ඉසව් ඔස්සේ කතා කී වද,
අපගේ හිත් ගත්තේ පොඩි නරක වචනයක් දෙකක් සහිත රස කතාය.
ඒ අතර ජීවිතයට අවැසි බොහෝ උපදෙස් කරුණු කාරණා ඔහු සැම විටම ලබා දුන්නේය.
කලින් නින්දට යන මෑඩ්, මහා පාන්දර අවදිවේ, එය කුඩා කල සිටම තිබූ පුරුද්දක් බව හේ පැවසීය.
මේනිසා අප සැම උදෑසන අවදිකරන සීනුව ඔහුය, උදයේම දොරට පයින් ගසා කෑගසන්නේ අප අවදි කිරීමටය.
ඒ ඝෝෂාව සමග අප අවදිවන්නේ කුණුහරුප ගොන්නක්ද සමගිනි.
එකල බොහෝ සුන්දර මතක සටහන් තවමත් ඉතිරිව ඇත.
රාජකාරිය වෙනුවෙන් එහිරැදී සිටියද රාජකාරි වෙලාවේද නවාතැනේදිද වෙනසක් නොවීය, රාජකාරිය ජීවිතය විය, ප්‍රනාන්දු මහත්තයා එහි රස ගගුලකි.
තවත් කතා පසුවට!

No comments:

Post a Comment