Friday, December 8, 2017

අන්තරීක්ෂ

කාලයන් අතර කාලය
එකම මිනුම් දඩුවෙන් මැනුම් කල
මුදු
තව තවත් බෙදා වෙන් කල කාලය.

කෙලෙසක තැත් කලද වෙනස් නොවන
කාලය
අප නැවතුනද නොනවතින
උවමනාවිට ඉක්මනින් නොගෙවෙන
වර්තමානයක් පමණක් ඇති
කාලය

මිනුමේ හතරවන මානය
ඉතිරි මිනුම් සමානය
එහෙත් කාලය අසමානය

අතීතය ගෙවී ඇත
අනාගතය පැමිණ නැත
මොහොතක රැදී ඇත

කාලාත්‍රයේ යාතා කරන
යාත්‍රිකයා
කාලය බෙදා
කාලයෙන් අතර කාලයකට
අන්තරීක්ෂ කාලයක වන්
මේ හතර මායිමේ
ගැටළුවෙන් ඔබ්බට
පියමං කරත්

දෘඪාංග සියල්ල
ධ්වනි බව
ත්‍රිමානය්ම කම්පනය වන බැව්
පසක්වී
ගැටළුවෙන් ඔබ්බට
පියමං කරත්

ඉන් එපිට
කාලයේ දඩබ්බර කම්
අවසානය

No comments:

Post a Comment