හීං ලපටි දළු තුනක් විතර එනකන් හිතුමනාපයට පැලේ හැදීගෙන ආව.
මේ වල් අඹ පැලෙන් අළුත් වර්ගයේ පිම්බුනු පැණි අඹ හදා ගන්න ආසාවෙ ඒක ටික ටික බද්ද කරන්න පටන් ගත්තෙ දෙන්නගෙම උපරිම උනන්දුවෙන් හා කැපකිරීම් මධ්‍යයයේය.
බද්ද කිරීම සාර්ථක විමට දීර්ඝ කාලීනව පැලයට සාත්තු කිරම අනිවාර්ය කටයුත්තකි. ඔන්න ඔහොම සාත්තුව අතරේ තව දළු දෙකක් විතර ආවට පස්සෙ පැලේට තියන ආදරේ වැඩිකමට ඉතා උසස් තත්වයේ බොන්සායි ප්‍රාතිහාර්යයකට යොමුකරන්නනේ තව දුරටත් අඹ පැලය අඹම නොවන සුවිශේෂී පැලයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණු පෙරදැරිකරගෙන ය.
තවත් දළු දෙකක් එන්නේ බොන්සායි භාජනයේ ඉඩ මදිබැව් හඟවමිනි,
තවත් පෝච්චියකට මේ බොන්සායි පැලය මාරුවන අතරේ, පැණි දොඩම් පැලයක් ගෙදරට ගෙනඑන්නේ පැණියෙන් හා පැඟිරෙන් සම්මිශ්‍රණයකින් ගෙයත් අඹත් අපත් උද්දීපනය කර රස අතිරස කිරීමටයි.
දොඩම් පැලය පාවඩ දමා ගෙදරට එනවිටම බද්ද කිරීම්, බොන්සායි තාක්ෂණයද කැති පොරෝ මන්න පිහි වගේම හැඳි ගෑරප්පුද සමග පිළිගෙන තිබිනි.
දෙවෙනි දල්ල යාන්තමින් මතුවන විට මේ පැණි දොඩම් නොව වැරදීමකින් ලැබුණු කටු අකුලක් බඳු ගඩා දෙහි පැලයක් බව ඒත්තු ගියත් පැලයට ඇතිවූ ස්නේහයෙන් වඩාත් තීව්‍රව බොන්සායි ප්‍රවාහයට යොදවන ලදී.
පැළ දෙකම හරි හරියට වැඩෙන්නේ මුල් කපා, අතු ගැට ගසා පුංචි ලෝකයක වෘක්ෂ රැජිනන් ලෙසිනි.
හදිසියේම රටපුරා භීෂණකාරී කඩඉමක් පසුවූතැන සිට ටික දොහකින් සිදුවන ස්වභාවික ව්‍යසනකාරී තත්වය නිසා පැල නඩත්තුව අතහැරී පැල දෙකම නිදහසේ එළිමහනේ දළුලන්න ඉඩප්‍රස්ථාව සැලසිණි. ස්වභාවධර්මයේ ප්‍රාතිහාර්යයක් පෙන්වමින් ඉතා ටික දිනකින් පෝච්චිය පුපුරවමින් මුල් පොළොවට කිඳා බසින්නේ පැළ දෙකේ ලාක්ෂණික ගුණ විදහා දක්වමිනි,
අඹ පැලය මී අඹ වගත්, ගඩා දෙහි ඖෂධීය බවෙන් හෙබි බවත් පෙන්වමින් පැල දෙක උත්තුංග විලාසයෙන් බැබලෙන්න පටන් ගති, බොන්සායි වැඩෙන් ලැබෙන පැණි රස මක්කටෙයි.
No comments:
Post a Comment