උඩින් රත් උනාට
ඒකෙ යට හරි සීතලයි,
මහරෑට
වටේම සීතලවෙන වෙලාවට
ගලයට හොඳ උණුහුමයි.
මහ මුහුද
කොච්චර ගැඹුරු උනත්
පාවෙන ඔරුවට ඒකෙ වගක් නෑ.
සැඩ සුලං මැද සීරුවෙන්
එගොඩ වෙන්ට හරි දස්සයි.
තිත්තකොල මල් නැති
කොහොඹ ගහක්
මල් තිබුණත්
අරලිය ගහක් එක්ක
කොහෙ පෑහෙන්නද?
ගඟ පහලට වැටෙන වෙලේ
ගඟේ වතුර අඬාපුදෙන්
මනාලියක වගේ වෙලා
දිය ඇල්ලක් මතුවීලා
පරිසරයම එකළුවෙලා
පරිස්සමෙන් වඩාගන්න
මුළු දෑතම දික්කරලා
අප්පච්චී ඇත
මග බලලා
No comments:
Post a Comment