Tuesday, December 19, 2017

අහස

අහස උරණවීලා
මොකද මන්දා කාරනේ
හිමිදිරියේ පටන්
මුහුණ එල්ලාගෙන හිතුමතේ
කදුළු කැටමෙන්
පින්න වැටුනා දසාතේ
අනේ මන්දා
හනික හනිකට වෙනස් වූයේ
ඊයේ හවසත්
හොදින් සිටියා අපි හිතවතේ
කළු වලාකුළු
වලින් හැගවුන නිල් නිලම්බරේ
ඈත් මෑත් කර
හිනාවෙයන් දැන් හිරු කුමරුණේ


No comments:

Post a Comment