Sunday, December 24, 2017

අතහැරීම

කාලයකට පෙර
මම
එතැන අතහැර ආවා
බලාසිටියා
ඔවුන්,
විටින් විට
යලට මහට
බැහැදකින්නට ගියා
මම,
නිමේෂයක විරාමයෙන්
නික්මී ආවා
එතැනින්
මම,
කාලයෙන් කාලයට
ඔවුන් ආවා බලන්නට
අප,
ඉන්නට කලක්
නැත හැකියාවක්
ඔවුනට
රබර් පටියක් මෙන්
දෙපසට ඇදුනා
ඔවුන්,
අල්ලාගෙන සිටින්නට
දැඩි ග්‍රහණයෙන්
හයියක් නොමැති
මම
අතහැර බලා සිටියා
ඈතින් ඈතට
නොපෙනීයනතෙක්
ඔවුන්
දෑස් පිය නොහෙලාම
මම.

No comments:

Post a Comment