දන්නා හදුනන පිරිසක් මැද
නාදුනන ලෙස
නිහඬවම
මුල්ලක,
ගුලිගැසී පිරිසෙන් වෙන්වී
එකිනෙකට පරස්පර
කතා අතරේ
තනියම,
නිසොල්මන්ව ඇති රථ ගංගාවක
කරකියා ගත නොහී
එකතැනකටම
මුළුගැන්වී,
හදුනන්නෝ නොහදුන්නෝ කවරහුද
වාහනය ඇතුලතද
පිටතද නිශ්චය
කලනොහැකි,
නිසලව සංවේදන නොමැතිව
ගලක් සේ
ගල්ගැසී
ඇත
නිද්‍රාවේ නිමග්නව!
No comments:
Post a Comment