අද තියෙන්නෙ සංචාරක හා බැංකු යන සේවා ක්ශේත්‍රයේ මගේ විග්‍රහය ඉදිරිපත් කරන්නයි.
කලින් සඳහන් කලා වගේම 2009 න් පසුව සේවා ක්ශේත්‍රයේ ඉතා සීග්‍ර දියුණුවක් සිදුවෙනව, දේශිය වෙළඳපොලේ මුදල් සංසරණය නිසා ආර්ථික දියුණුවක් හා සමාජය ඒ වටා එක්වීමත් ඒ මත රඳාපැවතීමත් පසුගිය වකවානුවේ වූ විවිශේෂත්වයකි.
හෝටල්, කෑම කඩ, බැංකු හා ලීසිං ආයතන, අනෙක් සේවා ස්ථාන මේ අංශයේ ප්‍රධාන කොකොටස්කරුවෝ වෙත්. හේතුව මේවා එකිනෙකට සම්බන්ධ බැවිනි,
බැංකු පොඩි වෙනසක් වන්නේ 2014 න් පසුව සිදුවන මූල්‍ය පසුබෑම හා ඉදිකිරීම් ක්ශේත්‍රයේ සිදුවූ පසුබෑම් නිසා බැංකු මගින් අයෝජනය හා ණය සීමා කිරීම නිසා තවදුරටත් මූල්‍ය අර්බුදය තීව්‍රර කරන්න මූලික දායකත්වයක් දක්වන ලදී.
බැංකු තුල මුදල් ගොඩ ගැසුණු අතර වෙළඳපොලේ මුදල් හිඟවීම ටිකටික ආරම්භ විය. එය සෑම අංශයකටම බලපෑම් කලද එතරම් සමාජ ආර්ථිකය ට දැනුනාද යන්න ගැටළුවක් විය, ඒ අනෙක් ක්ශේත්‍ර වලින් තිබුණු තල්ලුවක් වෙන්නෙ පුළුවන්, කොහොමටත් මේ වෙන විට බැංකු සල්ලි ගොඩගැහිල කරගන්න දෙයක් නැතුව හිරවෙලා හිටියෙ මොකද සල්ලි එලියට දුන්නොත් තමයි ඒ අයට ආදායම් උපයන්න පුළුවන්, CCOVID 19 නිසා බැංකු නන්නත්තාර වන්නේ ගත්ත සොච්චමත් මිනිස්සු නොගෙවා ඉදීමත් වෙළඳපොලේ මුදල් අවශ්‍යතා අඩුවීම නිසයි.
අනෙක් මූල්‍ය අංශයේ තත්ත්වය මීට දෙවෙනි නොවේ!
සංචාරක ක්ශේත්‍රයේ ප්‍රබෝධය 2009 න් පසුව රටේ අස්සක් මුල්ලක් නෑර දක්නට ලැබිණි. 2014 න් පසුව එය තවත් තීව්‍රර විය,
2019 Easter attack සංචාරක ක්ශේත්‍රයේ මරුපහර එල්ල වූ තැන විය බිස්මාක් යුධ නැවට එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරය මෙන් සංචාරක කර්මාන්තය එක තැන කරකැවීමට ඒ සිද්දියට හැකිවිණි.
එහෙත් ඉතා ඉක්මනින් නැවත සංචාරක ක්ශේත්‍රයට ඔලුව උස්සන්න පුළුවන් උනත් සිදුවූ පාඩුව ගොඩදාගන්න තව අවුරුදු 2ක් යන සේයාවන් පිළිඹිබු විය, 2020 පෙබරවාරි සිට මෙරටට සැපත් වූ COVID 19 නැව ගිල්ලා දාන අවසාන ප්‍රහාරය දියත් විය, සංචාරක හා ඒ සම්බන්ධ සියළුම අංශ අකර්මණ්‍ය කල මේ තත්ත්වය අවසන් වන දිනයක් මේ මෑත අනාගතයේ පෙනෙන්නට නැත,
සමාජ ආර්ථිකය යාන්තමින් එල්ලිලා තියෙන්න තිබූ සේවා අංශය දැන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත, 2019 සිදුවීම නිසා වූ කඩාවැටීම නැවත හරිගස්සන්න කල් වෙලා නොලැබීම නිසා COVID 19 නිසා සමාජ ආර්ථිකය නැවතීම සිදුවිය.
දේශීය සංචාරකයන් හා දේශීය සේවා මගින් පොඩි කාලයක් අල්ලගෙන යන්න පුළුවන් වුවත් වැඩිකල් යන්න ඒක පිටිවහලක් නොවේ.
ඒ ප්‍රතිඵලයක් විදිහට සේවා ක්ශේත්‍රයේ දැනට එළියට වැටුණු සේවකයිනට අමතරව ආයතනද කඩාවැටී වසා දැමීම සුලබ සංසිද්ධියක් බවට හෙට අනිද්දා සිට පත්වනු නොඅනුමාය.
ඒකට අපි හැමෝටම ලෑස්ති වෙන්න වෙනව, හේතුව මේ සමාජ ආර්ථිකය හැම ක්ශේත්‍රයක්ම සම්බන්ධ නිසා.
No comments:
Post a Comment