කෝලි කුට්ටුවා නම් ආදර්ශයට ගතයුතු චරිතයකි. තමා කරන කටයුත්තේ කෙලපැමිණියකු වීමට හා එය වැඩිදියුණු කිරීමට ඇති නොතිත් කැමැත්ත හා නොපසුබට උත්සාහයයි.
වාසනාවකට ඔහු සාර්ථක විය, සාර්ථක නොව එය අතිසාර්ථකත්වයකි. රණ කාමියෙක් ගේ ගති ස්වභාවයෙන් පිරිපුන් ඔහු කෙලියේ සුපිරි වීරයකු විය. නමුත් ධාරාවේ ජනිතව සිතේ ඇතිවූ කුඩා සංකුලතා නිසා වයස අඩු වීරයාගේ ප්රවීණත්වයක් හෝ නිපුණත්වය පිළිඹිබු නොවිණි.
ළාමක හැසිරීම් විලාශය අපේ උන්ට නයාට අදුකොල මෙන් විය.
ටික කලක් ගිය පසු ඌ වටින් ගොඩින් ගරිල්ලා marketing ක්‍රමවේදයක් පටන් ගති.
අපේ උන් night club යනවිට මූ යකඩ කෑවේය. මහ රෑ night club යනවාට වඩා දවල් මහන්සි යට නිදා ගැනීම වටී.
මහේල හා සංගලත් ඔහොම් practice කරාට එව ප්‍රචලිත වූවාද සැකසහිතය.
කෝලි කුට්ටුවා පාරෙ සෙල්ලම් කරන කොල්ලො එක්ක cricket ගහපි, අම්මටහුඩු! හදිසියේම ඌ මාර පොරකි, ඌ cricket ගැහුවේ ලග Appartement එකේ සිටි ඉන්දියන් set එකක් සමගයි.
වෙළෙඳ සන්නාමයේ party වල අපේ උන් දගලද්දී මුන් ආපු වැඩේ කලහ.
ලගදීම් එලියට ආවේ කෝලියගෙ wedding එකයි.
ඒකත් අර marketing එකේ කෑල්ලකි.
Desert සදහා ලංකාවේ cheer leader කොළුවාට ආරාධනා ලැබී ඇත.
ඇත්තටම මේකව ඇදහිය යුතු චරිතයකි.
තව වැඩි කලක් යන්නට පෙර කෝලියා cricket වලින් සමුගන්නේ sri Sorbers පරදාය. ඊලග පිම්ම ඒ සමගම සිදුවනු ඇත. ඒ cricket businessman හා political agent වශයෙනුයි.
එය මාගේ හැගීම් හැටියට cricket ක්‍රීඩාවේ මළගමයි.
සැළකිය යුතුයි: මෙහිදී ඔහුට කෝලි කුට්ටුවා යැයි කීමෙන් කිසිදු ආකාරයක අපහාසයක් ගෙන ඒමට අදහස් නොකරන අතර එය ආදරයට භාවිතා කල සිංහල ඌරුවට ඔහුගේ නම කීමක් පමණි.
Saturday, December 30, 2017
කෝලි
නිහඬ
කිසිවක්ටත නෑසෙන හඩින්
පවසන්න හිත් පතුලෙන්
නැගෙන ඒ ගී රාවය.
ඔබේ ඒ දගකාර හිනාව
ඈතසිටම ලෙළදුන්න
කිසිත් හඬ නොනගාම
හඬක් කිසිවක් නොමැතිව
ලයේ උපන් දුක් ගීත
ඇසේ උන් කදුළු වී
ඉකිගසමින් හඬන හඩ
මහා මේඝයක් මෙන්
ඈසුනා ගව් ගනන් දුර ඈත.
කදුළකට හඬක් විත්
හිනහව නිහඬ වී
අහෝ මේ දුක් ගැහැට.
Tuesday, December 26, 2017
නිල්
තෙල් ගාලා දෙකට බෙදූ කොණ්ඩ කරල්
දිගට දිගේ ඉග පහලට වැටුණු කරල්
හැඩට ගොතා බරට නැමී කිරිවැදුනු කරල්
තට්ටු කපා පාටදමා හැඩ වැඩදා මාළු වරල්
ඔබේ පාට හද එළියයි හැමදාම
තොලේ පැහැය පරයයි රතු මල් සෑම
නිල් තරුකැට ඇස් එලියයි හැම රෑ ම
වත්සුණු උලා දැමුවේ ඇයි නොකියාම
කාලයෙ විලාසිතාවට හැඩවී සුරගනක වගේ
සිත් පිනවයි නෙත් බදවයි මිහිබට සුරලියන් වගේ
අන් පිනවා සිත් සගවා සිනාසුනා නෙළුම වගේ
නිල්ල දිගේ සෙමෙන් සෙමෙන් එන්න නගේ
නිල්
තෙල් ගාලා දෙකට බෙදූ කොණ්ඩ කරල්
දිගට දිගේ ඉග පහලට වැටුණු කරල්
හැඩට ගොතා බරට නැමී කිරිවැදුනු කරල්
තට්ටු කපා පාටදමා හැඩ වැඩදා මාළු වරල්
ඔබේ පාට හද එළියයි හැමදාම
තොලේ පැහැය පරයයි රතු මල් සෑම
නිල් තරුකැට ඇස් එලියයි හැම රෑ ම
වත්සුණු උලා දැමුවේ ඇයි නොකියාම
කාලයෙ විලාසිතාවට හැඩවී සුරගනක වගේ
සිත් පිනවයි නෙත් බදවයි මිහිබට සුරලියන් වගේ
අන් පිනවා සිත් සගවා සිනාසුනා නෙළුම වගේ
නිල්ල දිගේ සෙමෙන් සෙමෙන් එන්න නගේ
නිල්
තෙල් ගාලා දෙකට බෙදූ කොණ්ඩ කරල්
දිගට දිගේ ඉග පහලට වැටුණු කරල්
හැඩට ගොතා බරට නැමී කිරිවැදුනු කරල්
තට්ටු කපා පාටදමා හැඩ වැඩදා මාළු වරල්
ඔබේ පාට හද එළියයි හැමදාම
තොලේ පැහැය පරයයි රතු මල් සෑම
නිල් තරුකැට ඇස් එලියයි හැම රෑ ම
වත්සුණු උලා දැමුවේ ඇයි නොකියාම
කාලයෙ විලාසිතාවට හැඩවී සුරගනක වගේ
සිත් පිනවයි නෙත් බදවයි මිහිබට සුරලියන් වගේ
අන් පිනවා සිත් සගවා සිනාසුනා නෙළුම වගේ
නිල්ල දිගේ සෙමෙන් සෙමෙන් එන්න නගේ
Sunday, December 24, 2017
අතහැරීම
කාලයකට පෙර
මම
එතැන අතහැර ආවා
බලාසිටියා
ඔවුන්,
විටින් විට
යලට මහට
බැහැදකින්නට ගියා
මම,
නිමේෂයක විරාමයෙන්
නික්මී ආවා
එතැනින්
මම,
කාලයෙන් කාලයට
ඔවුන් ආවා බලන්නට
අප,
ඉන්නට කලක්
නැත හැකියාවක්
ඔවුනට
රබර් පටියක් මෙන්
දෙපසට ඇදුනා
ඔවුන්,
අල්ලාගෙන සිටින්නට
දැඩි ග්රහණයෙන්
හයියක් නොමැති
මම
අතහැර බලා සිටියා
ඈතින් ඈතට
නොපෙනීයනතෙක්
ඔවුන්
දෑස් පිය නොහෙලාම
මම.
Tuesday, December 19, 2017
අහස
අහස උරණවීලා
මොකද මන්දා කාරනේ
හිමිදිරියේ පටන්
මුහුණ එල්ලාගෙන හිතුමතේ
කදුළු කැටමෙන්
පින්න වැටුනා දසාතේ
අනේ මන්දා
හනික හනිකට වෙනස් වූයේ
ඊයේ හවසත්
හොදින් සිටියා අපි හිතවතේ
කළු වලාකුළු
වලින් හැගවුන නිල් නිලම්බරේ
ඈත් මෑත් කර
හිනාවෙයන් දැන් හිරු කුමරුණේ
Sunday, December 17, 2017
නන්නාඳුනන
දන්නා හදුනන පිරිසක් මැද
නාදුනන ලෙස
නිහඬවම
මුල්ලක,
ගුලිගැසී පිරිසෙන් වෙන්වී
එකිනෙකට පරස්පර
කතා අතරේ
තනියම,
නිසොල්මන්ව ඇති රථ ගංගාවක
කරකියා ගත නොහී
එකතැනකටම
මුළුගැන්වී,
හදුනන්නෝ නොහදුන්නෝ කවරහුද
වාහනය ඇතුලතද
පිටතද නිශ්චය
කලනොහැකි,
නිසලව සංවේදන නොමැතිව
ගලක් සේ
ගල්ගැසී
ඇත
නිද්‍රාවේ නිමග්නව!
Friday, December 15, 2017
ගමනක ඇරඹුම
මට සිහිය එළැඹෙන විට සියල්ල සිදුවී හමාරය!
විදේශයකින් පැමිණි දුරකතන ඇමතුම විශේෂිත වූවක් නොවීය. එම අංකය දත්ත සටහනේ නිවූවත් ඇමතුම සක්‍රීය කර කනේ තබා ගතිමි.
"Hello!!"
"අකිල! මම England ආව. දැන ටිකකට කලින් තමා Apartment එකට ආවෙ."
" ඔයා මේකට කැමති නැතිනිසා තමයි මම තනියම ආවෙ, කලින් කීවනම් එන්න දෙන්නෙ නෑනෙ, I'm sorry"
"යාළුවො දෙන්නෙක් ඉන්....."
ඇය තව තවත් විස්තර ගොන්නක් එක හුස්මට කියාගෙන ගියාය. ඒ කනෙන් ගොස් අනෙක් කනෙන් පිටවූ කිසිවක් මට නෑසුනි.
එසේනම් ඇය පිටත් වී හමාරය. නැවත හරිගස්සා ගැනමට ක්‍රමවේදයක් නැත.
මාගේ කෙටිකාලීන බිරිඳ වූ ඈ, විශ්වවිද්‍යාල සමයේසිටම මා සමීපයේ දැවටි දැවටී සිටියාය. ඒ අපගේ දිවියේ සුන්දරතම පරිච්ඡේදයයි. වගකීමෙන් නිදහස් වී, අනාගත බලාපොරොත්තු ගොන්නක් පමණක් අතැතිව නිදහසේ ගෙවුනු කාලය නැවත කිසිදා ලබනු නොහැකිය.
අධ්‍යාපන කටයුතු අවසන දෙදෙනාම රැකියාවන්හි නියැළුණ අතර ටික කලකින් මංගල සීනු හැඩවිණි.
එකට ජීවිතය බෙදාහදාගෙන ජීවිතය වුවද අප දෙදෙනාටම එකිනෙකට වෙනස් අනාගත සැලසුම් විනි. එහි වූ පරස්පර විරෝධී බව වන්නේ, ඒ එකකවත් අපි අපි ලෙස නොසිටීමයි. තනි තනිව ගොඩනැගූ ඒ සැලසුම් දෙදෙනා වෙන් කිරීමට සමත් නොවීය. ආදරයේත් බැදමෙත් අඩුවක් නොවීය.
තාක්ෂණික අංශයේ මාගේ ව්‍යාපාරයක් ඇරඹීම මගේ අභිලාෂය වනවිට,වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගත්වීම ඇගේ බලාපොරොත්තුව විය. ඇගේ නැට්ටේ එල්ලී යාම මට කිසිසේත්ම සිතීමට පවා නොහැකි සංසිද්ධියකි.
" ඇත්තටම ඔයා කොහෙද ඉන්නෙ?" වියැලීගිය උගුර යාන්ත්මට පාදාගෙන ඇසීමි.
"ඇයි මම දැන් කීවෙ, ඉරේෂා එක්ක ඉන්නෙ කියල, කිසිම දෙයක් අහගෙන ඉදලනෑනෙ මට ආයෙ ඔක්කොම කියන්න බෑ" ඇය කීවේ නුරුස්නා ස්වභාවයෙනි.
" තව ටිකකින් විරාජ් අයියා meet වෙන්න එයාගෙ Apartment එකට යනව, එකම block එකේ තියෙන්නෙ, snow වැටනවා එලියේ සීතලයි"
එසේනම් එය සිද්දවී හමාරය. මාගේ විරෝධතා මධ්‍යයේ ඇය හොරරහසේම සියල්ල සැලසුම් කර පිටව ගොසිනි.
රැකියාවන්හි කාර්යය බහිලව යාන්ත්‍රික සමාජයේ ඉත්තන් වූ අපි, අවසානයේ අපට අප අහිමිව ඇත.
රාජකාරි කටයුතුවලට පසුගිය සති කීපයේම විටින් විට නිවසින් බැහැරව සිටීමට සිදුවිය. පිටවීමට ඇයට එය කදිම අවස්තාවක් විය. කඩිමුඩියේ ගෙදරදිව ආ මම ඈ සෙව්වද ඇය එහි නොවීය.
අප දෙදෙනාගේ රාමුකල චායාරූපයේ "I m sorry" කියා ලියා තබා card එකක "I will come back" ලෙස සටහනක්ද තබා තිබිණි.
මතරම් දෙයක් සිදුවනතෙක් මා ගොළුවෙක් බීරෙක් සේ සිටියේ කෙසේදැයි මටම අදහා ගත නොහැකිය.
" මේක මගේ Number එක, save කරගන්න, දැන් රෑවෙලානෙ නිදියන්න, I ....." ඉන් එහාට කිසිවක් නෑසිනි. එදා රැයේ සිහිනයෙන් දුටුවේ හිම වැටුණු අතුරු පාර දිගේ කෙලිදෙලෙන් ඇවිද යන හුරුබුහුටි ඇයයි.
තාවකාලික සමුගැනීම!
-----------------------------------------
දාඩිය දමා ගැස්සී සිහිනයෙන් අවදිවූ මට උහුලා ගත නොහැකි වේදනාවක් සර්වාංගයම පුරා දැනෙන්නට විය. දැවිල්ලකට සමාන හැගීමකින් ඇරඹී ඇගම හිරවී දැනෙන වේදනාවෙන් පෙළෙමි.
හැගීමක් දැනීමක් නොවී කලක් ගතවී එය වේදනාවකට පත්වඇත.
හෝටල් කාමරයේ ඇද මත හිදගත් මම මද වේලාවක් සිටියෙමි. වේදනාව තිබුනත් මහා අඩුවක් දැනෙන්නට විය.
"අහ්!! " මටම තරු විසිවිණි
දුරකතනය අතට ගත් මම ගබඩා කර නොගත් ඒ විදේශීය අංකය ඇමතීමි. ඒ මා නොදැනුවත්වම ගෙවුනු දින 10 කට පමණ පසුය.
අනෙක් පසින් ඇසුනේ කෙලිලොල් ඇගේ කට හඩයි.
" හදිස්සියෙම වැඩට ආව, අද කලින් shift එක තිබුන"
මුල්ම ඇමතුමට පසු මෙතෙක් දවසක් ඇමතුමක් නොගැනීම ගැන ඇගේ නෝක්කඩුවක් නොවීම මට පුදුම සහගතය.
" කොහොමද වැඩ?" කිසිවක් කීමට නැති තැන මම ඇසීමි.
"හොදයි රෑ 9:00 විතර වෙනකන් වැඩ ....."
මද වේලාවක් සතුටු සාමිචියේ යෙදී ඇමතුම විසන්ධි කෙරිනි.
Thursday, December 14, 2017
පිනි
ගොම්මන කලින්ම ඇවිත්
ගහකොල හදිසියේම නිසොල්මනේ
කුණාටුවක පෙරනිමිති දෝ
සීතල සුළං රැලි ගත සනසා
සිත් පිනවා හමා ගියා
සර සර ගා එක සැරේම කොල සැලුනා
සුලන් හමා ගස් නැමුනා
බිංදු බිංදු ඇදහැලුණා
මහවැස්සක් ජනිත උනා
මුළු අහසම වලා වැසී
හාත් පසම අදුරු වැසී
දෝරෙගලා වැස්ස වසී
සැම තැනක්ම එළිය වැටෙයි
ඇස්ගෙඩි දෙක නිලංකාර වෙයි
රිදී ඉරෙන් අකුණු ගසයි
දෙවනත් කර යාය පුරා
කන් පලමින් හෙණ පුපුරා
බිය වද්දයි රෑන් පුරා
මහ වැස්සෙන් බේරෙන්නට
සොයා ගියා ගහක් යටට
වැහි දෙකකින් තෙමුනා හොදට
පායා ආ සද පිටමං උනා පියස්සෙන් එපිට
ඝණාදුරේ දොළපාරේ පියමැන්නා හනිකට
පය පැටළුනා සද පානත් නෑ තනියට
ගොඩවන විට ගෙයි ඇතුලට
දොර තදින් තදවී උළුවස්සට
එලියේ බූරු ඇදයි මගෙ පිහිටට!
Sunday, December 10, 2017
ගම
ගම පරයා
පාර දෙපස
උසට උසේ
මහ බිල්ඩින්
මාල වැලේ
පබළු වගේ
මං තීරුත්
දෙකයි තුනයි.
වාහන ගොඩ
පාරදිගේ
ඇවිදින්නට
මං ඇහිරෙයි.
මුදලාලිලාය
මග දෙපසයි
බඩු මුට්ටුද
සේවා බොහොයි.
අධ්‍යාපන
කඩ පොකුරයි
කඩි ගුලකට
උණු වතුරෙන්
දමා ගැසූ
කලක පටන්
හිස් ලූ ලූ
අත දිවුමෙන්
ඉහමොළ නැති
සතුන් මෙන්
අනේ අපොයි
මහ වින්නැහි
පාර එපිට
ගෙවල් ගොඩයි
මහ ගානට
සල්ලං වෙයි
වටින් ගොඩින්
බැලූ කල්හි
ඔක්කොම ටික
ලැයිම වගෙයි!
Friday, December 8, 2017
අන්තරීක්ෂ
කාලයන් අතර කාලය
එකම මිනුම් දඩුවෙන් මැනුම් කල
මුදු
තව තවත් බෙදා වෙන් කල කාලය.
කෙලෙසක තැත් කලද වෙනස් නොවන
කාලය
අප නැවතුනද නොනවතින
උවමනාවිට ඉක්මනින් නොගෙවෙන
වර්තමානයක් පමණක් ඇති
කාලය
මිනුමේ හතරවන මානය
ඉතිරි මිනුම් සමානය
එහෙත් කාලය අසමානය
අතීතය ගෙවී ඇත
අනාගතය පැමිණ නැත
මොහොතක රැදී ඇත
කාලාත්‍රයේ යාතා කරන
යාත්‍රිකයා
කාලය බෙදා
කාලයෙන් අතර කාලයකට
අන්තරීක්ෂ කාලයක වන්
මේ හතර මායිමේ
ගැටළුවෙන් ඔබ්බට
පියමං කරත්
දෘඪාංග සියල්ල
ධ්වනි බව
ත්රිමානය්ම කම්පනය වන බැව්
පසක්වී
ගැටළුවෙන් ඔබ්බට
පියමං කරත්
ඉන් එපිට
කාලයේ දඩබ්බර කම්
අවසානය
Wednesday, December 6, 2017
Marriage at a profit
The subject matter in this topic is nt all that, yet a rather unknown fact, profit on a wedding.
crazy ha?
After all those fancy onetime expenditure how come there is a profit, well you never know.
This is a hypothesis I m creating to argue with my self. Most of the wedded couples know the facts and figures associated with a wedding/homecoming pheromone, general public assume then, but no one speaks about the gifts and money received from the participants, well-wishers, relatives, friends etc ( well its a secret of the mother in LAW !!)
I argue that after all those expenditure wedded couple still walks away with a profit. ( OK I will come to my case later)
Look this is the stultification, other that a completely independent couple whom had planned their own wedding paying the wedding planner, photographer, makeup artist, music, hall, honeymoon, helicopter arrival what not, majority of those are funded by parents, therefore the expenditure on the couple is minimal.
Next travel gifts given by most prestigious well wishers, or relatives, doesn't that count.
Value of the gifts are not accounted at any case, after opening say" Ah! those buggers have only bought a cheap tea cup set what to do with this? this would have cost less than 1000. its a loss what we have fed them with, how may came, did you see how they ate? " like wise. Also there is one more, i.e. similar gifts received have no value. typical example is the teacup set.
Some choose the give Money in an envelop this is direct cash receipt.
Others some gift vouchers ect,
recently I heard that there are gift books available at the popular consumer items sales & furniture sales outlets so that the wedding invitees can pay their contribution to the items wished by the couple: What? yes true, I was amazed by this. seems its actually happening.
Last but not the least the Dawry, doesn't it count?
when every thing is accounted, I believe a Wedding is a profit center for the couple.
It would be disappointing if don't say about my own experience,
of cause in my case it wasn't a profit or loss but a win win situation ( Most importantly I cannot remember the figures its been a decade now)
Tuesday, December 5, 2017
Write
one can argue on this, yet writing doesn't necessarily have to be on letters, our sweet story tellers, grandparents are the greatest writers, who most probably didn't know how to writer or writer as a writer. simple stories, fairy tales, folktales & their own experiences were those amazing creations of all times.
Of cause without a written document the long lasting property of the story is subject to depletion, yet; ancient folktales remain within our hearts.
This is where we should Step in, today! today itself we must start writing them. write what comes to your mind, write what you have heard, write what you were told, re-write same old stories, preserve. there will be critiques, sub-optimistic butchers will grumble saying, armature writer would do harm than good, of cause it would. but the beginners will learn, sharpen the pencils, use erasers to correct themselves. Rather than seeing the worst, everyone shall come in to play and guide the beginners towards correct direction.
Fear of failure, is the worst enemy anything or anyone could ever inherit. especially for a person who thinks of writing. Fear of comments, critiques, others thoughts; will definitely kill the instincts before anything ever spill out. For me also the same, others couldn't believe.
"Are you alright?"
"Did your head hit somewhere?"
These could be some typical questions.
Answer them with your narrations, after sometime your worst critique will become the best fan.
So write! take the pencil now ( of cause not me cos my handwriting is related to ancient civilizations- Therefore I rather stick to typing )
Reading helps a lot in shaping your writing, I personally don't read, rather big novels, books etc. but preferably I choose Articles, study papers where concentrated information is captured by a person who have read the related references, so why re invent the wheel when its already prepared.
Please read for others, especially for youngsters, bedtime stories are the perfect sleeping tablet for both the reader and the listeners ( the reader will fall asleep first)
so write!