Thursday, August 27, 2020

සමාජ ආර්ථිකය කොයිබටද

ආර්ථික විද්‍යා හෝ සමාජ විද්‍යා පිලිබඳව විශේෂඤ්ඤ දැනුමක් හෝ පරිපූර්ණ දත්තයන් මත පදනම් නොවූ මේ විග්‍රහය තවත එක් පල් හෑල්ලක් වීමට ඉඩඇතත්, පුරවැසියෙක් විදිහට මට පෙනෙන අයුරින් අදහස් ඉදිරිපත් කිරීමට ගත් එක් උත්සාහයකි මේ. නුවණැත්තෝ නුවණින් දකිනුමැනවි.

2009 වර්ශයේ සමාජයේ ඇතිවූ පෙරලියත් සාමකාමී පරිසරයත් ඉන පසු රාජ්‍ය ප්‍රතිපත්ති දිශානතීනට අනුව රටේ ආර්ථිකය සේවා මත පදනම්ව දියුණු වීමට අඩිතාලම වැටී වර්ධනයේ හිණිපෙත්තටම 2014 වර්ශය වනවිට ලඟාවෙමින් පැපැවතිණි. එය සමාජ දර්ශක (social indicators)  මගින්ද දර්ශනය විය.

මෙහි ප්‍රධාන අංශ 3 ක් දැකියහැකිය
1. ඉදිකිරීම් හා නඩත්තු සේවා
2. සංචාරක කා ආර්ථික සේවා 
3. වෙලඳාම ( trading) 

ඉදිකිරීම් හා ඊට සම්බන්ධ සේවාවන් ඉතා සීග්‍රයෙන් වර්ධනය මෙන්ම ව්‍යාප්තවීමද විවිධ ව්‍යපෘතීන ආරම්භය මෙන්ම ඉදිකිරීම් මගින්ද මනාව පැහැදිලි වේ. මේ අතර තුර සිදුවූ දෙයක් වන්නේ චීන ඉදිකිරීම් සමාගම් හා සේවා සපයන්නන්ගේ ආගමනයයි, එය නොදැනුවත්ව සිදුවුනත් ඉදිකිරීම් ක්ශේත්‍රයේ සෑම ලොකු කුඩා අස්සක් මුල්ලක් නෑරම මුල් දුවා 2014 අග වනවිට දේශීය ව්‍යවසායකත්වය අන්දුං කුන්දුං කරන තත්වයට පත්ව පැවතිනි. ඒ තත්වය හරිහැටි හඳුනා ගැනීමටත් ඊට ප්‍රතිචාර දැක්වීම තිබූ නොහැකියාවත් නිසා සමස්ත දේශීය ඉදිකිරීම් ක්ශේත්‍රයේ නියැලී සිටි සේවකයන් හා ව්‍යවසායකයන් අංශබාගයෙන් (paralyzed ) පෙලීමට කෙමෙන් කෙමෙන් සිදුවිය.
ලෙඩා මැරෙන්න වැටෙන්නේ ඊට පසුව සිද්දවෙන ආණ්ඩු මාරුවත් සමගයි. කිරිදත වගේ එල්ලිලා තිබුණු ඉදිකිරීම් අංශය ගැලවී වැටෙන්නේ කොන්ත්‍රාත්කරුවන් කටමුලටම හිර කරමිනි. තැන තැන නවතින ගොඩ නැගීම් නොමැතිකමින් සේවකයන් එලියට විසිවන්නේ බුරුත පිටිනි. අද තිබුණු කොම්පැනිය හෙට බංකොලොත් බාවයට පත්ව තිබීම සාමාන්‍ය දෛනික සුලබ සිදුවීමකි. 
මේ අතරේ චීන සමාගම් තම බලය පතුරුවන්නෙ ආර්ථික හැකියාව හා තාක්ෂණික හැකියාව යන දෙඅංශයේම ප්‍රවර්ධනයෙනි. පොඩි පොඩි වැඩ වලසිටම ලොකු ලොකු වැඩ අත්පත් කරගනිමින් ගිය ගමනේ ඉතිරි වූයේ අකර්මණ්‍ය වූ දේශීය කොන්ත්‍රාත්කරුවන් හා සේවකයන් පමනි
දැන් නව රජයක් බලයට පත්ව ඇත, මේ කෝවිඩ් 19 සමග සමාජය බරපතළ පෙරළියකට ලක්ව  ඇත, දේශීය මෙන්ම ලෝක ආර්ථිකය උඩුයටිකුරු වී ඇති අවස්ථාවක විනාශ  වූ ඉදිකිරීම් අංශයට වැඩි බලපෑමක් එල්ල නොවන බවක් පෙනෙන්නට තිබේ. 
මගේ හැඟීමේ හැටියට කොවිඩ් 19 සමාජ පරිවර්තනය ඉදිකිරීම් අංශය ට නව ආරම්යක් සඳහා පාර කපා ඇත. 

ඉතිරි කොටස් පසුවට 

No comments:

Post a Comment