පොඩිඑකාගෙ චිත්‍රය වගේ කියමනට කිව්වත් මේක එසේ මෙසේ එකක් නොවෙන්නේ සියුම් විස්තර එකිනෙකට ගලපා ඇඳ තිබීමයි.
ඉඳ හිට බොන hot chocolate බීම චිත්‍රයේ ලොකුවට වක්කර තිබුනත් ජීවිතයටවත් එය උන්දෑවිසින් රස්නෙන් නොබී තිබීම හරිම විනෝදජනක් අත්දැකීමකි හරියට එළුවා රැවුල කපන්න ගියා වගේය.
ගෙදර මූලාසනය උදේ 6 යේ සිට ඔපීසියට ගාල්කර නැවත ගෙට වද්දාගන්නේ හවස හයෙන් පසුවයි.
ලමාතැනී වළඳෙන් උපමාකර දක්වන්නේ විමසිලිමත් කෝනයකිනි. වලං සේදීම එතරම් විනෝදජනක කර්තව්‍යයක් නොවනවග මනාවට ඕ අඳුනාගත්තත් ලමාතැනී ඒවගක් තඹයකට මායිම් නොකරන්නීය.
කතාවේ උත්කෘෂ්ඨ අවස්ථාව එළඹෙන්නේ අතිජාත මිත්‍රයාගේ ආගමනයත් සමගම ඕතෙමේ ගේ ආරාධනයයි. ඉන් මුසපත් වන්නෝ පොඩිඑකා ඇගේ බාල සහෝදරී හා ලමාතැනී වන්නාහ.
ලිවීමද, ඇඳීමද කෙසේවෙතත් කතාව නියම කැඩපතෙකි.
කෙටි කතාව මගින් නිමයි. !!!!
No comments:
Post a Comment