Tuesday, December 26, 2017

නිල්

තෙල් ගාලා දෙකට බෙදූ කොණ්ඩ කරල්
දිගට දිගේ ඉග පහලට වැටුණු කරල්
හැඩට ගොතා බරට නැමී කිරිවැදුනු කරල්
තට්ටු කපා පාටදමා හැඩ වැඩදා මාළු වරල්

ඔබේ පාට හද එළියයි හැමදාම
තොලේ පැහැය පරයයි රතු මල් සෑම
නිල් තරුකැට ඇස් එලියයි හැම රෑ ම
වත්සුණු උලා දැමුවේ ඇයි නොකියාම

කාලයෙ විලාසිතාවට හැඩවී සුරගනක වගේ
සිත් පිනවයි නෙත් බදවයි මිහිබට සුරලියන් වගේ
අන් පිනවා සිත් සගවා සිනාසුනා නෙළුම වගේ
නිල්ල දිගේ සෙමෙන් සෙමෙන් එන්න නගේ

No comments:

Post a Comment