පන්ති පෙලට පිළිවෙළට සියල්ලෝම එක ලෙසට රැස් වූ උදෑසන රැස්වීම, ප්‍රධාන ගුරුතුමිය, අංශභාර හා පන්ති භාර ගුරු භවතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
එක යායට පිපුණු මල් කැකුළු මෙන් ළමෝ පෙළට සිටියහ. කඩිගායෙන් දගලන පොඩිඋන්, එකට එකාට උසුළු විසිළු කරත්, තවෙකෙක් පණුවන් මෙන් බිමහාරත්, තමාගෙම හීනයක උන් එකෙක් හදිසියෙන් අවදිව පියවි සිහියට එත්.
එදිනට නියමිත ඉදිරිපත් කිරීම් සදහා නම් කලඋන් බිත්තර තම්බති, තමාටම මුමුණති, ගැසෙති, දහඩියෙන් නැහැවෙති. කෙසේ මෙය අහවර කරන්නේදැයි සිතති. වෙව්ලමින් අරඹන මුත් දැහැනේ උච්චතම අවස්තාවකට ප්‍රසාංගය රැගෙනයත්.
ප්‍රසංග මංගල්‍යයක සිරිගත් එහි අයෙක්
වැඩසටහන් විස්තර කල අතර තවෙකෙක් විස්තර විචාරය කලහ, නාට්‍ය කණ්ඩායමෙන් පසු පැමිණෙන්නේ ගීත කණ්ඩායමයි. අවසානයේ ප්‍රධාන ආචාර්ය තුමියගේ ඔවදනින් වැඩ කටයුතු අවසන්වේ.
මම නැවත පාසල් ගියෙමි, ඒ දෝනියන්දගේ හපන් කම් බැලීමටය. එහෙත් මම මගේ පාසල් කාලයට මොහොතකට පිවිසියෙමි.
සුන්දරත්වය ඉහවහා ගියේය, ළමුන්ගේ කතා, ගීත අවසන උපදේශන කතාවෙන් වැඩ අවසන් විය, ඒ කාලයේ මෙන් මමද මුළු හදවතින් ම එයට සහභාගි වීමි, අවසානයේ ජාතික ගීයද ගැයීමු.
අන්තිම මොහොතේ ආග්‍රහනයවූ අධෝ වාතයෙන් පාසල් රැස්වීමේ අද්දෑකීම සර්ව සම්පූර්ණ විය.
කටුසටහන!