Thursday, December 14, 2017

පිනි

ගොම්මන කලින්ම ඇවිත්
ගහකොල හදිසියේම නිසොල්මනේ
කුණාටුවක පෙරනිමිති දෝ

සීතල සුළං රැලි ගත සනසා
සිත් පිනවා හමා ගියා
සර සර ගා එක සැරේම කොල සැලුනා

සුලන් හමා ගස් නැමුනා
බිංදු බිංදු ඇදහැලුණා
මහවැස්සක් ජනිත උනා

මුළු අහසම වලා වැසී
හාත් පසම අදුරු වැසී
දෝරෙගලා වැස්ස වසී

සැම තැනක්ම එළිය වැටෙයි
ඇස්ගෙඩි දෙක නිලංකාර වෙයි
රිදී ඉරෙන් අකුණු ගසයි

දෙවනත් කර යාය පුරා
කන් පලමින් හෙණ පුපුරා
බිය වද්දයි රෑන් පුරා

මහ වැස්සෙන් බේරෙන්නට
සොයා ගියා ගහක් යටට
වැහි දෙකකින් තෙමුනා හොදට

පායා ආ සද පිටමං උනා පියස්සෙන් එපිට
ඝණාදුරේ දොළපාරේ පියමැන්නා හනිකට
පය පැටළුනා සද පානත් නෑ තනියට

ගොඩවන විට ගෙයි ඇතුලට
දොර තදින් තදවී උළුවස්සට
එලියේ බූරු ඇදයි මගෙ පිහිටට!

No comments:

Post a Comment