මට සිහිය එළැඹෙන විට සියල්ල සිදුවී හමාරය!
විදේශයකින් පැමිණි දුරකතන ඇමතුම විශේෂිත වූවක් නොවීය. එම අංකය දත්ත සටහනේ නිවූවත් ඇමතුම සක්‍රීය කර කනේ තබා ගතිමි.
"Hello!!"
"අකිල! මම England ආව. දැන ටිකකට කලින් තමා Apartment එකට ආවෙ."
" ඔයා මේකට කැමති නැතිනිසා තමයි මම තනියම ආවෙ, කලින් කීවනම් එන්න දෙන්නෙ නෑනෙ, I'm sorry"
"යාළුවො දෙන්නෙක් ඉන්....."
ඇය තව තවත් විස්තර ගොන්නක් එක හුස්මට කියාගෙන ගියාය. ඒ කනෙන් ගොස් අනෙක් කනෙන් පිටවූ කිසිවක් මට නෑසුනි.
එසේනම් ඇය පිටත් වී හමාරය. නැවත හරිගස්සා ගැනමට ක්‍රමවේදයක් නැත.
මාගේ කෙටිකාලීන බිරිඳ වූ ඈ, විශ්වවිද්‍යාල සමයේසිටම මා සමීපයේ දැවටි දැවටී සිටියාය. ඒ අපගේ දිවියේ සුන්දරතම පරිච්ඡේදයයි. වගකීමෙන් නිදහස් වී, අනාගත බලාපොරොත්තු ගොන්නක් පමණක් අතැතිව නිදහසේ ගෙවුනු කාලය නැවත කිසිදා ලබනු නොහැකිය.
අධ්‍යාපන කටයුතු අවසන දෙදෙනාම රැකියාවන්හි නියැළුණ අතර ටික කලකින් මංගල සීනු හැඩවිණි.
එකට ජීවිතය බෙදාහදාගෙන ජීවිතය වුවද අප දෙදෙනාටම එකිනෙකට වෙනස් අනාගත සැලසුම් විනි. එහි වූ පරස්පර විරෝධී බව වන්නේ, ඒ එකකවත් අපි අපි ලෙස නොසිටීමයි. තනි තනිව ගොඩනැගූ ඒ සැලසුම් දෙදෙනා වෙන් කිරීමට සමත් නොවීය. ආදරයේත් බැදමෙත් අඩුවක් නොවීය.
තාක්ෂණික අංශයේ මාගේ ව්‍යාපාරයක් ඇරඹීම මගේ අභිලාෂය වනවිට,වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගත්වීම ඇගේ බලාපොරොත්තුව විය. ඇගේ නැට්ටේ එල්ලී යාම මට කිසිසේත්ම සිතීමට පවා නොහැකි සංසිද්ධියකි.
" ඇත්තටම ඔයා කොහෙද ඉන්නෙ?" වියැලීගිය උගුර යාන්ත්මට පාදාගෙන ඇසීමි.
"ඇයි මම දැන් කීවෙ, ඉරේෂා එක්ක ඉන්නෙ කියල, කිසිම දෙයක් අහගෙන ඉදලනෑනෙ මට ආයෙ ඔක්කොම කියන්න බෑ" ඇය කීවේ නුරුස්නා ස්වභාවයෙනි.
" තව ටිකකින් විරාජ් අයියා meet වෙන්න එයාගෙ Apartment එකට යනව, එකම block එකේ තියෙන්නෙ, snow වැටනවා එලියේ සීතලයි"
එසේනම් එය සිද්දවී හමාරය. මාගේ විරෝධතා මධ්‍යයේ ඇය හොරරහසේම සියල්ල සැලසුම් කර පිටව ගොසිනි.
රැකියාවන්හි කාර්යය බහිලව යාන්ත්‍රික සමාජයේ ඉත්තන් වූ අපි, අවසානයේ අපට අප අහිමිව ඇත.
රාජකාරි කටයුතුවලට පසුගිය සති කීපයේම විටින් විට නිවසින් බැහැරව සිටීමට සිදුවිය. පිටවීමට ඇයට එය කදිම අවස්තාවක් විය. කඩිමුඩියේ ගෙදරදිව ආ මම ඈ සෙව්වද ඇය එහි නොවීය.
අප දෙදෙනාගේ රාමුකල චායාරූපයේ "I m sorry" කියා ලියා තබා card එකක "I will come back" ලෙස සටහනක්ද තබා තිබිණි.
මතරම් දෙයක් සිදුවනතෙක් මා ගොළුවෙක් බීරෙක් සේ සිටියේ කෙසේදැයි මටම අදහා ගත නොහැකිය.
" මේක මගේ Number එක, save කරගන්න, දැන් රෑවෙලානෙ නිදියන්න, I ....." ඉන් එහාට කිසිවක් නෑසිනි. එදා රැයේ සිහිනයෙන් දුටුවේ හිම වැටුණු අතුරු පාර දිගේ කෙලිදෙලෙන් ඇවිද යන හුරුබුහුටි ඇයයි.
තාවකාලික සමුගැනීම!
-----------------------------------------
දාඩිය දමා ගැස්සී සිහිනයෙන් අවදිවූ මට උහුලා ගත නොහැකි වේදනාවක් සර්වාංගයම පුරා දැනෙන්නට විය. දැවිල්ලකට සමාන හැගීමකින් ඇරඹී ඇගම හිරවී දැනෙන වේදනාවෙන් පෙළෙමි.
හැගීමක් දැනීමක් නොවී කලක් ගතවී එය වේදනාවකට පත්වඇත.
හෝටල් කාමරයේ ඇද මත හිදගත් මම මද වේලාවක් සිටියෙමි. වේදනාව තිබුනත් මහා අඩුවක් දැනෙන්නට විය.
"අහ්!! " මටම තරු විසිවිණි
දුරකතනය අතට ගත් මම ගබඩා කර නොගත් ඒ විදේශීය අංකය ඇමතීමි. ඒ මා නොදැනුවත්වම ගෙවුනු දින 10 කට පමණ පසුය.
අනෙක් පසින් ඇසුනේ කෙලිලොල් ඇගේ කට හඩයි.
" හදිස්සියෙම වැඩට ආව, අද කලින් shift එක තිබුන"
මුල්ම ඇමතුමට පසු මෙතෙක් දවසක් ඇමතුමක් නොගැනීම ගැන ඇගේ නෝක්කඩුවක් නොවීම මට පුදුම සහගතය.
" කොහොමද වැඩ?" කිසිවක් කීමට නැති තැන මම ඇසීමි.
"හොදයි රෑ 9:00 විතර වෙනකන් වැඩ ....."
මද වේලාවක් සතුටු සාමිචියේ යෙදී ඇමතුම විසන්ධි කෙරිනි.
No comments:
Post a Comment