Tuesday, November 24, 2020

පාට

අම්මාහට එක පාටක් 
තාත්තාට තවපාටක්
අක්කා වෙනමම පාටක්
එයාටනම් පාට දෙකක්

සීයාහට කළු පාටක්
ආච්චීට සුදු පාටක්
කළු පාටත් හොඳ පාටක් 
පෝයදාට සුදු පාටක් 

අම්මා කැමතිම පාටක්
තාත්තාට දෙන පාටක්
අක්කා කැමතිම පාටක්
එයාටනම් පාට දෙකක්

Saturday, November 21, 2020

time

There comes a time
When you sleep alone 
Among the family 
Nights you become alive 
In your dreams

There comes a time 
When you sleep forever
Among the old kin
Time you become a memory 
In time passing by 

There comes  a time 
When the kin is long gone 
In the long dust of time 
Mamories fades away
Where the new stories are born 

Friday, November 13, 2020

තුඩ

පාළුවට 
තනිකමට 
කාන්සිය 
හැරගන්න 
හිත ගාව
දැවටිච්ච
සිතුවිල්ල 
තෙළිතුඩක
සාරයට 
ඇඟිලි කරු 
අතරටම 
හිරවෙලා 
පැන්සලක
මොටවෙච්ච 
තුඩු ආයෙ 
අකුර වෙයි 
පද ගානෙ 

Sunday, October 25, 2020

පොඩිඑකාගෙ චිත්‍රය

පොඩිඑකා චිත්‍ර ලිවීමට රුසියෙකි, ඌ චිත්‍ර අඳින්නේද ලියන්නේද යන්න පොත උඩුයටිකුරු කර කට උල්කර බැලුවත්      තේරුම් ගැනීම උගහටය. ඒවා කතා චිත්‍ර නොහොත් චිත්‍ර කතාය. 
පොඩිඑකාගෙ චිත්‍රය වගේ කියමනට කිව්වත් මේක එසේ මෙසේ එකක් නොවෙන්නේ සියුම් විස්තර එකිනෙකට ගලපා ඇඳ තිබීමයි. 
ඉඳ හිට බොන hot chocolate  බීම චිත්‍රයේ ලොකුවට වක්කර තිබුනත් ජීවිතයටවත් එය උන්දෑවිසින් රස්නෙන් නොබී තිබීම හරිම විනෝදජනක් අත්දැකීමකි හරියට එළුවා රැවුල කපන්න ගියා වගේය.
ගෙදර මූලාසනය උදේ 6 යේ සිට ඔපීසියට ගාල්කර නැවත ගෙට වද්දාගන්නේ හවස හයෙන් පසුවයි.  
ලමාතැනී වළඳෙන් උපමාකර දක්වන්නේ විමසිලිමත් කෝනයකිනි. වලං සේදීම එතරම් විනෝදජනක කර්තව්‍යයක් නොවනවග මනාවට ඕ අඳුනාගත්තත් ලමාතැනී ඒවගක් තඹයකට මායිම් නොකරන්නීය. 

කතාවේ උත්කෘෂ්ඨ අවස්ථාව එළඹෙන්නේ අතිජාත මිත්‍රයාගේ ආගමනයත් සමගම ඕතෙමේ ගේ ආරාධනයයි. ඉන් මුසපත් වන්නෝ පොඩිඑකා ඇගේ බාල සහෝදරී හා ලමාතැනී වන්නාහ. 
ලිවීමද, ඇඳීමද කෙසේවෙතත් කතාව නියම කැඩපතෙකි. 

කෙටි කතාව මගින් නිමයි. !!!! 

Saturday, October 24, 2020

ගඟ

ගඟ ගලා බසී
දෙඉවුර දෙපස බලාසිටී 
ගඟ පලළට 
ඇති ඈතට 
ඉවුරු දෙකක් 
ගඟ නැති තැන
ලංවනවා නිතැතින්

ගඟ ගලා බසී
කඳු පන්තිය 
තැනින් තැනින්
මුදුන් දෙකක්
නිම්නයකින් 
හාවන්නේ නෑ කවදත් 

ගඟ ගලා බසී
රළු වැහි රැලි
ඉහල ඉමේ
ඉවුරු දෙකත් 
පරිස්සමෙන් 
දෙගොඩතලා 
නොයන් කිසිත් 

ගඟ ගලා බසී 
ඉවුරු දෙකත් 
දෙපසින්නේ 
පෙන කැටි හැම
විසිවන්නේ
ගඟ සතුටින්නේ
මම ගඟ නම්!

Sunday, September 27, 2020

දුවේ

පුංචි හිනා මල් ගාව
දිගට දිගේ කොණ්ඩයක
කෙලිකවට ඔය ගාව
මදසිනා කට කොනෙක

පාසලත් අත ගාව
ඇවිදගෙන හැම දාක
යන විටදි පොටගාව
සුරැකුණා පිනි විටෙක

ඈත ඉඳන් නෙත් ගාව
කෙලිදෙලෙන් උන් රෑක
දොයියගෙන මාගාව
රජකුමරි  හීනයක

මගෙ දුවේ උඹ ගාව
උඹෙ අම්මා නැතිදාක
අත්තම්මා ඇඳගාව
සිටිනවා හැමරෑක

Sunday, August 30, 2020

සමාජ ආර්ථිකය කොයිබටද 2

ආර්ථික ඔස්තාද් මම විසින් ඉදිකිරීම් ක්ශේත්‍රයේ කඩාවැටීම ගැන පසුගිය ලිපියේ සටහන් කලා.
 
අද තියෙන්නෙ සංචාරක හා බැංකු යන සේවා ක්ශේත්‍රයේ මගේ විග්‍රහය ඉදිරිපත් කරන්නයි.

කලින් සඳහන් කලා වගේම 2009 න් පසුව සේවා ක්ශේත්‍රයේ ඉතා සීග්‍ර දියුණුවක් සිදුවෙනව, දේශිය වෙළඳපොලේ මුදල් සංසරණය නිසා ආර්ථික දියුණුවක් හා සමාජය ඒ වටා එක්වීමත් ඒ මත රඳාපැවතීමත් පසුගිය වකවානුවේ වූ විවිශේෂත්වයකි. 

හෝටල්, කෑම කඩ, බැංකු හා ලීසිං ආයතන, අනෙක් සේවා ස්ථාන මේ අංශයේ ප්‍රධාන කොකොටස්කරුවෝ වෙත්. හේතුව මේවා එකිනෙකට සම්බන්ධ බැවිනි, 

බැංකු පොඩි වෙනසක් වන්නේ 2014 න් පසුව සිදුවන මූල්‍ය පසුබෑම හා ඉදිකිරීම් ක්ශේත්‍රයේ සිදුවූ පසුබෑම් නිසා බැංකු මගින් අයෝජනය හා ණය සීමා කිරීම නිසා තවදුරටත් මූල්‍ය අර්බුදය තීව්‍රර කරන්න මූලික දායකත්වයක් දක්වන ලදී. 
බැංකු තුල මුදල් ගොඩ ගැසුණු අතර වෙළඳපොලේ මුදල් හිඟවීම ටිකටික ආරම්භ විය. එය සෑම අංශයකටම බලපෑම් කලද එතරම් සමාජ ආර්ථිකය ට දැනුනාද යන්න ගැටළුවක් විය, ඒ අනෙක් ක්ශේත්‍ර වලින් තිබුණු තල්ලුවක් වෙන්නෙ පුළුවන්, කොහොමටත් මේ වෙන විට බැංකු සල්ලි ගොඩගැහිල කරගන්න දෙයක් නැතුව හිරවෙලා හිටියෙ මොකද සල්ලි එලියට දුන්නොත් තමයි ඒ අයට ආදායම් උපයන්න පුළුවන්, CCOVID 19 නිසා බැංකු නන්නත්තාර වන්නේ ගත්ත සොච්චමත් මිනිස්සු නොගෙවා ඉදීමත් වෙළඳපොලේ මුදල් අවශ්‍යතා අඩුවීම නිසයි.
අනෙක් මූල්‍ය අංශයේ තත්ත්වය මීට දෙවෙනි නොවේ! 

සංචාරක ක්ශේත්‍රයේ ප්‍රබෝධය 2009 න් පසුව රටේ අස්සක් මුල්ලක් නෑර දක්නට ලැබිණි. 2014 න් පසුව එය තවත් තීව්‍රර විය, 
2019 Easter attack සංචාරක ක්ශේත්‍රයේ මරුපහර එල්ල වූ තැන විය බිස්මාක් යුධ නැවට එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරය මෙන් සංචාරක කර්මාන්තය එක තැන කරකැවීමට ඒ සිද්දියට හැකිවිණි. 
එහෙත් ඉතා ඉක්මනින් නැවත සංචාරක ක්ශේත්‍රයට ඔලුව උස්සන්න පුළුවන් උනත් සිදුවූ පාඩුව ගොඩදාගන්න තව අවුරුදු 2ක් යන සේයාවන් පිළිඹිබු විය, 2020 පෙබරවාරි සිට මෙරටට සැපත් වූ COVID 19 නැව ගිල්ලා දාන අවසාන ප්‍රහාරය දියත් විය, සංචාරක හා ඒ සම්බන්ධ සියළුම අංශ අකර්මණ්‍ය කල මේ තත්ත්වය අවසන් වන දිනයක් මේ මෑත අනාගතයේ පෙනෙන්නට නැත, 
සමාජ ආර්ථිකය යාන්තමින් එල්ලිලා තියෙන්න තිබූ සේවා අංශය දැන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත, 2019 සිදුවීම නිසා වූ කඩාවැටීම නැවත හරිගස්සන්න කල් වෙලා නොලැබීම නිසා COVID 19 නිසා සමාජ ආර්ථිකය නැවතීම සිදුවිය. 
දේශීය සංචාරකයන් හා දේශීය සේවා මගින් පොඩි කාලයක් අල්ලගෙන යන්න පුළුවන් වුවත් වැඩිකල් යන්න ඒක පිටිවහලක් නොවේ. 
ඒ ප්‍රතිඵලයක් විදිහට සේවා ක්ශේත්‍රයේ දැනට එළියට වැටුණු සේවකයිනට අමතරව ආයතනද කඩාවැටී වසා දැමීම සුලබ සංසිද්ධියක් බවට හෙට අනිද්දා සිට පත්වනු නොඅනුමාය. 

ඒකට අපි හැමෝටම ලෑස්ති වෙන්න වෙනව,  හේතුව මේ සමාජ ආර්ථිකය හැම ක්ශේත්‍රයක්ම සම්බන්ධ නිසා. 

Thursday, August 27, 2020

සමාජ ආර්ථිකය කොයිබටද

ආර්ථික විද්‍යා හෝ සමාජ විද්‍යා පිලිබඳව විශේෂඤ්ඤ දැනුමක් හෝ පරිපූර්ණ දත්තයන් මත පදනම් නොවූ මේ විග්‍රහය තවත එක් පල් හෑල්ලක් වීමට ඉඩඇතත්, පුරවැසියෙක් විදිහට මට පෙනෙන අයුරින් අදහස් ඉදිරිපත් කිරීමට ගත් එක් උත්සාහයකි මේ. නුවණැත්තෝ නුවණින් දකිනුමැනවි.

2009 වර්ශයේ සමාජයේ ඇතිවූ පෙරලියත් සාමකාමී පරිසරයත් ඉන පසු රාජ්‍ය ප්‍රතිපත්ති දිශානතීනට අනුව රටේ ආර්ථිකය සේවා මත පදනම්ව දියුණු වීමට අඩිතාලම වැටී වර්ධනයේ හිණිපෙත්තටම 2014 වර්ශය වනවිට ලඟාවෙමින් පැපැවතිණි. එය සමාජ දර්ශක (social indicators)  මගින්ද දර්ශනය විය.

මෙහි ප්‍රධාන අංශ 3 ක් දැකියහැකිය
1. ඉදිකිරීම් හා නඩත්තු සේවා
2. සංචාරක කා ආර්ථික සේවා 
3. වෙලඳාම ( trading) 

ඉදිකිරීම් හා ඊට සම්බන්ධ සේවාවන් ඉතා සීග්‍රයෙන් වර්ධනය මෙන්ම ව්‍යාප්තවීමද විවිධ ව්‍යපෘතීන ආරම්භය මෙන්ම ඉදිකිරීම් මගින්ද මනාව පැහැදිලි වේ. මේ අතර තුර සිදුවූ දෙයක් වන්නේ චීන ඉදිකිරීම් සමාගම් හා සේවා සපයන්නන්ගේ ආගමනයයි, එය නොදැනුවත්ව සිදුවුනත් ඉදිකිරීම් ක්ශේත්‍රයේ සෑම ලොකු කුඩා අස්සක් මුල්ලක් නෑරම මුල් දුවා 2014 අග වනවිට දේශීය ව්‍යවසායකත්වය අන්දුං කුන්දුං කරන තත්වයට පත්ව පැවතිනි. ඒ තත්වය හරිහැටි හඳුනා ගැනීමටත් ඊට ප්‍රතිචාර දැක්වීම තිබූ නොහැකියාවත් නිසා සමස්ත දේශීය ඉදිකිරීම් ක්ශේත්‍රයේ නියැලී සිටි සේවකයන් හා ව්‍යවසායකයන් අංශබාගයෙන් (paralyzed ) පෙලීමට කෙමෙන් කෙමෙන් සිදුවිය.
ලෙඩා මැරෙන්න වැටෙන්නේ ඊට පසුව සිද්දවෙන ආණ්ඩු මාරුවත් සමගයි. කිරිදත වගේ එල්ලිලා තිබුණු ඉදිකිරීම් අංශය ගැලවී වැටෙන්නේ කොන්ත්‍රාත්කරුවන් කටමුලටම හිර කරමිනි. තැන තැන නවතින ගොඩ නැගීම් නොමැතිකමින් සේවකයන් එලියට විසිවන්නේ බුරුත පිටිනි. අද තිබුණු කොම්පැනිය හෙට බංකොලොත් බාවයට පත්ව තිබීම සාමාන්‍ය දෛනික සුලබ සිදුවීමකි. 
මේ අතරේ චීන සමාගම් තම බලය පතුරුවන්නෙ ආර්ථික හැකියාව හා තාක්ෂණික හැකියාව යන දෙඅංශයේම ප්‍රවර්ධනයෙනි. පොඩි පොඩි වැඩ වලසිටම ලොකු ලොකු වැඩ අත්පත් කරගනිමින් ගිය ගමනේ ඉතිරි වූයේ අකර්මණ්‍ය වූ දේශීය කොන්ත්‍රාත්කරුවන් හා සේවකයන් පමනි
දැන් නව රජයක් බලයට පත්ව ඇත, මේ කෝවිඩ් 19 සමග සමාජය බරපතළ පෙරළියකට ලක්ව  ඇත, දේශීය මෙන්ම ලෝක ආර්ථිකය උඩුයටිකුරු වී ඇති අවස්ථාවක විනාශ  වූ ඉදිකිරීම් අංශයට වැඩි බලපෑමක් එල්ල නොවන බවක් පෙනෙන්නට තිබේ. 
මගේ හැඟීමේ හැටියට කොවිඩ් 19 සමාජ පරිවර්තනය ඉදිකිරීම් අංශය ට නව ආරම්යක් සඳහා පාර කපා ඇත. 

ඉතිරි කොටස් පසුවට 

Monday, June 22, 2020

අප්පච්චි

කළු ගලක් 
උඩින් රත් උනාට
ඒකෙ යට හරි සීතලයි, 
මහරෑට 
වටේම සීතලවෙන වෙලාවට
ගලයට හොඳ උණුහුමයි. 
මහ මුහුද
කොච්චර ගැඹුරු උනත් 
පාවෙන ඔරුවට ඒකෙ වගක් නෑ. 
සැඩ සුලං මැද සීරුවෙන් 
එගොඩ වෙන්ට හරි දස්සයි.
තිත්තකොල මල් නැති 
කොහොඹ ගහක් 
මල් තිබුණත් 
අරලිය ගහක් එක්ක 
කොහෙ පෑහෙන්නද?
ගඟ පහලට වැටෙන වෙලේ
ගඟේ වතුර අඬාපුදෙන්
මනාලියක වගේ වෙලා 
දිය ඇල්ලක් මතුවීලා
පරිසරයම එකළුවෙලා 
පරිස්සමෙන් වඩාගන්න 
මුළු දෑතම දික්කරලා 
අප්පච්චී ඇත 
මග බලලා 


Monday, June 8, 2020

lady

මේ සමූහයේ පරමාර්ථ හා නොගැලපෙන කාරණයක් වුවත් වැදගත් හා කාලීන පදනම මත පලකරන ලෙස ඉල්ලා සිටිමු.

කාන්තාව පවුලේ මෙන්ම සමාජයේ ද හදවතයි, එබැවින් ඇය හොඳ මානසික සෞඛ්‍යයකින් සිටීම ඉතා වැදගත්වේ. ආතතිය, අතෘප්තිකර අත්දැකීම්, අධික මහන්සිය, රාජකාරි බහුලත්වය ප්‍රධාන කොට ඇති තවත් බොහෝ කාරනා හේතුවෙන් කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය ඉතා ඉක්මනින් බිඳවැටේ.

මෙයින් ඉතා සුවිශේෂී හේතුවක් වන්නේ 
අතෘප්තිකර අත්දැකීම් වේ, එය විවිධ කොටස් ඔස්සේ බෙදා වෙන් වන අතර ප්‍රධාන කොට 
සබඳතා/ විවාහය බිඳවැටීම හා ඉන් පසු ඇතිවන මානසික ව්‍යාකූලභාවය 
සබඳතා/ විවාහයේ අතෘප්තිය 
සබඳතා නොලැබීම හෝ ඉන් අවශ්‍යතා සම්පූර්ණ නොවීම 
දරුවන් නොමැති වීම 
මානව සබඳතා නොගැලපීම (Intimate incompatibility )

මෙතෙක් කතා නොවූ ඔබගේ මේ ගැටළු සඳහා අපෙන් විසඳුම

පූර්ණ රහස්‍යභාවය දෙපාර්ශවයම සුරැකීම 

ඔබට අපි සවන් දෙන්නෙමු 

වැඩි විස්තර සඳහා විමසන්න (inbox) 

Anonymous 

Saturday, June 6, 2020

කාන්තාව ලිංගිකත්වය හා ඌනපූරණය

කාන්තාව ලිංගිකත්වය හා ඌනපූරණය යන උක්ත සටහන ලියන්නට හේතුව වන්නේ අද බුකියේ දුටු දැන්වීමක් ස්වරූපයෙන් පළවූ සටහනකි  (පෝස්ට් )

එහි සංශිප්තය වන්නේ කාන්තාවට ලිංගිකසබඳතාවය නැතිවීම මානසික ආබාධයන්ට හේතුවක් හා එයට උදව් කිරීමට කැමති බවත් අවශ්‍ය නම් දරුවකු හදාගන්න ද උදව් කලහැකි බවකි.

බැලූබැල්මට එහි වැදගත්කමක් නැතත් එය කෙලින්ම එසේත් නැතිනම් අමුවෙන්ම ලියා තිබීම විශේෂයෙන් සඳහන් කලයුතුය. හොලිවුඩ් චිත්‍රපට බලන අපේ ඔස්තාද්ලා ට fuck යන්න චිත්‍රපටයේදී රස කර කර බැලුවත, මෙවැන්නක් දිරවා ගත නොහැකිය. ඒ බව නානාප්‍රකාර දිශානතීනට  එල්ල වූ කොමෙන්ටු මගින් මනාව පිළිඹිබු වීම මගිනුයි. 

මෙහි තවත් විශේෂ කාරනා දෙකක් අඩංගුවිය එනම් 

ඉතා යටහත් පහත් විදිහට පටන්ගත් දැන්වීම ඉතාම මානව දයාවෙන් යුක්තව ඉදිරිපත් කිරීමත් ඒබව ඒත්තුගැන්වීමත්‍ ය.
අනෙක් කාරනය සියළුම කොමෙන්ටු සදහා පිලිතුරු සැපයීමත් ඒ කිසිවකට නොසැලී  ඉතා යටහත් පහත්ව එකඟ වීම (submission ) හෝ නිහඬ ලකුණක් දමා සිටීමයි. ඒ සියළුම පිලිතුරු වලදී සැබෑලෙසම කාන්තා ලිංගික අවශ්‍යතා පිලිබඳව මානව දයාවෙන් යුක්තව කතා කිරීම හා අදහස් දැක්වීමයි.

සෙමෙන් බෝලයක් බස්සා විස්තර ටිකක් කතාකල මට තේරුම් ගියේ ඇත්ත වශයෙන්ම ඔහු මානව දයාවෙන් යුක්තව මේ සද්කාර්‍යයට යොමුවී ඇති බවයි.

මෙය සමාජ ව්‍යසනයකට වඩා ඔබ්බට ගිය කාරණයක් වන්නේ පොත්ත නොගැලවූ සුහුඹුල් වැඩවසම් සමාජතත්වයක් හා මානසික තත්වයකින් හෙබි බහුතරයක් සිටින අපේ රටේ මේ පිලිබඳව සාකච්ඡාවක් වත් නොපැවතීමත්, හා ඒවාට යම් හෝ විවිසදුමක් ලබා දෙන ක්‍රියාකාරී වැඩපිළිවෙළක් තියනවද කියන කාරණා දෙකයි.

මේ තත්වය සමාජයේ පවතින බවට සාක්ශි වන්නේ  කොමෙන්ටු නොදා ඔහුගේ අදහස ගැන කතාකල ප්‍රිරිස සිටීමත් ( මේබව ඔහුගේ පිළිතුරු වල සඳහන් ව තිබුනා) හා  පැය කිහිපයක් ඇතුලත දෙදෙනෙක් ඔහු අමතා තිබීමත්ය.
ඌණපූරණය සම්පූර්ණයි !!!

කෑම

"අම්මෝ මෙන්න මුගේ මහත" 
ඇඳුමෙන් පෙරෙනව 
ටිකදවසකින් සෙට් උන කල්‍යාණ මිත්‍රයින්ගේ හදුනා ගැනීමයි ඒ, 
" වයිෆ් මූට හොඳට කන්න දෙනව මේකත් ඌර වගේ කනව ඇති, මොකෝ කන්න බැරි එක්කෙ ඇ!! " ඒ කතාවද අතිශය සත්‍යවේ. 
"බැඳපු අළුත ඔහොම තමා කෑම! කෑම!! " 
ඇසක් ගහල කිව්ව ඒ කතාවට සිසියල්ලෝම සිනාසුනේ පාපොච්චාරණයක අවසානය සනිටුහන් කරමිනි.
වමාරා කාගත නොහැකි උසුළු විසුළු කම් අතරේ කල්පනා කරේ කෑම ඇරෙන්නට මහත් වීමට බැන්දම වෙන කිසිදු ජීව විද්‍යාත්මක සාදකයක සම්මාදම් වනවාදැයි සැකසංකා මතුවීමෙනි.  
ඒක එසේනම් බැඳල අවුරුදු දහයක් ගියතැන අතිශය කෙසඟ පුද්ගලයකු වෙන්න ඕනෙ , 🙄 එහෙම උනාද නනෙ නෑනෙ !!
ඇත්තම කතාවට බැස්සොත් බැඳල එක වහලක් යටට ආවට පස්සෙ ඔය බැදුම් ජාති , මිටිකිරට හොදි, මිරිස් ඉස්සර කරපු වෑංජන, කීරි සම්බ බත් යහමින් ගිල්ලම මොන යෝදයද අල ගෙඩිය වගේ ආරන්නෙ නැත්තෙ.
ඔහොම නෙවෙයි කොරහෙන් බත් දුන්නත් බොංචි කෝටුව  වගේ ඉන්න උන් එහෙමත් ඉන්නව ඕං !!
කෑම ගෙනියන්න ගෙනා විශාල බත් පෙට්ටිය පුරවා ගෙනියන දහවල් කැමඑක හැමදාම පත්තරේ විස්තරේ අන්තිමට කියන කාටුන් හා විහිළු වලට සමාන ස්වරූපයක් ගත්තේ එහි විශාලත්වය නිසා පමණක් නොව තිබූ අන්තර්ගතයත් හේතුවෙනි.
ආදරය වැඩිකමට වයිෆ් විසින් ප්‍රධානය කල බත් පෙට්ටි දැක අනේ කියා සතුටු කඳුළු හෙළුවේ අම්මා පමණි,
ඔන්න දැං බොල මගෙන් අහන්න එපා ඒ මොකෝ කියල ඒක එහෙම තමා!!!

Tuesday, June 2, 2020

පඩි පෙළ

ඉනිමග දිගේ ඉහල නැගගියාට
ඉනිමග බිම හිටියනේද
පඩිපෙළ මත උඩ ගියාට 
කන්ද දිගට තිබුන නේද 

තැනින් තැනට අත් වාරුව 
උදව්වටත් තිබුන හැමට 
ඔරුපාරුත් මතහිඳගෙන 
ඉඳහිට තිබු තොටුපොළ වල
 නැවති නැවති එතෙරවලා 
ගඟෙන් එපිටැ  ගොඩට වෙලා 
බැලුවා ආපසු හැරිලා 

ගඟ ගලනා නිසොල්මනේ 
ඔරුව මතින් කෙනෙක් පෙනේ 
පඩිපෙළ මත හිදිමින්නේ 
මහපිරිවර පැමිණෙන්නේ 

අත්වැටටත් වාරුවෙමින් 
එකින් එක්ට මාරුවෙමින්
ඉනිමග මත එල්ලෙමින්
සමහර අය හෙමින් ගමන්

වහල උඩදි හිරු එළියත්
කන්ද උඩදි සුදු දසුනත්
ගඟෙන් එතෙර මහපුරයත්
වින්දේ නෑ ගුරුවරුනුත් 


Wednesday, May 27, 2020

හරිම වැස්ස

අද හරිම වැස්ස
වහලෙ හරි සද්ද 
වැසි වැටෙන පැත්ත
බෙරි වෙච්ච බැද්ද
පාන්දර වෙච්ච
ලයිට් නෑ අන්න 
සීතලේ බෑ ඔන්න

අද හරිම වැස්ස
මට නං බෑ යන්න 
ගියෝතින් ඔන්න
තෙමෙයි මං මෙන්න 
එලාම් එක ඉන්න
තවත් නිදි යන්න 
උදව්වක් වෙන්න 

අද හරිම වැස්ස
වැඩක් නැහැ වෙන්න
පැලේ නැගිටින්න
දඟලනව අර අන්න
මටත් බැහැ ඉන්න
ඇහැක් පියා ගන්න
පිනක් කොහි ඇද්ද

අද හරිම වැස්ස 
අඳුරුයි හැම පැත්ත
නොකර පොඩි සද්ද 
උණුසුම්  රෙද්ද 
ලා ඇඳ මැද්ද
ගොරවා හුලං ඇද්ද
හැරුනා අනිත් පැත්ත

අද හරිම වැස්ස






Thursday, May 14, 2020

scroll

Scroll up
Scroll down
අතරේ අතරමං වූ ජීවිත,
ආශ්වාස ප්‍රශ්වාස 
අමතක කර,
උණුහුම සොයා
පොරෝනා පළඳවා 
තුටු සිතින් 
Screen නිවා දමා 
තද නින්දට වැටී
ආශ්වාදය පමණක් 
ඉතිරිවැ 
ජීවිතය  wire කොනෙක 
රැඳි signal  කනුවක්
පමණි අද. 





Wednesday, May 13, 2020

අමාවක

අමාවකට සඳ වගෙයිනෙ
මට පෙනෙන්නෙ නෑ වගෙයිනෙ
හැම තැනකම අඳුරුයිනෙ
ලඟ හිටියත් නැහැ දැනෙන්නෙ

පුරඅටවක එළැඹෙන්නේ 
සඳ ටික ටික හැඩ වෙන්නේ
අදුරු වලා පැමිණෙන්නේ 
වේලහිනින් නිදියන්නේ 

පසලොස්වක සඳ පායාලා
සැමඅඳුරම පහකරලා 
සුදෝසුදින් පාට වෙලා 
මුළු ලෝකෙම එළිය වෙලා 

රෑකුමාරි මල් නෙලන්න 
සඳත් එක්ක ඇවිද යන්න
බැහැනොවැ පෝදා කරන්න 
මුළු කැලේම සිල් අරන්න 

අව අටවක සඳ වැන්නේ 
පල්ලම් බැසගෙන යන්නේ
දවාලටයි පායන්නේ
සඳ නැහැ ගෙපැලට එන්නේ 

චන්ද්‍රමාස කැරකෙන්නේ
දින විසිඅටකුත් වෙන්නේ
ටික ටික කළුවර වෙන්නේ
අමාවකයි එලැඹෙන්නේ

Sunday, April 26, 2020

රාත්‍රිය

එළඹෙන රාත්‍රිය අයිති 
ගෙවූ දිනට වුනාට 
ගෙවෙන රාත්‍රිය අයිති 
එළඹෙන දිනට 

රාත්‍රී දෙකේම 
අඳුර එකලෙස පැවතුනද 
ගෙවෙන රාත්‍රියේ අග 
හිමිදිරියකි 

එළඹෙන රාත්‍රිය 
ලොව අඳුරේ ගිලා 
දැවූ මිහිකත සුවෙන්
සනසාලයි 

රාත්‍රිය අයිති 
කෙදිනටද 




Wednesday, April 22, 2020

වාරණය

කතන්දර කරුවෝ කොතෙකුත් වෙත්, ගැහැණු පිරිමි බේදයකින තොරව උන් කතා ගෙතීමේ රුසියෝවෙති. ස්වභාවික හෝ සමාජ සංසිධීන් අලලා උපමා උපමේය ගලපා අනුමාන ප්‍රත්‍යක්ෂ නුවණින් මේ දේ මේ අයුරින් මෙලෙස සිද්දවන්නාහ! 
මහා ග්‍රන්ථ කාව්‍යකරණයට එතැනින් අත්පොත් තැබිනි. බොහෝ කාරනා හිතේ හටගත් කළු ස්ථම්භ බැව් නොඅනුමානය. 
කාලයෙන් කාලයට ආ කතන්දර වන්නේ, 

පොඩි ලමයා හෙවත්,   අසූව දශකයේ  මුල් භාගයේ සිදුවූ කළු ජූලිය නිසා ජන සමාජයේ  වූ සිත්තැවුල් සහගත බව ඊට පසු ඉපැදුනු පොඩිඋන් ගෙන් නිරූපනය වන බවයි, ඒ උන් ඊට වසර දෙක තුනකට පෙර ඉපැදුනු උන්ට වඩා කුඩාවිමයි, හැබෑමයිනෙ උන් සන්සන්දනාත්මකව පොඩිබව එකට සිටගත් විටිම පසක් වෙයි. 
එතැනින් නොනැවතී ඉදිරියට ගිය විට එළැඹන්නේ කරුවල ජරමර නොතොත්  අනූ ගනන්වල මැද භාගයේ සිදුවූ විදුලි අර්බුදය සිදුවීම යි. කතන්දර කාරයින්ට දැනුනේ ලයිට් හෙවත් ආලෝකය නැතිවීම පමණි, අඳුරේ නම් කුමක් කරම්හයි, යානතම් පොත්තෙන් එළියට ආ කාලයේ වෙන කුමක් උපකල්පනය කරන්නද? තවත් මාස නවයක් ගතවත්ම සිදුවීමට තිබෙන ජන සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනය නුවනැසින් දුටහ.

පිස්සු පීකුදු සමාන  ක්‍රිකට් ලොක කුසලාන කාලයේ සංශේචනය වූ උන් ක්‍රිකට් විශිෂ්ටයෝ වියයුතුබව පිළිගත් වාක්‍ය රචනය වීම කිසිවෙක්ට වැලැක්වීමට නොහැකිවිය.

ඒ උන් ලොකුවූ කල වසංගත රෝගයක් පැමිණ නිවාස අඩස්සියට පත්වූ පසුත්, පරණ කඩදාසියෙන් එපිටට සිද්දිය විවරණය උගහටය, කතා කරුට හෝ පාඨකයාට බුද්ධි ගෝචර නොවූ කාරනා කතා හරයේ කිසිදින නොගෑවෙන ප්‍රතිඵල ලෙස, ඔපරේෂන්  කෝවිඩ් දහනවය නම් නැවත වැඩට යන සියළුම කාන්තාවන් ගර්භණී මාතාවන් වීම නිසා ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවීම මැනවි, 
ඒ අතරේ ස්වභාවික ආපදා ලෙස අලුත් උපත් පාලන සංසිද්ධිත් සිදුවනවා නොඅනුමාය, 
" මගේ උගුර ටිකක් රිදෙනවා !!!" 

දියාරු දිනපොත 

Tuesday, April 21, 2020

පොල්කුරුමිණියා

රට වටේ කරක්ගසා ඇති ඉතා දඩබ්බර ගතිපැවතුම් තිබූ ඉඳහිට කියූ කෙරූ චීන අඩි වැඩකිඩ නිසා සත්‍යපාල ගුරුන්නාන්සේගේ පුත්තරයාට ගමේ උදවිය කීවේ චීනා කියාය, එහෙන් මෙහෙන් යටිමඩි ගසාගත් මුදල් ද පියඋරුමයෙන් ලද ඉඩම්කඩම් හා වටේ ඉඩම් එක්කොට අනර්ඝ පොල් ඉඩමක් වවා ගත්තෙකි.
ඊට එහායි පැවතියේ සේපාලගේ වත්තයි, 80 ගනන් වල මුල ඉතාලියේ ජීවිකාව කර උපයාගත් මුදල් යොදවා රජයේ ඉඩම් කට්ටි සින්නක්කරේටම පවරාගෙන සාරවත් පොල් ඉඩමක් නිර්මාණය කලේ නව තාක්ෂණය ද එකතු කර ගනිමිනි. 
ගමේ පලාතේ තියෙන හොඳම පොල් ඉඩම හිමිකාරිත්වය තිබුනේ මුලාදෑනි ආරච්චිලගේ මීමුණුබරාටයි, රජකාලයේ සිට  පැවත එන ඒ ඉඩම් කට්ටි සාරවත් වගේම ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇත. හයිලන්ඩ් වත්ත කීවම කොයි කා අතරත් ප්‍රසිද්ධ මේ පොල් වත්තට හූනියම් දෙකක් පැවතිනි, පවුලේ පොඩිම කොල්ලා හා  උගේ චඃගෝලයෝ ටික අමුපට්ට හොරු ටිකකි, වත්තේ පොල් ටිකත්, දර ටිකත්, පොහොර මිටි පිටින් හා අනෙක් ජාති කරත්ත මගින් පිටකලේ තමන්ගේම දේවල කිසිදු වටිනාකමක් නැතිවයි. අනෙක වන්නේ වැඩට බින්න බැස ඉන්න නරුමයෝ ටිකයි, මුන් දෙගොල්ලගේ වාසිය වැඩිපුර හිමිවූයේ චීනාට බව ගමේ සියල්ලෝම දන්නා රහසකි, ආරච්චිල මීමුණුබරාත් මේ ගැන නොදන්නවා නොවේ. 
වැඩේ උඩුයටිකුරු වෙන්නේ චීනගෙ වත්තට පොල්කුරුමිණියා බෝවීමත් සමගයි, පොල් කරටියට උඩින් කාදමන මේ කුරුමිණියා බෙහෙත් ගහන්න එන හාදයාටත් දෙන්නේ දිනගනනාවක් රෝහල් ගතකලයුතු ප්‍රහාරයකි. වගාව පාළුවට අමතරව සේවක පිරිසට ලෙඩ වුවත් චීනා වත්ත වසා දමා ගස්ටිකක තලා පෙලා යානතමින් තත්ත්වය පාලනය කරගන්නේ ඉඩමෙන් පොඩි කොටසක් ගිණි තැබීමෙනි. 
සේපාලට ඒ වගේ වගක් නැත, පොල් රා පෙරා ගෙන හොදින් සප්පායම් වී අත දිගහැර වියදම් කර විනෝදයෙන් කාලය ගතකලේ ඔහු පමණක් නොවේ, වැඩ කලඇත්තෝද රා බීමේ රුසියෝය.
වෙඩිකෑ ඌරාමෙන් ආවේසවී පොල්කුරුමිණියා ඊලගට කඩා වදින්නේ සේපාලගේ ඉඩමටයි, ඉඩමෙන් බාගයකට මදක් වැඩියෙන් විනාසකරන පොල්කුරුමිණියා තම අණසක ඒ වත්ත පුරාම විහිදාහැර, හයිලන්ඩ් වත්ත දිහා මාන බලන්න පටන් ගති.
හයිලන්ඩ් වත්තේ පොඩි කොල්ලා පාළුගෙයි වලං බිඳින්නට පටන් ගත්තේ පොල්කුරුමිණියා එන්න කාලයකට පෙරසිටයි, කෝපිකඩේ , තුංමන්හන්දියේ තොරතෝංචියක් නැතිව පොල්කුරුමිණියා ගැනත් උගෙන් ගැලවෙන සැටිත් අනිත් අය වැඩේ පටලවාගෙන ඇති සැටිත් දැනුමෙන් සන්නද්ධව කතා කියන්නට විනි. ඒ මදිවට අවුරුදු උත්සවේ වැඩකටයුතු සංවිධානය වෙමින් පැවතුනේ වත්තේ මැද පොල් ආර මුල් කරගෙනය.
වත්තේ ගස් එකදෙක පාළු වන්නට පටන් ගත්තේ සේපාලගේ වත්තේ සිට පැමිණි පොඩි කොල්ලාගේ ගිරවාගේ කකුලේ එල්ලීසිටි කුරුමිණියකු මාර්ගයෙනි.
ආරච්චිල මීමුනුබුරා පොල් පරියේශන ආයතනයේ උපදෙස් අනුව වත්ත වටේ ගිණි මැලගසා වට කර වගාව බේරා ගැනීමට කටයුතු කලහ.
තැනින් තැන තැළූ මලෙන් බේරන තෙලිජ්ජ ටිකට පෙරේතකමේ පොල් ලෙලිගහන ගොයියන්ගේ රා බීමත්,  පොඩි කොල්ලා ප්‍රමුඛ චඃගෝලයෝ ගේ පොල් වල්ල කරකැවීමේ අවුරුදු ක්‍රීඩා තරග පැවැත්වීමේ සූදානම නිසා, අමුඩ ලේන්සුවක් නැති ආතා යන්තමින් ගැටගසා ගත් වේට්ටිය හන්දිය මැද්දේ කඩාවැටෙන්නට ඔන්න මෙන්න ‍‍‍ය. 

දියාරු දිනපොත 

Monday, April 20, 2020

බොන්සායි

එක වහලක් යටට වෙලා අවුරුදු කීපයක් ගත උනාට පස්සෙ, පාළුව යන්නත් එක්ක දෙන්නම කතා වෙලා ගෙනාව පුංච් අඹ පැලයක්. ගේ ඇතුලෙම තියාගෙන හොඳට පොහොර වතුර කාරිය වෙලාවට දාල ටික ටික ලොකුවෙන්න බලාගෙන හිටිය.
හීං ලපටි දළු තුනක් විතර එනකන් හිතුමනාපයට පැලේ හැදීගෙන ආව. 
මේ වල් අඹ පැලෙන් අළුත් වර්ගයේ පිම්බුනු පැණි අඹ හදා ගන්න ආසාවෙ ඒක ටික ටික බද්ද කරන්න පටන් ගත්තෙ දෙන්නගෙම උපරිම උනන්දුවෙන් හා කැපකිරීම් මධ්‍යයයේය.
බද්ද කිරීම සාර්ථක විමට දීර්ඝ කාලීනව පැලයට සාත්තු කිරම අනිවාර්ය කටයුත්තකි. ඔන්න ඔහොම සාත්තුව අතරේ තව දළු දෙකක් විතර ආවට පස්සෙ පැලේට තියන ආදරේ වැඩිකමට ඉතා උසස් තත්වයේ බොන්සායි ප්‍රාතිහාර්යයකට යොමුකරන්නනේ තව දුරටත් අඹ පැලය අඹම නොවන සුවිශේෂී පැලයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණු පෙරදැරිකරගෙන ය.
තවත් දළු දෙකක් එන්නේ බොන්සායි භාජනයේ ඉඩ මදිබැව් හඟවමිනි, 
තවත් පෝච්චියකට මේ බොන්සායි පැලය මාරුවන අතරේ, පැණි දොඩම් පැලයක් ගෙදරට ගෙනඑන්නේ පැණියෙන් හා පැඟිරෙන් සම්මිශ්‍රණයකින් ගෙයත් අඹත් අපත් උද්දීපනය කර රස අතිරස කිරීමටයි.
දොඩම් පැලය පාවඩ දමා ගෙදරට එනවිටම බද්ද කිරීම්, බොන්සායි තාක්ෂණයද  කැති පොරෝ මන්න පිහි වගේම හැඳි ගෑරප්පුද සමග පිළිගෙන තිබිනි. 
දෙවෙනි දල්ල යාන්තමින් මතුවන විට මේ පැණි දොඩම් නොව වැරදීමකින් ලැබුණු කටු   අකුලක් බඳු ගඩා දෙහි පැලයක් බව ඒත්තු ගියත් පැලයට ඇතිවූ ස්නේහයෙන් වඩාත් තීව්‍රව බොන්සායි ප්‍රවාහයට යොදවන ලදී. 

පැළ දෙකම හරි හරියට වැඩෙන්නේ මුල් කපා, අතු ගැට ගසා පුංචි ලෝකයක වෘක්ෂ රැජිනන් ලෙසිනි.
හදිසියේම රටපුරා භීෂණකාරී කඩඉමක් පසුවූතැන සිට ටික දොහකින් සිදුවන ස්වභාවික ව්‍යසනකාරී තත්වය නිසා පැල නඩත්තුව අතහැරී පැල දෙකම නිදහසේ එළිමහනේ දළුලන්න ඉඩප්‍රස්ථාව සැලසිණි. ස්වභාවධර්මයේ ප්‍රාතිහාර්යයක් පෙන්වමින් ඉතා ටික දිනකින් පෝච්චිය පුපුරවමින් මුල් පොළොවට කිඳා බසින්නේ පැළ දෙකේ ලාක්ෂණික ගුණ විදහා දක්වමිනි, 
අඹ පැලය මී අඹ වගත්, ගඩා දෙහි ඖෂධීය බවෙන් හෙබි බවත් පෙන්වමින් පැල දෙක උත්තුංග විලාසයෙන් බැබලෙන්න පටන් ගති, බොන්සායි වැඩෙන් ලැබෙන පැණි රස මක්කටෙයි. 

Saturday, April 18, 2020

මුට්ටිය

හැමදාම හැන්දෑවට සේතං අයියා කුඹුරෙන් ගොඩට එන්නේ ගම්මන්ඩියෙන් එපිට කඩපිලට යන  අටියෙනි. පෙනෙන නොපෙනෙන අඳුර සමග කරත්ත පාර දිගේ ගෙයි දෙසට යලි  යන්නේ මහානුභාව සම්පන්න පානයෙන් ඔදවැඩී ගිය තේජසිනි.
කිසිවකුට හානියක් කරදයක් නොවූ ඒ වික්‍රමය ගමේ කිහිපපොලක් කලද ඉන් පොඩි පොඩි අඩම්තේට්ටම් නොතිබුණාම නොවේ.
කෙණ්ඩිය පෙරළෙන්නේ සොහොන් බිය පැතිරීමත් සමගම මුලාදෑනි උත්තමයා තැබෑරුම් අගුළු දැමීමත් සමගම ඇතිකල සොහොන් බියට වඩා භයානක පානඅනියත නම් මරබිය සේතං අයියණ්ඩි ප්‍රමුඛ ගොම්මන් ඇවිදින්නන්ට බෝවීම නිසා නොවේ, ඉඳහිට නොමිලයේ සප්පායම් වී පොල්ගස් උගුල්ලන කැණහිළුන් සිදුකල මුලාදෑනි තුමාගෙ ගුණකඳ වැයීමත් සමගයි.  
ටික දොහක් යන තෙක් සේතංලා හවසට හවසට තම තම අවැසි කම් හීං නූලෙන් සපයාගත්හ. 
කැණහිළුලෝ ඉවසන් සිටියත් සීමාන්තික උවදුරෙන් කල අනෙක් හදි නිසා මොලේ තෝන්තු වීමෙන් නින්ද නොයාමවැනි අකල් ලෙඩ සමුදායක් හටගත් බැවින් උතුමා   ගුණමකුවකු වී ඕහට උඩුබුරලෑමට පටන් ගති. 
සප්පායමට හැම ගුබ්බෑයමටම රිංගූ උන් හොර බෙහෙත් තිප්පොලවල් බදුඅරගෙන සිටින්නේ මහා උවදුරක සේයාවන් සටහන් කරමිනි. කීවත් වාගේ 
රාළහාමි වදුලතුලට පනින්නේ, 
උන් හිටිඋන් බොටුවෙන්නේ,
අල්ලාගෙන කුදලන්නේ, 
බූලි පනිට්ටුව පෙරලෙන්නේ, 
ඇහැකි එකා විගහින්නේ,
 මහ වැස්සෙම පැනගන්නේ,
ගම්මැද්දේ දුවන්නේ, 
මිදුල් වලින් පනින්නේ,
හැමෝටමත් පෙනෙන්නේ,
මෝඩ කමයි කැනහිළුනේ.

බාගවෙලාවට මේක අමෘත පානය ගම්මානයෙන්ම සහමුලින්ම තුරන්ව යන සලකුණු පෙන්නුම් කරනවග ගම්මුන් අතර කතා වුනේ සෞදියපුරන උන්ගේ හවක් හූවක් නැතිවූ බැවිනි, 
එහෙත් උත්තේජනය වෙනත් පසකට සංක්‍රමණය වී තිබුනේ රා මුට්ටිය ට සිදුවූ වින්නැහිය නිසාවෙනි, තෙලිජ්ජ පොඩ්ඩ, හැකුරු  කෑල්ලක් හදාගන්න පිහිට වූ මල් පැණි කිතුලේ තැළූමල රන් දිය බිමට හෙලන්නේ සිත වාවා ගත නොහැකි වන පරිදි වීම මෙහි කේදවාචකයයි. 
රා බීම උඩුදිවීමනිසා රාලහාමි ගමේ රා මුට්ටි ඔක්කොම එක්කාසු කරගෙන ගෙහුන් වලදැම්මේ කිතුලටම දෙස් දෙවොල් තබමිනි. 

Friday, April 17, 2020

මඩගොහොරු

පරිසරයත්   මඩගොහොරු  සමාජය හා ව්‍යසනකාරී වාතාවරණයත් විසින් බලෙන්ම හුදකලා එක්ටැම් ප්‍රදීපාගාරයේ හිර කරන ලදුව දැනට මසක් ගතව ඇත.
තත්වය සමතයකට පත්වන දිනයක් පෙනෙන මානයක නොමැති තරම්, මෙතැනින් මිදී යන්නට ලද පළමු ඇසිල්ලේ පසුගිය මස ගැන නිදිවර්ජිතව ආවර්ජයක යෙදීසිටිමි.
එක්තැනට වී සමාජයෙන් ඈත්ව කිසිවක් නොකර සිටීමට අනිවාර්යය නිවාඩු යැවූ ඒ සිද්ධාන්තය,  දින දෙක තුනක් ගතවෙද්දීම විවේකය අභිබවමින් කටුකබව නිස්සාරණය වී ගත සිත ඉරියව්, හැඟීම් දැනීම් පසාරු කරමින් නෙරා එන්නට විය. 
එක්ටැම් ගෙයි උන් මී පැටව් දෙපළ සමග ඔට්ටු වීම හා ගෙයි බඩු රැකීම හැර වෙන වැදගත් යැයි හැඟෙන කිසිදු රාජකාරියක් මව්විසින් නොකල බව ප්‍රත්‍යක්ෂ සත්‍යයක්. 
අද දිනයට  පමණක් සීමාවූ ජීවිතය අත්දිටිමින් මසක කල් ගෙවා දැමුවෙව් අතීතය මිහිදන් කර අනාගතයේ මුල් උගුල්වාදමමිනි. 
රාත්‍රී කාලයේ පහන් දල්වා මහ සයුරේ නැව් තරනයට උත්සාහ කෙලෙම් ඒ සියල්ල ව්‍යර්ථ වී හියේ මුහුදේ රැලි ගල්පරයේ වැදෙමින් බිඳී විසිරී යන්නාක් මෙනි, ගල්පරය එසේම විනි, යාන්තමින් දොහක් දෙකක නැවක් අල්ලා ඊට රැස් විහිදන්නට හැකිවීම නැව මෙන්ම මාද එකසේ එකවිට සතුටට පැමිණි අතිශය පෞද්ගලික තෘතිකර අවස්ථාවක් මේ මස තුල ලැබීම ජීවිතය ජීවත් කිරීමට ලැබූ බලාපොරොත්තුවේ මලඵල ගැනීමකි.
පාවී පාවී ගිය කොල්ලෑව නැති තෙප්පමක් ගොඩ ගැසූ අදදින අපතේ නොයවා, දූපතට බට මට පරණ මඩ ගොඩ නැවත ඉස හාන්නට ඇති බැව් දුටුවිට හුදකලාවෙන් මන් මත්ව එක්ටැම් ගෙට වන්නට නැවත යන්නට හිතුනා මෙමට. 

දියාරු දිනපොත 

Friday, February 14, 2020

වැලන්ටයින්

ඉදුල් ගෑවුණු 
හොදින් පොඩිකල 
කුණු බක්කියේ 
තිබූ කොලේ ඇත
පහුරු ගෑ පෑන් ඉරි

වැලන්ටයින් දිනයක
ආදරය ගැන නොලියා
තමන් නොව අනුන ගැන
කිසිවක් නොලියා 

මිරිකා දමුනු අතීතයේ
වර්තමාන රොඩු පිඩ
අනාගතය සදහා
තැම්පත්කළා 
මේසෙ ලග 
කුණු කූඩයක

Monday, January 20, 2020

පොඩි

පොඩි කාලෙ 
ඉක්මනට ලොකු වෙන්න
අපිට තිබුණු උවමනාව
ලොකු බත් කට 
වැඩිපුර කවල 
ලොකු කරන්න 
අම්මට තිබුණු උවමනාව 
තැන තැන ඇති 
දැනුම ගොඩක් කියාදීල 
ලොකු තැනකට අරන්යන්න 
තාත්තාගේ උවමනාව 

ලොකු උනාම 
මේ තියනා කරදරෙයෙන්
ගැලවිලා ලිස්සලා යන්න
පොඩි පොඩි බත් කටවල් 
අම්මගෙන් කවා ගන්න 
සීතලට ඇඹරෙමින් 
තාත්තගේ උණුසුමේ 
සරමට බැස නිදාගන්න
ආයෙත් සැරයක් 
ඉක්මනට පොඩි වෙන්න 



Friday, January 17, 2020

team

Individually everyone is extremely talented and competent in performing most of the tasks.

When it comes to a group of people the dynamics change since the external factors come in to place between different individuals. Mostly this is the case in general day to day personnel as well as official activities.

Whether we like it or not, we are always a part of a group either family, friends, colleagues, officials l, animals... the list expands; unless someone chooses to live in a jungle far from human connection.

The first occurrence of existence is the interaction with other individuals or groups of individuals during the cause of living, where this could be actions of basic livelihood or performing a particular task.

now the idea of team and teamwork is very popular and used as a model as well as a tool in both management and execution. success or failure rather the effectiveness of the team model has different ideologies; based on each person's aspirations and the attitude the model could work.

here the problem is not mainly about the result but the process of creating the desired result which is the basic concept of team, where most of the time the basis or the starting point of the team is the group, inherently the team sprit in a group does not exist due to difference in the personnel behavior and the expectations.

in the general steps for team building, the requirement of a leader is a natural cause which leads the team to a disastrous end.  next pre-defined tasks of the team members, this is basically the same concept of the group, there is nothing new. unless otherwise, the leader leads the team rather the group doesn't move towards the desired direction.



In an effective team, its essential a common interest-driven goal for the team is created where the personnel interests and or competencies lead towards the common goal or is a partial goal that is an essential step of the action on achieving group goal, in a group the individual's part plays a vital role in completion of the total activity scope which is enabled by the segregated partial personnel goals of the individual member of the group.

what clearly distinguishes a team from the group is the activities that involve more than one individual is required to perform simultaneously, where the collective effort will result in a positive gain. there only the concept of a common goal is ineffective, there two more concepts shall come into place

unlike in a group where the task and the actions of a member is predefined and instructed, here the predefined activity shall be with a tolerance where the member is flexible to alter the task to suit the situation or the requirement but maintaining the core values unaffected.

next is empowerment a dynamic team member capability or flexible work freedom is useless unless otherwise the responsibility, accountability, and authority is given to the individual level as well as a small cluster of the team that has a positive output or a gain in the process.

this is no easy task, creating groups and assigning members for the predefined tasks is rather easy activity than defining a team to perform better there a rigid group is misunderstood and implemented as a team