Sunday, December 10, 2017

ගම

ගම පරයා
පාර දෙපස
උසට උසේ
මහ බිල්ඩින්
මාල වැලේ
පබළු වගේ

මං තීරුත්
දෙකයි තුනයි.
වාහන ගොඩ
පාරදිගේ
ඇවිදින්නට
මං ඇහිරෙයි.

මුදලාලිලාය
මග දෙපසයි
බඩු මුට්ටුද
සේවා බොහොයි.
අධ්‍යාපන
කඩ පොකුරයි 

කඩි ගුලකට
උණු වතුරෙන්
දමා ගැසූ
කලක පටන්
හිස් ලූ ලූ
අත දිවුමෙන්
ඉහමොළ නැති
සතුන් මෙන්

අනේ අපොයි
මහ වින්නැහි
පාර එපිට
ගෙවල් ගොඩයි
මහ ගානට
සල්ලං වෙයි
වටින් ගොඩින්
බැලූ කල්හි
ඔක්කොම ටික
ලැයිම වගෙයි!

No comments:

Post a Comment